අද අප රටත්, රාජපක්ෂ රජයත් ඉතාමත්ම තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබෙන බවත්, රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද කොමිෂන් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරමින්, ශී‍්‍ර ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ඉතිහාසයේ අඩුපාඩු හා වැරදි පසෙකට තබා රට වඩාත් ප්රජාතන්ත්රවාදී හා සෞභාග්‍යමත් යුගයක් කරා ගෙන යමින් ධර්මාශෝක රජතුමා ගිය අඩිපාරේ යනවාද, එසේ නැතිනම් පුරුදු ගමන් මග යමින් ජාත්‍යන්තරව හුදකලා වූ චෞර රාජ්‍යයක් බිහි කරමින්, මුගාබේ වැනි ඒකාධිපතින්ගේ අඩිපාරේ යනවාද කියා තීන්දු කළ යුතු මොහොත අද මෙම රජයට උදා වී තියෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
වර්තමාන ලෝකය තුළ කිසිම රටකට තමන්ගේ ප්රජාතන්ත්රවාදී නිරුවත තම රටේ ජාතික කොඩියෙන් වසාගෙන තමන්ගේම ජනතාවගේ මානව අයිතීන් කඩ කරන්නට ප්රජාතන්ත්රවාදී මූලධර්මයන් පාගා දැමීමට අයිතියක් නැති බවද ඔහු සදහන් කළේය.
ඔහු එම කාරනා සදහන් කරනු ලැබුවේ ඊයේ (04) පාර්ලිමේන්තුව තුල පැවති, ජිනීවා යෝජනාව පිළිබඳ විශේෂ විවාදයට සහභාගී වෙමිනි.
එම විවාදයේදී සමරවීර මහතා මෙසේද සදහන් කළේය.