Chitika Smowtion 468x60


Thursday, July 12, 2012

මහරජා වෙබ් අඩවි වලටත් කෙළියි ..?


වෙබ් අඩවියටත් බදු 

රජය විසින් වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අය කිරීමට අද තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී කෙහෙළිය අමාත්‍යවරයා විසින් මේ බව දන්වා සිටි අතර ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයට අමතරව නැවත වාර්ෂිකව අලුත්කිරීමේ ගාස්තු ලෙස රු. 50,000/- ක් ද ගෙවිය යුතු බවත්, අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවත් සඳහන් කර තිබුණා.

ජනතාවට ක්ෂණිකව හා නොමිලේ පුවත් ලැබෙනා මාධ්‍යක් ලෙස වෙබ් අඩවි මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ අතර බොහෝ වෙබ් අඩවි අදටත් ප්‍රවෘත්ති ලබාදෙන්නේ ලාභ අපේක්ෂාවෙන් තොරවයි.

වෙබ් අඩවි පිළිබඳව අනර්කලී, දමිතා හා හිරුණිකාගේ අදහස් 

Share this article with your friends