පසුගිය දින ගණනාවක් සිටම ගොවීහු තම වී අස්වැන්න සදහා සාධාරණ මිලක් ලබා දෙන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණවල නිරතවෙමින් සිටිති.
දිවයිනේ ප්‍රදේශ ගණනාවකදීම සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබූණි. එහි බලපෑම හේතුවෙන් වෙළද අමාත්‍යවරයාට ගොවිබිම් කරා ගොස් විවිධ පොරොන්දු ලබා දීමටද සිදුව තිබිණි.
ආමාත්‍යවරයා එසේ විවිධ පොරොන්දු ලබා දුන්නද තම වී අස්වැන්න රුපියල් 18කටවත් විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවීහු එක්වී පෙරේදා (16) අනුරාධපුර, එප්පාවල නගරයේදී පෙත්සමකට අත්සන් ගැනීම ආරම්භ කළහ. මෙය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ම්ණ්ඩල සභීක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ජනතා විමුක්ති පෙරමුණේ තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කරුණාදාස සූරිය ආරච්චි මහතාද සහභාගීවී සිටියහ.