Chitika Smowtion 468x60


Saturday, February 18, 2012

ඇන්තනි ප්‍රනාන්දුගේ අවසන් කටයුතු සාමදානව අවසන් කෙරේ


ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව සිදුකල උද්ඝෝෂණයකදී හමුදා/පොලිස් වෙඩි පහරින් මියගිය 38 හැවිරිදි දෙදරු පියෙකු වන ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවය අද සවස සිදුකරනු ලැබුවා.

අවමගුල් උත්සවයට ප්‍රථම අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුන අතර ඒ අනුව අවමගුල් උත්සවය සරලව හා සාමකාමිව ඉටු කරනු ලැබීය.එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න 



 
ජායාරූප හා වීඩියෝ : ජයසංක ප්‍රනාන්දු

හලාවත වෙඩි තැබීමෙන් මිය ගිය ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවය


6:56 PM
නිවැරදි කිරීමයි 
හලාවත වෙඩි තැබීමෙන් මිය ගිය ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවයට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට යාමට නොලැබුණු බව කලින්වාර්තා වුවත් එය එසේ නොවන බව අප වෙත වාර්තා වනවා.


ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හා වෙනත් නියෝජිතයන් ඇන්තනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවයට පැමිණ සිටිනු දක්නට හැකි වුනා.

එම අවස්ථාවේ ජායාරූප බලන්න මෙතනින් 


2:46 PM
"තෙල් මිල වැඩි කරලා අපේ ධීවරයෙක් මරා දාන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.ඩිසල් හා භූමිතෙල් වල මිල වැඩි වුනාම අපි හැමෝටම බලපානවා.අපි සාමකාමී උද්ඝෝෂනයේ නිරත උනේ පැවති මිලට ඩිසල් හා භූමිතෙල් ලබා දෙන්න කියල ආණ්ඩුවට කියන්න.

අපිට පහරදීලා,කඳුළු ගෑස් ගහලා, එක ධිවරයෙක්ගේ ජීවිතය උදුරා ගත්තා.මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක් මේ වනතෙක් කිසිම දෙයක් කරලා නැහැ.දැන් බොරුවට ඇවිත් අපිත් එක්ක දුක් වෙන්න ඕන නෑ. වහාම ගිහිල්ලා පරණ මිලට ඩිසල් , භූමිතෙල් දෙන්න කියල ආණ්ඩුවට කියන්න"

ඒ හලාවත ධීවරයන්ගේ අදහසයි 


මේවනවිට හලාවත නගරයේ ආරක්ෂාව තරකොට තිබෙන අතර හමුදා සෙබළුන් 1500 කට අධික ප්‍රමාණයක් රඳවා තිබෙනවා


විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා විපක්ෂ නායකතුමාට ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවයට පැමිණීමට කිසිදු බාධාවක් තිබී නැහැ.


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවමගුල් උත්සවයට සහභාගී වූ අවස්ථාවේ වීඩියෝ හා ජායාරුප පහතින් බලන්න 

ජායාරූප හා වීඩියෝ : ජයසංක ප්‍රනාන්දු  





Source: http://www.gossip9.com/2012/02/blog-post_4392.html#ixzz1mk9ueBwP

ලෝකප්‍රකට ධනාත්මක චින්තක නික් යුගදිවියට


1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාවේ වෝයිඅචිච් යුවළ ආදරයෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තු වූහ. ඒ පැතුම් මල් පුබුදමින් පුංචි පුතෙක් මෙලොව එළිය දුටුවේය. උතුරා ගිය ප්‍රීතියෙන් යුතුව කිරිකැටි පුතු දෝතට ගත් මවට ඉබේටම කෑගැස්විනි.

"දෙවියනේ. . මේ මොකද ?"


ඇය හඬමින් ඇසුවේ සයනය වට කරගෙන සිටි රෝහල් කාර්යය මණ්ඩලයෙනි. ඒත් ඔවුන් නිහඬ ය. සිඟිති පොරෝණය තුළ උණුසුමට ගුලි වී සිටින පුතු දෙස අම්මා යළිත් ඕනෑකමින් බැලුවා ය.

"අත් කකුල් නැති පුංචිම පුංචි දරුවෙක්"

ප්‍රීතිය වසා ගත් දුකකින් බයකින් සහ අවිනිශ්චිතභාවයකින් සිත පිරී යද්දී ඇය පුංචි පුතු ආදරයෙන් තුරුළු කර ගත්තාය.

ඒ පුතු නිකලස් ජේම්ස් වෝයිඅචිච් ලෙස නම් කෙරුණි. ඒත් පවුලේ සියල්ලෝම ඔහු ඇමැතුවේ ‘නික්’ ලෙසයි. නික් ගේ ජීවිතය ආරම්භයේ පටන් ම අභියෝගයක් විය. 

ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය


ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විසින් ඊයේ(17) කොළඹදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. 

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව පසුව ටෙලිකොම් වටරවුම දෙසට ඉදිරියට ගමන් කල අවස්ථාවේදී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර පිරිස විසුරුවාහරිනු ලැබුවා.

 එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා තුවාල ලැබ රෝහල් ගතකරන ලදී. එම උද්ඝෝෂණයේ ජායාරුප එකතුවක් පහතින් බලන්න  

Share this article with your friends