
විසර්ජන පනත් කෙටුම්පත හෙවත් 2013 වසර සඳහා වන අය වැය යෝජනාවලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව අද පස්වරු 12.50ට රැස්වන අතර, 12.55ට පමණ ජනාධිපතිවරයා මුදල් ඇමැති ලෙස පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කරනු ඇත.අය වැය යෝජනා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බැවින් අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකස් කර තිබේ. ලබන වසරට අදාළ සංවර්ධන වැඩසටහන් හා අය වැය හිඟය පියවා ගැනීමේ යෝජනා මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය.










