
අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගය පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාව විය. මේ සඳහා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගත් අතර අවසානයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 117 දෙනෙක් අත්සන් තබා තිබිණ. මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ මාතෘකාවට මෙහිදී මූලික අවධානය යොමු විය. එය ඉදිරිපත් කෙරුණු පසු මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමැතිවරයා එහි නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දැනුවත් කළේය.ඉන් අනතුරුව දෝෂාභියෝගයට පක්ෂව මැති ඇමැතිවරු අදහස් දැක්වීමෙන් අනතුරුව ඇමැති වාසුදේව නානායක්කාර මහතා තමන්ගේ අදහස ඉදිරිපත් කළේය.








