Chitika Smowtion 468x60


Tuesday, December 13, 2011

ඊලියන්ත වයිට් ගේ රෙදි ගැලවේ



තමන්ගේ ශුක්‍රානු සිරින්ජරයකට දමා දරුඵල ලබා දුන් ඊලියන්ත

ඊලියන්ත ලින්ඩ්සේ වයිට් හෙවත් රාජකීය අනුග්‍රහය ලැබූ අරුම පුදුම ජීවකයා ගැන පසුගිය කාලයේ බොහෝ සෙයින් කතා බහට ලක්වුයේ ඔහු විසින් ප්‍රතිකාර කරනලද රෝගීන් බොහෝමයක් තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට ලක්විම හේතුවෙනි.


ඊයේ සහ අද දිනයන්හි නෙත් එෆ්.එම් හි බැලුම්ගල වැඩසටහන මගින් ඊලියන්ත වයිට් පිලිබඳ බොහෝ කරුණු අනාවරණය කරනු ලැබුවා.

15 වනදා විවෘත වන නෙළුම් පොකුණ ජාතික කලා රඟහල



කොළඹ හත නොමෑන්ඞ්ස් පිටියේ ඉදිවන දකුණු ආසියාවේ විශාලතම රඟහල ලෙසින් සැළකෙන ජාතික ප‍්‍රසාංගික කලා රඟහල මේ මස පහළොස්වනදා විවෘත කිරීමට සැළසුම් කර ඇත. 

පොළොන්නරුවේ නෙළුම් පොකුණේ ආකෘතියට අනුව ඉදිකර ඇති මෙය නෙලුම් පොකුණ ජාතික ප‍්‍රසාංගික කලා රඟහල යනුවෙන් නම්කිරීමට කලින් යෝජනාවී තිබුනත් පසුව එය "නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ ජාතික කලා රඟහල" යනුවෙන් වෙනස්කොට ඇත.
 මහල් පහකින් සමන්විත රංග ශාලාව නිර්මාණය කර ඇත්තේ සැලසුම් ශිල්පී මහාචාර්ය නිමල් සිල්වා මහතා අතිනි.

ස්වාධින රූපවාහිනියට නාමල්ගෙන් කනේ පාරක්




පවුලේ නාලිකාව ලෙසින් හදුන්වන නාලිකාවක් ජනාධිපතිතුමාගේ පවුලේ නාලිකාව බවට පත්ව ඇති බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ එය සත්‍යයක් බවත් එමගින් සිය පවුලේ සාමාජිකයන් අපහසුතාවයට පත්වන බවයි. 

එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 


"ගයන්ත මන්ත්‍රීතුමා කිව්වා රජයේ පවුලේ නාලිකාව කියලා..ඇත්තටම මම ඔබතුමාත් සමග එකඟ වෙනවා..අපි බලාපොරොත්තු වෙනවා..
විශේෂයෙන්ම රජයේ මාධ්‍යය.. 

අධිවේගයේ වාහන වලට ගල් ප්‍රහාරයක්



දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්න වාහන වලට රාත්‍රී කාලයේ ගල් ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ. 

කුරුදුගහහැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ ඇති කන්ද උඩ සිට මෙම ගල් ප්‍රහාර එල්ල වී ඇති බව එම ප්‍රහාරයන්ට ලක්වූ වාහන පැමිණිලි කර තිබෙනවා.

එවැනි ප්‍රහාරයන්ට ලක්වූ වාහන ගණන 12 ඉක්මනවා.එම කඳුගැටය මුදුනේ අධිවේගී මාර්ගය වෙන් කරන කම්බි දැලට එපිටින් සිට මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ කවර අරමුණකින්ද යන්න තවම හෙළිවී නැහැ.

Share this article with your friends