Chitika Smowtion 468x60


Wednesday, June 20, 2012

Mr. Sri Lanka for Mr. International & Best Female Model for Supermodel International


මිස්ටර් ඉන්ටනැෂනල් තරගය වෙනුවෙන් සහභාගිවන ලංකාවෙන් මිස්ටර් ශ්‍රීලංකා තේරීමත්,සුපර් මොල් ඉන්ටනැෂනල් සඳහා ලංකාවේ නියෝජනය තේරීම සඳහා හොඳම නිරුපිකාව තේරීම පසුගියදා ගලදාරි හෝටලයේදී පැවැත්වුනා.

එහිදී මිස්ටර් ශ්‍රී ලංකා ලෙස දිමිත්‍රි දොල්ලපිහිල්ල සහ හොඳම නිරුපිකාව ලෙස ඉරේෂා අසන්කි ජයග්‍රහණය කරනු ලැබිය.

ඒ අනුව දිමිත්‍රි හා ඉරේෂා ඉදිරියේදී පිලිවෙලින් මිස්ටර් ඉන්ටනැෂනල් හා සුපර් මො
ල් ඉන්ටනැෂනල් සඳහා ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.
තරඟය අවස්ථාවේ ජයාරූප එකතුවක් පහතින් බලන්න

මිස් ඒසියා පැසිෆික් කිරුල ඉන්දියාවට


පසුගියදා කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වූ  2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ හිමන්ගනී සින් යාදු හට හැකිවී තිබෙනවා.

එම තරඟයට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ගයේෂ පෙරේරා Miss Personality & Best National Costume යන අංග දෙක යටතේ  ජයග්‍රහණය කර තිබෙනවා.

අවසන් තරඟයේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 

සිංහල චිත්‍රපටයකට ගීත ගැයීමට උදිත් නාරායන් ආසාවෙන්

පසුගියදා ලංකාවට පැමිණි සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කල භාරතයේ සුප‍්‍රසිද්ධ ගායක උදිත් නාරයන්සිංහල චිත්‍රපටයකට තම හඬ ලබා දීමේ ආසාවෙන් සිටින බව මාධ්‍යයට සඳහන් කර සිටිනවා.

ඒ පිළිබඳව උදිත් කියා සිටින්නේ මෙවැන්නක්
"මට මිට අවරුදු පහකට පමණ කලින් සිංහල චිත්‍රපටයකට ගායනා කිරීමේ අවස්තාවක් ලැබුනා.නමුත් කුමක් හෝ හේතුවක් මත අවසන් මොහාතේ එය නැතිවී ගියා.මම ගොඩාක් ආසයි සිංහල චිත්‍රපටයක සිංදුවකින් දායක වන්න පුලුවන්නම්."



ඩයලොග් TV හා පියෝ TV HD තාක්ෂණයට සැරසෙයි


ඩයලොග් TV ආයතනය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ TV HD විකාශන කටයුතු කිරීම සඳහා තාක්ෂණික කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව අයි. පි ටි.වී තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන පියෝ ටි.වී ඉදිරියේදී UTStarcom සමග එක්ව HD තාක්ෂණය ඔස්සේ විකාශය කල හැකි සෙටප් බොක්ස් හදුන්වා දීමට නියමිතයි.

ඩයලොග් ටි.වී විසින් HD රුපවාහිනී නාලිකා කිහිපයක් ලබා දීම පරීක්ෂණ මට්ටමින් මේවනවිට ආරම්භ කර ඇති අතර ඔවුන් HD නාලිකා සඳහා වෙනමම පැකේජයක් හදුන්වා දීමට නියමිතයි.

මේ වන විට අප වෙත වාර්තා වන්නේ පහත ඇති HD නාලිකා රුපියල් 990 ක මාසික ගාස්තු යටතේ ලබාදීමට නියමිත බවකි. (බදු සමඟ රු. 1,200/-ක් පමණ)

කලාවෙන් ඉවත්වෙන්න උනොත් දේශපාලනයට එනවා - ඉරාජ්


තමාට යම්කිසි දවසක කලාවෙන් ඉවත්වීමට සිදු වුවහොත් දේශපාලනයට පැමිණෙන බව යොවුන් පරපුරේ ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න පවසනවා.


ඔහු මේ අදහස් පලකොට තිබුනේ පසුගිය සති අන්ත පුවත්පතකටයි.එහිදී වැඩි දුර අදහස් දැක්වූ ඉරාජ්

"කව්රු උනත් වෘතිය විදියට තෝරාගන්නේ වැඩි ආර්ථික ලාභ හා වෙනත් වරප්‍රසාද ඇති ක්‍රේෂ්ත්‍රයන්.අද කාලේ මේවයින් අංක එකට තියෙන්නේ දේශපාලනයට පිවිසිලා පාර්ලිමේන්තු යන එක.


මම කලාවේ නිරත වෙලා ඉන්නේ බොහොම කැමැත්තෙන්.එත් ඉතින් සම්පුර්ණයෙන් එයින් ඉවත්වෙන්න සිදු උනොත් විකල්පයක් තෝරාගන්න එපැයි. එහෙම උනොත් මම දේශපාලනයට යනවා.


මැදමුලනෙන් කිරිපොවන දඩබල්ලා බැඳ දමනු


පොලිසියත් බය ජුලම්පිටියේ අමරෙගේ වැඩ ඝාතන 22 - ස්ත්‍රී දූෂණ 11 - කොල්ලකෑම් 13 !
සමානාත්මතාවයෙන් සහ ගරුත්වයෙන් යුතුව ජීවත්වීමේ නිදහස, වෙනස්කමකට භාජනය වීමෙන් වැළකීමේ නිදහස, සහ සමාජ ආරක‍ෂාවේ නිදහස මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ මූලික වගන්ති තුනයි. මේවා මේ ආණ්ඩුවට අදාල නැත. යුද්ධය අවසන් වීමත් සමග ආණ්ඩුව පැවසුවේ දැන් සැක බිය නැතිව පාරේ බැහැලා යන්න පුළුවන් තත්වයක් උදාකර දී ඇති බවයි. උතුරට මෙන්ම ඒ අයිතිය දකුණේ ජනතාවටද අද නැත. පැහැරගැනීම්, මංකොල්ලකෑම්, ගිනි තැබීම්, මරාදැමීම් දිනපතා මේ රටේ සිදුවෙමින් පවතී.
ප්‍රභාකරන්ටවත් බිය නොවූ ගිරුවාපත්තුවේ ජනතාවට අද ජීවත්වීමට සිදුව ඇත්තේ දැඩි භීතියකිනි. වලස්මුල්ල, මිද්දෙණිය, තංගල්ල, වීරකැටිය, ගල්හේන්ගොඩ, තණමල්විල ජනතාව දකුණේ ප්‍රභාකරන්ගේ තර්ජනයෙන් පීඩා විඳිති. පොලිසියට යුද හමුදාවට, පොලිස් විශේෂ කාර්ය බළකායට හෝ අධිකරණයට තවමත් මේ දඩබල්ලා මෙල්ල කිරීමට හැකි වී නැත. රටේ ඉහළම පුරවැසියාගේ සහ ඔහුගේ පුතුගේ ආශිර්වාද ලබන නිසාවෙන් මේ රාජකීය දඩබල්ලා අත්අඩංගුවට ගැනීම හෝ මොහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම උගටහය. මේ දඩබල්ලා කවුද?

ඇමති බැසිල්ට මාධ්‍ය වාරණයක් ?


ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට ලබාදෙන ප‍්‍රචාරය සීමා කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා පෞද්ගලික පුවත්පත් ආයතන දෙකකට දැනුම් දී තිබේ. එසේම, බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා අපහසුතාවයට ලක් කෙරෙන තොරතුරු රාශියක්ද නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා විසින් එම පුවත්පත් ආයතනවල ප‍්‍රධානීන් වෙත ලබාදී ඇත.
මෙම තත්ත්වය යටතේ සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතාගේ ‘ලක්බිම’ පුවත්පත බැසිල් රාජපක්‍ෂ මහතාට උපරිම ප‍්‍රචාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

ධම්මිකගේ කැසිනෝ වටලන ලෙස නියෝගයක් ?


ලංකාවේ කැසිනෝ රජා ලෙස විරුදාවලිය ලත්, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා විසින් පවත්වා ගෙන යනු ලබන කැසිනෝ ශාලාවක් පරික්‍ෂා කරන ලෙස මුදල් අමාත්‍යංශය විසින් සුරාබදු කොමසාරිස්වරයා වෙත නියෝග කර තිබේ.
කැසිනෝ සූදුවට පැමිණෙන අයට සංග‍්‍රහ කිරීම සඳහා ලබාදෙන විදේශ මත්පැන් තීරුබදු රහිතව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගෙන්වා ඇති බවටත්, එම මත්පැන්වලට කිසියම් ද්‍රව්‍යයක් කලවම් කර ඇති බවටත් ලැබී ඇති පැමිණිලි කිහිපයක් මත මෙම වැටලීම සිදු කිරීමට මුදල් අමාත්‍යංශය නියෝග කර තිබේ.

Share this article with your friends