සෑම සතියකම බදාදා රාත්‍රියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය බදාදා දිනයේ තිබුනේ සවස 5 ටයි.
ඒ 58 වැනි පොදු රද මඩුලු සැසිවාරයට සහභාගී වන පාර්ලිමේන්තු නියෝජිතයන්ට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ භෝජන සංග්‍රහය නිසයි.
එම භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා අමාත්‍ය මර්වින් සිල්වාටද ආරාධනා කලත් ආරාධනාව නිසා මුහුණ කළු වූ මර්වින් සිල්වා ආරාධනාව ප්‍රතික්ෂෙප කළා.
එයට හේතුව මර්වින්ගෙන් ජනාධිපතිවරයා හේතුව විමසා සිටියා.
ඊයේ පාර්ලිමේන්තුවේදී විදුලි බල ඇමති චම්පික රණවක මහතා විසින් විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව ගැන සඳහන් කළා.
ඒ අනුව 2011 හා 2012 වර්ෂ වලදී විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව මෙසේය.
2011 වසරේ පාඩුව මිලියන 19,200
2012 වසරේ පාඩුව මිලියන 30,900
ජල විදුලි නිෂ්පාදනය විශාල ලෙස අඩාලව තිබිම නිසා තාප විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට යැමෙන් ලංකා විදුලිබල මණ්‌ඩලයේ දෛනික සිදුවන පාඩුව රුපියල් මිලියන 130 සිට මිලියන 200 දක්‌වා වැඩි වී තිබෙනවා.
ඓශ්වර්යා රායි හා අභිෂේක් බච්චන්ගේ දියණිය වන අරාධ්‍යාට මේ වනවිට මාස 10ක්. නමුත් මේවන විටත් ඔවුන් තම දියණියගේ මුහුණ මාධ්‍යයෙන් සඟවා තිබුනේ.
නමුත් ඊයේ ඇමරිකාවේ චිකාගෝ වෙත යාමට ගුවන්තොටුපලට පැමිණි ඓශ්වර්යා හා අරධ්‍යා කැමරාවට හසුකරගැනීමට මාධ්‍යවේදීන්ට හැකිවුණා.
අභිෂේක් බච්චන් රඟපාන ඩූම්-3 චිත්‍රපටයේ රූගතකිරීම් මේ දිනවල සිදුවන්නේ චිකාහෝ නගරයේ නිසා අභිෂෙක් බැලීමටයි අයිශ්වර්යා චිකාගෝ යාමට ගුවන්තොටුපලට පැමිණ තිබෙන්නේ.
එම ජායාරූප පහතින්.
හික්කඩුව ගෝණපීනුවල ප්‍රදේශයේදී නිවසකට පසුගියදා ඇතුළුවූ පුද්ගලයින් දෙදෙනෙක් එහි සිටි හැට හය හැවිරිදි පින්ලන්ත ජාතික කාන්තාවක් ඇඳ මත බැඳ දමා දූෂණය කර තිබෙනවා.
ඇය හික්‌කඩුව බේරතුඩුව ප්‍රදේශයේ අක්‌කර පහක ඉඩමක් මිලටගෙන නිවසක් තනා පදිංචිව සිට ඇති අතර දූෂණය කිරීමෙන් අනතුරුව ඇය සතු යූරෝ හාරදහසක්, රුපියල් ලක්ෂ දෙකක් ඇතුළුව ඇයගේ ජංගම දුරකථනය හා විදෙස් ගමන් බලපත්‍රයද කොල්ලකා ඔවුන් පලාගොස් තිබෙනවා.