Chitika Smowtion 468x60


Thursday, January 12, 2012

රෙඩ් එපික් තාක්ෂණය හොලිවුඩ් වලින් දැන් ලංකාවටත්


පළමු චිත්‍රපටය "වෛශ්නාවී "

ලෝකයේ ඉහලම තාක්ෂණයක් භාවිතා කර ෆිල්ම් නිපදවන්නේ හොලිවුඩ් වලයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නා නූතන කැමරාව වන්නේ රෙඩ් එපික් සිනමා කැමරාවයි.

මෙම අධි තාක්ෂණික සිනමා කැමරාව පසුගියදා ශ්‍රී ලංකාවටද හඳුන්වා දුන්නා. ඒ ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් ආයතනය හරහායි.

මේ අනුව රෙඩ් එපික් කැමරාවක් යොදාගනිමින් ඉදිරියේදී ලංකාවේදීද චිත්‍රපට නිෂ්පාදනය කෙරෙන අතර මෙම කැමරාවක් භාවිතා කරමින් නිපදවෙන මුල්ම චිත්‍රපටය වන්නේ සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "
වෛශ්නාවී" නම් චිත්‍රපටයයි. එහි මුහුරත් උළෙලද පසුගියදා පැවැත්වුනා.

සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට අපලද?


සෞදි අරාබියේ සේවය කිරීමට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් අන්තවාදී ආගමකට හරවා ගැනීමට පහත් උත්සහයන් ක්‍රියාත්මක වන බව ගොසිප්9 වෙත වාර්ථා වේ.එරට ක්‍රියාත්මක වන රුපවාහිනි චැනලයක් හරහා විකාශය කෙරෙන වැඩසටහනක් මගින් මෙය සිදු කෙරේ.

මේ  පිලිබදව ශ්‍රී ලාංකික ජනමාධ්‍යවල අවදානය යොමුවුයේ දැන් වුවත් මෙවැනි වැඩසටහන් මැදපෙරදිග රටවල බොහෝ කාලයක සිට ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ.
 

මැදපෙරදිග රටවල සේවය කරනා විදේශිකයෙක් හදිසියේ මිය ගියහොත් එම තැනැත්තාට වන්දි ප්‍රධානය කිරීමේදීද ආගම සැලකිල්ලට ගන්නා බව මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකිකයන් අප වෙත දන්වා සිටියේය.

මර්වින්ට වැදුනේ කාලි මෑණියන්ගේ සාපයද?

පසුගියදා කැළණිය ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරුන් ගණනාවක් මර්වින් සිල්වාට එරෙහිව කැරැල්ලක් ආරම්භ කිරීම සිදුවූයේ පසුගිය අගෝස්තු මාසයේ ඔහු මුන්නේෂ්වරම් කෝවිලට පැමිණ පූජාව සඳහා සිටි සතුන් ගෙන ගොස් පූජාව කඩාකප්පල් කිරීම නිසා බව මුන්නේශ්වරම් මහා භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් තුමා පවසනවා.

විශේෂ පූජාවක් ඊට පසු දින එම කෝවිලේදී පැවැත්වූ අතර එහිදී මර්වින් සිල්වාට දඬුවම් දෙන්නැයි කාලි මෑණියන්ගෙන් ඉල්ලා තිබුණා.

පසුගියදා මර්වින් සිල්වාට කැළණියේම මංත්‍රීවරු එරෙහිවීම පිළිබඳව එම කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසන්නේ මෙවැන්නක්


දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රාප්තිය


ඉතිහාසය පුරා අපිට එක් එක් වර්ගයේ ආගමට නිගරු කරන්නන් හමුවේ. දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රප්තිය මෙසේ සනිටුහන් වන වගයි.

නයන හෙට්ටිආරච්චි වන මොහු ඔහුගේ YouTube ගිණුම භාවිතා කරමින් දිනපතා බුදුදහමට සේම අප මාතෘ භුමියටත් අපහස වන පරිදි විඩියෝ අන්තර්ජලයට යොමුකරයි. 


ශ්‍රී ලාංකිකයෙකු හා උපතින් බෞද්ධාගමිකයෙකු වන මොහු දැනට විදේශයක සේවය කරනු ලබයි.ඔහු මෙලෙස දිගින් දිගට තමාගේ අදහස් පටිගතකොට අන්තර්ජාලයට මුදාහරිමින්නේ කුමන අදහසකින් යන්න තවම පැහැදිලිවී නොමැත.

ඔහුගේ බොහෝ වීඩියෝපට නැරඹීමේදී පෙනීයන්නේ ඔහුට යම්කිසි මානසික ව්‍යාධියක ගති ලක්ෂණ පහල වී ඇති බවයි.නයන හෙට්ටිආරච්චිගේ විස්තර හා ඔහුගේ මානසික විකාර පහතින් බලන්න

සංඛ දිනෙත් යුග දිවියට



සිරස සුපර්ස්ටාර් තුලින් ක්ෂේත‍්‍රයට එක්වූ සංඛ දිනේත්ගේ විවාහ මංගල්‍යය පසුගිය 07 වනදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුනා.

සංඛ විවාහවුයේ පෙම් සබඳතාවයක් මතවන අතර සංඛගේ මනාලිය වුයේ ටීනා ෆර්නැන්ඩෝයි.

සංඛ - ටීනා විවාහයේ ජායාරුප පහතින් බලන්න 




පින්තූර සියල්ල බලන්න මෙතන ඔබන්න

ශ්‍රී ලංකා කණ්ඩයාමට වාර්තාගත පරාජයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරඟයේදී වාර්තාගත පරාජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත්වුනා.මෙය ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරඟයක් තුල ලැබූ අඩුම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා ගතවී තිබෙනවා.

ඊයේ පැවති තරඟයේද කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ළකුණු 301 ක් ලබාගැනීමට සමත්විය. එහිදී හෂීම් අම්ලා ළකුණු 112 ක්ද ජැක් කාලිස් ළකුණු 72 ක්ද නායක ඒ.බී. ඩ්විලියර්ස් ළකුණු 52 ක්ද ලබාගැනීසට සමත්විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග ළකුණු 54 කට කඩුළු 5 ක් දවාගැනීමට සමත්විය.

රුහුණු සරසවි සිසු පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්


පෞද්ගලික විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් ඊයේ දිනයේ (11) රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ හා වෛද්‍යය පිඨයේ සිසුන් කලේගාන හරහා ගාල්ල නගරයේ උද්ඝෝස්නයකට යමින් සිටියදී පොලිසිය විසින් එය මැඩපවත්වන ලදී.

සිසුන් විසින් සාමාකාමී ලෙස නගරයට පැමිණෙන අවස්ථාවේදී පොලිසිය විසින් කලේගාන මංසන්ධියේදී ඔවුන්ගේ විරෝධතා පෙළපාලිය අවහිර කල අතර සිසුන්ගෙන් පැන නැගුන විරෝධය හමුවේ පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමට සිදුවිය.

කලේගාන ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් වන අතර කඳුළුගෑස් ප්‍රහාරයෙන් ප්‍රදේශයේ ජනතාවද අපහසුතාවයට පත්විය.

එම විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලකළ අයුරු බලන්න පහත විඩියෝවෙන් 


උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැටලු පිළිබඳ විද්වත් වාර්තාව ජනපතිට


AL exam commit report he
2011 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ නිකුත් කළ ප්‍රතිඵලවල දිස්ත්‍රික් කුසලතාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු අධ්‍යයන කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ වාර්තාව ඊයේ (11) ජනාධිපතිතුමා වෙත භාර දී තිබේ.

එම කමිටුවේ සභාපතිනි, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම්, ධාරා විජේතිලක මහත්මිය විසින් අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිතුමා වෙත එම වාර්තාව භාරදෙන ලදී.

මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම් කටයුතු 50% කින් අවසන් වේ


Priyankara Jayarathna 2 copy
හම්බන්තොට ඉදිකෙරෙන පරිසර හිතකාමී මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම් කටයුතු මේ වන විට 50%කින් අවසන් කර ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,  ඊයේ (11) සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙම ගුවන් තොටුපොළ මෙම වසර අවසානයේ දී ඉදිකිරීම් කටයුතු අවසන් කර ජනතා අයිතියට පත් ‍කිරීමට කටයුතු යොදා ඇති අතර මේ ඔස්සේ මගීන් ප්‍රවාහනය සඳහා 40%ක ධාරිතාවකුත් , ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා 60%ක ධාරිතාවකුත් වෙන් කිරීම සඳහා පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ආරක්ෂාව සම්බන්ධයෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා - ආරක්ෂක ලේකම්


ds gothabhaya Rajapaksa“රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා” මෙරට දුක්විඳි අවුරුදු තිහකට ආසන්න ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කළත් එල්ටීටීඊයට මෙරට අස්ථාවර කිරීමට සහ දිනාගත නොහැකි වූ අරමුණු දිනාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව මතයක් ගොඩනැගීම සඳහා දෙමළ ඩයස්පෝරාව ක්‍රියාකරන බවත් ඒ වෙනුවෙන් ඔවුන් සතු සුවිශාල මුදල් සම්භාරය වැයකරන කරන බවත් මේ ක්‍රියාමාර්ග අඩපණ කිරීමට සන්නද්ධ බුද්ධි අංශ ශක්තිමත් කළ යුතුයි බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා එසේ පැවසුයේ ‘ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවේ අනාගත අභියෝග’ මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පෙරේදා (10) පැවැත්වුණු ප්‍රසිද්ධ දේශනයට සහභාගි වෙමිනි.

අම්සා යයි - කෝකිලා එයි


වෘත්තීය රාජ්‍යතාන්ත‍්‍රිකයන් නැවත අසරණ වෙයි
දැනට එක්සත් රාජධානියේ නියෝජ්‍ය ශ‍්‍රී ලංකා මහකොමසාරිස් පී.එම්. හම්සා මහතා වහාම ක‍්‍රියාත්මකවන පරිදි එම ධූරයෙන් ඉවත්කොට ජර්මනියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා වශයෙන් පත්කොට ඇති බව වාර්තා වේ.
හම්සා මහතාගේ ඉවත් කිරීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයාගේ දීර්ඝකාලීන පෞද්ගලික වෛද්‍යවරයාවන අජිත් රණවක මහතාගේ බිරිඳවන කෝකිලා රණවක මහත්මිය පත්කොට තිබේ. කෝකිලා රණවක මහත්මිය රාජ්‍යතාන්ත‍්‍රික සේවය සඳහා කිසිම පළපුරුද්දක් නොමැති තැනැත්තියකි. එකී පත්වීම හුදෙක් දේශපාලනමය කරුණු මත සිදුකරනු ලැබූවක් බව විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තංගල්ල මිනීමැරුම් නඩුවේ දූෂණ චෝදනා හැලේ


බි‍්‍රතාන්‍ය ජාතික සංචාරක කුරාම්ශේක් මහතා ඝාතනය කරමින් ඔහුගේ පෙම්වතියට මාරාන්තික තුවාල සහ ලිංගික අඩන්තේට්ටම් කරමින් පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය මගින් තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරනයට කරුණු වාර්තාකරමින් ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ රුසියානු ජාතික තරුණියට සිදුවූ ලිංගික අතවර පිළිබදව කිසිම සඳහනක් නොමැති බව වාර්තා වේ.
බලඅපරාධ (Grave Crime) අංක 49/2011 යටතේ තංගල්ල මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කර ඇති ‘බී’ වාර්තාවේ සඳහන්වන්නේ එකී අධිකරන බලප‍්‍රදේශය තුළ විදේශිකයෙකු වන කුරාම්ශේක් යන අය වෙඩිතබා හා තියුනු ආයුධවලින් ඇන මරණය සිදුකිරීම සහ තවත් විදේශීය කාන්තාවකට මරණීය තුවාල සිදුකිරීම යන අපරාධ චෝදනා පමණකි.

චන්දුලාගෙන් සමාව ගන්නැයි ශවේන්ද්‍රට නියෝගයක්



ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චන්දුලා මෙනවියගෙන් වහාම සමාව ගන්නා ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්යාලයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.

ඇමරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියට ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පසුගියදා අතවර කිරීමේ සිද්ධිය පිළිබඳව ඉදිරියේදී ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (10) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී එම නියෝගය ශවේන්ද්‍ර වෙත යොමු කරන්නැයි ජනාධිපතිවරයා පවසා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙ නිලධාරීන් හමුවේ වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජනාධිපතිවරයා, කෙහෙළියගේ දියණියද හොඳ හොඳ කරනම් ගැසූ නොටෝරියස් චරිතයක් බවත්, ඇය විදේශ අමාත්‍යංශයේ ලේකම් අමුණුගම පවා දැලේ දාගෙන සිටි බවත් සඳහන් කර තිබේ.

ෆෙඞ්රිකාට මානසික ආබාධයක් තිබේදැයි සොයා බැලීමට යයි


සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය කිසියම් මානසික ආබාධයකින් පෙළෙන්නේදැයි වෛද්‍ය වාර්තාවක් මගින් සොයා බැලිය යුතු බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස වී ඇතැයි මිරිහාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
තමා පසුපස මෝටර් සයිකල්කරුවකු හඹා ආවේ යැයි චෝදනා කරමින් ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය විසින් කළ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළකු මේ වනවිට රිමාන්ඞ් භාරයට පත් කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ පිළිබඳව අප කළ විමසීමේදී එම පොලිස් නිලධාරියා එසේ කීය.

කැලණියේ ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරු දංගෙඩියට !


කැලණියේ ශී‍්‍ර ල.නි.ප. ආසන සංවිධායක අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් අතර හට ගෙන ඇති ගැටුමේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශී‍්‍ර ල.නි.ප. මහ ලේකම් අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහ එම පක්‍ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දී ඇත.
මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහිව විනය පරීක්‍ෂණයක් නොකරන්නේ නම් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන් ඉල්ලා අස්වන බවට තමන්ට දැනුම් දී ඇතැයි මෛතී‍්‍රපාල සහ ඩලස් යන අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයා හමුවී කළ දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා එසේ සඳහන් කර තිබේ.

පැහැරගෙන යනු ලැබූ ඩොනල්ව මුදාහරී


පසුගිය දා සුදුවෑන් ඒකකය විසින් පැහැරගෙන යනු ලැබූ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරන ලේකම් ඩොනල්ඞ් රංජිත් පෙරේරා නොහොත් පානදුරේ රංජිත් නොහොත් මාලිගාවත්තේ රංජිත් නැමැත්තා ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ඊයේ (09) පස්වරුවේ නිදහස් කර තිබේ. නිදහස්වී පැමිනි ඩොනල්ඞ්, අද පස්වරුව වනවිටත් අඩුමතරමින් තමාට දුරකථන ඇමතුමක් හෝ ලබානොදීම පිළිබදව අමාත්‍ය මර්වින් සිල්වා මහතා බලවත් කනස්සලකින් සිටින බව වාර්තා වේ.

ශවේන්ද්‍ර, කෙහෙළියගේ දියනියට අතවර කරලා


ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්්‍යාලයේ සේවයේ නියුතු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියනියවන චන්දුලා මෙනවියට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්්‍යාලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා බලහත්කාරයෙන් අතවර කරඇතැයි එම තානාපති කාර්්‍යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.

උපුල් නිශාන්ත එළවීමේ මෙහෙයුම ඩලස්ගේ වැඩක්


මාතර මහනගරසභාවේ විපක්‍ෂ නායක උපුල් නිශාන්ත මහතා, නාගරික මන්ත‍්‍රීධූරයෙන් ඉවත් කිරිමට අදාල ලිපියක් මාතර දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කොට ඇත්තේ, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ බලපෑම මත බව වාර්තා වේ. තමාට එවැනි ලිපියක් නිකුත් කිරීමට බලයක් නැතැයි, තමා මැතිවරණ කොමසාරිස් කාර්්‍යාලයට කිහිපවරක් දැනුම්දුන්නද, ‘‘මල්ලී, ඇඟ බේරගෙන එහාටත් නැති මෙහාටත් නැති මොනව හරි ලියලා දෙන්නැයි’’ එහි උසස් නිලධාරියෙකු තමාට දැනුම් දුන් බවත්, ඒ අනුව මාතර පුරපති එස්. හදුන්ගේ මහතාට තමා ලියුම් කෑල්ලක් බාරදුන් බවත් මාතර දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුනෙත් ලෝචන මහතා ඔහුගේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකු සමග පවසා තිබේ.

ජනමාධ්‍ය ඇමතිගේ සාදයේදී මාධ්‍යවෙදියෙකුට ප‍්‍රහාරයක්


ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මාධ්‍යවේදීන් සඳහා වාර්ෂිකව සංවිධානය කෙරෙන මධුවිත සාදය මෙවර පසුගිය 06 වන දා ගාලූමුවදොර හෝටලයේ පැවති අතර එහිදී සිදුවූ බහින් බස්වීමකදී ඇමතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් මාධ්‍යවේදියෙකුට පහරදී තිබේ. මෙම මාධ්‍ය සාදය සදහා මාධ්‍යවේදීන් හා වෙනත් පිරිස් 500කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර පහරකෑමට ලක්වී ඇත්තේ ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකුව සිටි සුමිත් ජයසිංහ නැමති අයෙකි.

ලේක්හවුස් ‘ලාභ කතාව’ පට්ටපල් බොරුවක්


තම තනතුර ආරක්‍ෂා කරගැනීම සඳහා මේ වනවිට ලක්‍ෂ ගණනින් වියදම් කරමින් ප‍්‍රචාරයක මෙහෙයුමක් අරඹා ඇති ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා, ලේක්හවුස් ආයතනය ලාභලබන බවට කරන ප‍්‍රකාශ මුලූමනින්ම අසත්‍ය යැයි එම ආයතනයේ ශ‍්‍රී ල.නි.ප වෘත්තීය සමිති ප‍්‍රධානියෙකු අප වෙත පැවසීය.
මෙලෙස ලාබ පෙන්වා ඇත්තේ නිසි වියදම් යටගසා බවත්, එම ගිණුම් සෙල්ලමට දායක වූ තිදෙනාට වහාම ක‍්‍රියාත්මක වනපරිදි වැටුප් වර්ධක ලබාදීමට සභාපතිවරයා කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

Share this article with your friends