Chitika Smowtion 468x60


Saturday, May 5, 2012

ජෙනරාල්ට ආරක්ෂාව දෙන්න බෑ: බන්ධනාගාර කොමසාරිස් කියයි

නවලෝක රොහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහාතාට ආරක්ෂාව ලබාදිය නොහැකි යැයි බන්ධනාගාර කොමසාරිස් අශෝක හපුආරච්චි මහතා ඊයේ (04) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ට දැන්වීය.

යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් 10 දෙනෙකුට නවතැන් හා වැටුප් ලබා දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීම යන චෝදනාව යටතේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු වන සේනක ද සිල්වා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී බන්ධනාගාර කොමසාරිස්වරයා මේ බව දැන්වීය

ජාතික ඉතිරිකිරීමේ බැංකු-'දෆිනෑන්ස්' හොර ගනුදෙනුවෙන් එළියට පැන්න රාජපක්ෂ-කබ්රාල් හොර නඩයේ කෙරුවාව මෙන්න


දිගින් දිගටම එල්ල වන ජනතා චෝදනා හමුවේ අගවිනිසුරු සැමියා හා මහ බැංකු අධිපති සුසංයෝගයෙන් සිදු කළ කොළඹ කොටස් වෙළෙඳ පොලේ නීත්‍යාණුකූල වෙසින් සිදුවූ හොර ගණු-දෙනුවක් අවලංගු කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ආණ්ඩුවේ ටෙලිකොම් සභාපති හා මුදල් මණ්ඩල සාමාජික නිමල් වෙල්ගම ට අයත් උපාලි පුවත් පත් සමාගම විසින් පළ කරන ද අයිලන්ඩ් පුවත් පත අද වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ශ්‍රියානි බණ්ඩාරණායකගේ සැමියා වූ ජාතික ඉතිරිකිරිමේ බැංකු සභාපති ප්‍රසාද් කාරියවසම්ගේ සෘජු මැදිහත්වීමෙන් 'ද ෆිනෑන්ස්' සමාගමේ කොටස් වැඩි මිලකට තෝරාගත් කොටස් වෙළෙඳ පොළ ජාවාරම්කාර පාර්ශවයන්ගෙන් මිලදී ගනිමින් සිදු කළ මේ අත යට හොර ගණු-දෙනුව පිළිබඳව මුල් වරට 'ලංකා ඊ නිවුස්' මගින් හෙළි කිරිමත් සමගම එය රට තුල ඉමහත් කැළඹීමකට පත් වු කරුණක් වූ අතර ඒ අනුව ආණ්ඩුවට පක්ෂ විපක්ෂ බලවේග හා ජනමාධ්‍ය එයට එරෙහිව දැවැන්ත හ`ඩක් නැගූහ.

මෙම විරෝධතා හමුවේ ජාතික ඉතිරිකිරිමේ බැංකුව විසින් අදාල හොර ගණු-දෙනුවට අදාල මුදල් ගෙවීම මේ දක්වා සිදු ව නැති අතර (කොටස් වෙළෙඳ පොළ නීති රීති අනුව අදාල ගණු-දෙනුව සිදු වු දිනට පසු වෙළෙඳ පොළ විවෘතව ඇති දින 03 ක් ඇතුළත අදාල පියවීම් කළ යුතු වේ) ඒ අනුව අදාල ගණු-දෙනුව මුදල් නොගෙවීම් මත ඉබේටම අවලංගු වී යාමට කටයුතු යෙදීමට ජාතික ඉතිරිකිරිමේ බැංකුව විසින් කටයුතු කර ඇතැයි තැරුව්කාර ආයතන ආරංචි මාර්ග පවසයි. ඉබේම අවලංගු වන ගනුදෙනුවක් අවලංගු කරන්නැයි විශේෂයෙන් ජනාධිපති කීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.

ජිනීවා දෙවැනි වටය - සුනන්ද දේශපි‍්‍රය


ශ‍්‍රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ ජනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි සාකච්ජා කෙරෙන ‘යුනිවර්සල් පීරිඔඩික් රිවිව්’ ( යූපීආර්) යන ඉංග‍්‍රිසි යෙදුමින් කියැවෙන ‘සමස්ත ආවර්ත විවරණ’ දෙවන වටයේ සැසිවාරය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් පළවැනිදාය. එනමුත් එම සැසිවාරයේ දී සළකා බැලිය යුතු යැයි යෝජනා කැරෙන රාජ්‍ය නොවන සංවිධාන වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය පසුගිය අප්‍රෙල් 23දායින් අවසන් විය. මෙම සැසිවාරය සඳහා ලැබෙන්නේ එක් වරුවක් පමණකි.
ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන රුසක් මෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන රුසක් ද ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා ගණනාවක් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබේ. ශ‍්‍රී ලංකාන්ඩුව ද සිය වාර්තාව ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත.
පොරොන්දු වාෂ්ප කිරීම

ඇමති නිමල්ට එරෙහිව ක්ෂේණුකා ජනපතිට ගතු කියයි


විදේශ කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් ක්ෂේණුකා සෙනවිරත්න මහත්මිය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ජනාධිපතිවරයා ඉදිරියේ කරුණු රාශියක් හෙළිදරව් කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. පසුගිය සතියේ මිය ගිය ගුවන් හමුදාපතිවරයාගේ පියාණන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා පැමිණ සිටින අවස්ථාවේදී ක්ෂේණුකා මහත්මිය එම තොරතුරු පවසා ඇත.


ජනාධිපතිවරයා ගුවන් හමුදාපතිවරයාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දක්වා ඒ අසල අසුන්ගෙන පවුලේ ඥාතීන් සමඟ සුහද කතාබහකයෙදී තිබේ. මොහොතකින් හමුදා ප්‍රධානීන් කිහිපදෙනකුද ජනාධිපතිවරයා අසල අසුන් ගෙන සුහද කතාබහකයෙදී ඇත. එම අවස්ථාවේ ඒ අසලට කිහිපවරක් පැමිණ ඇති ක්ෂේණුකා මහත්මිය ජනාධිපතිවරයාට පෙනෙන සේ ඒ අසල සක්මන් කරමින් සිට ඇත. එහෙත් ජනාධිපතිවරයා ඇයව නුදුටුවාසේ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡාවේ යෙදී ඇත. තව මොහොතක් ජනාධිපතිවරයාට පෙනෙන සේ ඒ අසලටම ඇය පැමිණි නමුත් ජනාධිපතිවරයා එවරද ඇයව මායිම් කොට නැත. ඇය කුමක් හෝ කීමට දඟලන ආකාරය අවට පිරිස් වලටද නිරීක්ෂණ වී ඇත.

කැබිනට් සංශෝධනයේ ආයෙත් කල් යයි


මේ මස 21වන දිනට යොදා ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ යළිත් වතාවක් කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම්කාර්යල ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
මීට පෙර කිහිප අවස්ථාවකදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා සියලූ කටයුතු සූදානම් කර තිබුණද පවුලේ අභ්‍යන්තර ගැටුම් හා ජෝතිශවේදීන්ගේ උපදෙස් මත ඒ සෑම අවස්ථාවකදීම කල් දැම්මේය.

මාලදිවයිනට කෝටි 130 හොර පාරක්


මෙරට මහමාර්ග පද්ධතියේ කම්කරු කටයුතු වෙනුවෙන් ඉහළ පොලී ප්‍රතිශතයක් යටතේ විදේශය මූල්‍ය ආයතන වලින් අධික ලෙස ණය ලබා ගන්නා සන්ධාන ආණ්ඩුව, රුපියල් කෝටි 130ක මුදලක් වැයකරමින් මාලදිවයිනේ මහාමාර්ගයක් ඉදිකිරීමට සුදානම් වේ.
2011 වසරේ මාලදිවයිනේ පැවති සාක්සමුළුව වෙනුවෙන් මාලදිවයින් රජය වෙත පරිත්‍යාග කිරීමට එකඟ වූ ඇස්ෆෝල් කොන්ක්‍රීට් වර්ගයේ මෙම මාර්ගය දිගින් කිලෝ මීටර් 4.8කි.

කොටස් ජාවාරමෙන් NSB පාඩුව කෝටි 15යි


ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කර සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් 'ද ෆිනෑන්ස් සමාගමේ' කොටස් මිලදී ගැනීමනිසා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට එක් දිනක් තුළ අවම වශයෙන් රුපියල් පහළොස් කෝටි විසිඅට ලක්ෂ හැටතුන්දහස් හත්සිය පනස්හතක (152863757.00) අලාභයක් විදින්නට සිදු වී තිබේ.



කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ඉකුත් 26වන බ්‍රහස්පතින්දා රුපියල් 30.30 බැගින් අලෙවි වූ 'ද ෆිනෑන්ස් සමාගමේ' කොටසක් රුපියල් 49.74 බැගින් ජාතික ඉතිරි කිරීමේ බැංකු මිල දී ගෙන ඇත. මෙම මිල දී ගැනීමෙන් අනතුරුව 27වනදා එම කොටසක වටිනාකම රුපියල් 32 දක්වා පහත වැටීම හේතුකොටගෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මේ අලාභය විදින්නට සිදු වී තිබේ.

හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි ?


විශාල ප්‍රමාණයේ හඳුනා නොගත් පියාසර වස්තුවක් පසුගියදා සුර්යයා අසලින්ම ගමන් ගත් බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

සූර්යයා නිරීක්ෂනය කිරීම සඳහාම නාසා ආයතන විසින් 1995 සිට යොදවා තිබෙන SOHO චන්ද්‍රිකාව මඟිනුයි මෙම වස්තුව නිරීක්ෂණය කර තිබෙන්නේ.

විශාල ප්‍රමානයේ ඇන්ටනා සහිත සන්නිවේදන උපකරන දොලහකින් යුත් මෙම චන්ද්‍රිකාව මඟින් එම යානයේ වීඩියෝ එවෙලේම නාසා ආයතනය වෙත ලබාදීමත් සමඟ එය හොලිවුඩ් චිත්‍රපට වල දක්නට ලැබෙන විශාල ප්‍රමානයේ යානයක් බවයි හඳුනාගන තිබෙන්නේ.

දියර කිරි විනාශ කිරීම, පිටිකිරි මිල වැඩි කිරීම සඳහා නිපැයූ මරාණ්ඩුවේම නාට්‍යයක් ?

පෙරේදා එනම් පසුගිය 03 දා නිපදවා ගත් දියර කිරි ගංගා වලට හළමින්, නාමින්, මහ පාරේ අපතේ හළමින් කළ රංගනය ඊයේ පිටිකිරි මිල වැඩි කිරීම සඳහා මරාණ්ඩුව විසින් සූදානම් කළ නාට්‍යයක කොටසක් බව 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.

කිරි ලීටර් 20,000 ක් මෙසේ කිරි විනාශ කිරීමේ නාට්‍යයේ අධ්‍යක‍ෂකවරුන් වන්නේ ද මරා රෙජීමය ම බවත් කිරි විනාශ කිරීමට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් දීමෙන් පසු පිටිකිරි මිල වැඩි කිරීම මහජනතාවට සාධාරණීය කිරීම එම උපාය වූ බවත් දැන ගන්නට ඇත.

මරා රෙජීමයේ උපායේ තිර නාටක රචකයෙකු වන කිලී මහාරාජා (ඔවුන්ද පිටිකිරි ආනයනය කරන්නවුන්ය) තම මාධ්‍ය ආයතනය හරහා කිරි විනාශ කිරීම ප්‍රධාන සහ දෙවන පුවත ලෙස විකාශය කළද ඊයේ කිරිපිිටි මිළ වැඩි කිරීමේ පුවත ගෙන හැර පෑවේ කාලගුණ පුවත සහ ක්‍රීඩා පුවතට ද පසු සුළු ප්‍රවෘත්තියක් විලසට ය.

පින්බර වෙසඟේ බොදු ගී එකතුව



 බෞද්ධ ගීත එකතුව පහතින් අහන්න


සම්බුද්ධ ජයන්ති ගීතය - එඩ්වරඩ් ජයකොඩි ඇතුළු පිරිස 
Download

පාරමිතා බල - පණ්ඩිත් අමරදේව 
Download

අඩවන් වූ දෙනෙතින් - පණ්ඩිත් අමරදේව 
Download

ගිලෙම් ඔබේ ගුණ - පණ්ඩිත් අමරදේව 
Download

දන්නෝ බුදුන්ගේ - පණ්ඩිත් අමරදේව 
Download

බුදු හාමුදුරුවො - වික්ටර් රත්නායක
Download

දෙව්රම් වෙහෙර - වික්ටර් රත්නායක
Download

මෙත් මුදිතා - චාමර වීරසිංහ 
Download

ලඹ සවන් රන් පටින් - මදුමාධව
Download

යශෝධරා වත - සමිතා මුදුන්කොටුව 
Download 

මගෙන් පස්සේ කැළණිය බාරගන්නේ මගේ පුතා- මර්වින්


වෙසක් උත්සවය වෙනුවෙන් කිරිබත්ගොඩ සිංහල එකසත් වෙලඳ සංගමය විසින් සංවිධානය කළ දන්සැලක් ඊයේ පැවැත්වුණා. එහිදී මර්වින් සිල්වා පැවසුවේ තමන්ගෙන් පසු කැළණිය බාරගන්නේ තමන්ගේ පුතා බවය.

"අලුතෙන් මේකට ඇප්ලිකේෂන් අවශ්‍ය නැහැ. මගෙන් පස්සේ මගේ පුතා තමයි කැළණිය හදන්නේ. එක පුතයි ඉන්නේ. අනිත් දුව නීතීඥවරියක්. එයාට ඕනේ නෑ, ඒයා කිව්වා අයියා වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියලා....එයාගේ තිබුන නඩු ඉවරයි. මටත් කොච්චට නඩු තිබුනද"

Share this article with your friends