‘ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ’ හිටපු කැඳවුම්කරු කුමාර අලගියවන්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය බුද්ධි සේවයට (SIS) නියෝග කර ඇතැයි වාර්තා වේ.
මෙම නියෝගයේ ලිඛිත පිටපත් ඊයේ වනවිට මෙම අදාල දෙපාර්තමේන්තු කරා ලැබී තිබුණ අතර එම ලිඛිත පිටපතේ වැඩිදුරටත් සඳහන් කොට තිබුණේ රජය පෙරලීමට කුමන්ත‍්‍රනය කිරීමේ චෝදනාව යටතේ අලගියවන්න මහතාව අත්අඩංගුවට ගතයුතු බවයි.