Chitika Smowtion 468x60


Tuesday, October 30, 2012

කන්තලෙන් මැණික් සහ කන්තලේට මාළු වැස්සක් !


බෙංගාල බොක්‌කේ හටගත් පීඩන අවපාතය ඊයේ (29 වැනිදා) රාත්‍රී සුළි කුණාටු තත්ත්වයක්‌ බවට පත්වී දිවයිනට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි එය පැමිණියේ නැත.

සුළිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු නොවන බවත් දැන් එය ඉන්දියාව දෙසට හැරී ඇති බැවින් සුළි කුණාටු මගෙහි පදිංචි පුද්ගලයන් ඉවත් කිරීම සදහා පෙර දින කළ අනතුරු ඇඟවීම මීට සුළු වේලාවකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉවත් කළේය.

අධික වර්ෂාව සමඟ අවාසනාව මෙන්ම අරුම පුදුම සිදුවීම් මෙන්ම වාසනාවද රැගෙන ආ පුවතක් කන්තලේ හා හන්දපාන්ගල ප්‍රදේශවලින් වාර්තාවේ.

අකමැතිම දේශපාලන චරිතය ෆොන්සේකා - රත්තරං ගේ දුව කියයි


මහාමාර්ග හා වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන කළුතර ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිත වන්නේ "රත්තරං" ලෙසය.

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් ප්‍රකාශකොට ඇත්තේ සිය පියාට "රත්තරං" යන නාමය ලැබුනේ තාත්තාගේ ආච්චි කෙනෙකු පොඩි කාලයේ සුරතලයට කියූ නමක් ඇසුරින් බවය.

නමුත් රත්තරං යන නාමය රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාට පටබැඳුණු ආකාරය ප්‍රචලිත වී ඇත්තේ වෙනස්ම කතාවකිනි. ඒ කෙසේ වෙතත් රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා රුපියල් කෝටි 45ක වත්කම් සොයාගත් ආකාරය හෙළිකරන ලෙසමේ වනවිට අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් ගොනුවී තිබෙනවා.

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ දියණිය ලබා දුන් පුවත්පත් සාකච්චාවේ කොටස් කිහිපයක් පහතින් බලන්න 

රුක්මණී දේවි නමින් වෙබ් අඩවියක් විවෘත වේ


අසහාය ගායිකාවක් සහ සිනමා නිළි රැජිණ වූ රුක්මණී දේවි මිය ගොස් පසුගිය 28 වනදාට වසර 34ක් සපිරිනු අතර ඒ වෙනුවෙන් පිහිටවූ රුක්මණී දේවි අනුස්මරණ සංගමයට ද වසර 24ක් සැපිරේ.

එම සංගමය විසින් අභාවප්‍රාප්ත රුක්මණී දේවි වෙනුවෙන් ඇයට උපහාරයක් ලෙස ඇයගේ නමින් වෙබ් අඩවියක් (
 http://www.rukmanidevisrilanka.org/ ) විවෘත කිරීම 28 වනදා උදෑසන බෞද්ධාලෝක මාවතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. 

නාමල්ට බිය නොවූ බැංකු සභාපතිවරයා


Updated 29/10/12

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග ආන්දෝලනාත්මක දෙබස ඇතිවුයේ අප පෙර ලබා දුන් ඉඟියකින් කියවුණු සභාපතිවරයා සමග නොවනව බවත් ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතා සමග වනබව මේවනවිට අප වෙත තහවුරු වී තිබෙනවා.

_______________________________________________ 
එජාප දේශපාලනඥයකුට සම්බන්ධ ඇලෝෂියස්‌ පවුලේ මුණුපුරකුගේ විවාහ උත්සවයක් පසුගිය අඟහරුවාදා හිල්ටන් හෝටලයේ පැවැත්වුණා.

මේ නිසා මඟුල් ගෙදරට රනිල්, ජයලත්, නාමල්, ජොන්ස්‌ටන්, යෝෂිත, ජෝන් වැනි විශාල දේශපාලඥයින් පිරිසක්‌ සිටි අතර එම තරුණයා විදේශයන්හිදී ඉගෙනගෙන ඇත්තේ නාමල් රාජපක්‍ෂ සමඟ එකටය.

මඟුල් ගෙදර ටික වේලාවක්‌ සිටි නාමල් රාජපක්ෂ ද ආපසු යන්නට එලියට පැමිනෙනවිටදී හෝටලයට එක්‌තරා ප්‍රකට රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක්‌ පැමිණ සිටියේය.

ඔහු වෙත ගිය නාමල් පැවසුවේ

ගල් විහාරයේ පිළිම විනාශවීමේ අවදානමක


ජාතියේ ප්‍රෞඩත්වය ලොවට කියාපාන පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිම මේ වනවිට විනාශ වෙමින් පවතී.

ගල් විහාරයේ මෙම ප්‍රතිමා ආරක්‌ෂා කිරීම සඳහා මෑතකදී තැනූ දුගී පියස්‌සේ වූ පාදම් කණු ඛාදනය වී අවපැහැ ගෙන තිබෙන අතර වහලයේද තැනින් තැන මලකඩ කා තිබෙනු දක්නට හැකිය.

දුර්වර්ණව මල කෑ සෙවිලි තහඩු අතරින් රූරා වැටෙන මලකඩ සහිත වැසි දිය පිළිම මතද වැටී එකතුවී ඇති අතර වසර දහස් ගනනක් අව්වට වේලෙමින් , වැස්සට තෙමෙමින් තිබූ පිළිම මෑත කාලයේ අව පැහැගැන්වී ඇත්තේ මලකඩ ඒ මතට වැටීම නිසාය

කැටයමින් යුතු විද්‍යාධර ගුහාවෙහි මුව දොර වසා ඉදිකළ යකඩ කූරු දැල මුළුමනින්ම මල කා දිරාපත්ව ගොස්‌ ඇත. ගෙදරක බලු කූඩුවකට මීට වඩා සැලකිල්ලක්‌ තිබේ. දිරාපත් යකඩ දැලෙහි කම්බි දරා සිටිනා ආධාරයක සවි වූ පුරාණ ගල් පුවරුවත් යකඩ මලින් දුර්වර්ණ වී ඇත

ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක කාලගුණ අනාවැකි කිව හැකි නව ක්‍රමයක් පාසැල් සිසුවෙකු සොයාගනී

විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට අද පස්වරු හතෙන් පසුව මිලිමීටර් 10 කට අඩු වර්ෂාපතනයක්.

තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන තිබෙනවා.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකු වන ඔහු මාලින් ජයනාත් විජේරත්නයි.

තාරකා වල පිහිටීම නිරීක්ෂණය කල ඔහු ඒ ඇසුරින් වර්ෂාපතනය හා කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමවේදයක් නිර්මාණය කල අතර ඒ සඳහා ජාතික විද්‍යා පදනම විසින් මෙම වසරේ පවත්වන ලද තරඟාවලියේදී ඔහු පලමු ස්ථානය දිනාගන තිබෙනවා.



ජාතික පොහොර සතියට ගෙනා පොහොර වල කලු ගල්


මේ මස 20 -27 දක්වා පැවති ජාතික පොහොර සතිය වෙනුවෙන් ගොවීන් හට බෙදා දීමට හොරණ ගොවිජන සේවාමධ්‍යස්ථානය වෙත ගෙන ආ යූරියා පොහොර මිටිවල තිබී විශාල ප්‍රමාණයේ කළු ගල් සොයාගන තිබුණා. 


අදාල වැඩ සටහන යටතේ බෙදා දීමට හොරණ ගොවිජන සේවා කාර්යාලයට මෙට්‍රික් ටොන් 80ක යූරියා තොගයක් ගෙන ආ අතර ඒ අතර තිබූ මිටි 04කින් ඒවා සොයා ගෙන තිබෙනවා. 

ගුවන් විදුලි නාලිකාවල සංඛ්‍යාත වෙනස් වන්නේ මෙහෙමයි



ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවා.

සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනයනොවීම මෙයට හේතුව ලෙස සඳහන් කොට තිබෙනවා.

වෙන්ඩෝල් සමාගමේ සභාපති සෝවාන් වෙලාලු !


සුප්‍රකට සබන් හා දේශීය ආයුර්වේද නිෂ්පාදන නිපදවන වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල, ජී ගොඩකන්ද මහතා තමා සෝවාන් වී ඇති බව ප්‍රසිද්ධියේ පතුරවමින් සිටින බව අප වෙත වාර්තා වේ. 

කලින් කලට ලංකාවේ සෝවාන් වූ හා බුදු වූ පුද්ගලයන් දැකගැනීමට හැකි වූ අතර ඔවුන්ට තිබුනේ ඉතා කෙටි පැවැත්මකි. වඳුරඹ සිරිවර්ධන නොහොත් මහත්තයා එසේ බුදු බව ලැබූ බව කියූ පුද්ගලයෙකි. 

අලුත්වන කොළඹ ඉදිවන අහස සිඹින ගොඩනැගිලි

Ndocean Tower


ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවලොපරස් සමාගම කොළඹ කොම්පඤඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016 දී වැඩ අවසන් වන මේ කුලුන ශ්‍රී ලාංකිකයන් නොවන විදේශිකයන් අය ඉලක්ක කෙරෙයි. 
නාන තටාක, නැරඹුම් මැදිරි . ක්‍රීඩාගාර , ටෙනිස් පිටි ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ හෙලිකොප්ටර් අංගනයකි.



Monday, October 29, 2012

දරුවකු කරපින්නාගෙන සරසවියට යන දිරිය මවක්

මවක් තම දරුවා වඩාගෙන පෙරපාසලකට රැගෙන යාම සාමාන්‍ය දෙයක් වුවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන වැඩිවියට පත් දරුවෙකු වඩාගෙන විශ්ව විද්‍යාලයට රැගෙන යන මවක් දැකීමට ලැබීම අසාමාන්‍ය සිදුවීමකි.

එහෙත් එවැනි පුවතක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාර්තා වෙයි. කසුන් චාමර නමැති මෙම විශ්ව විද්‍යාල සිසුවා මාංශ පේශී දුර්වලතා හේතුවෙන් උපතින්ම ආබාධිතය. නමුත් මාතර රාහුල විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය සඳහා තේරී පත්වුයේ අනෙකුත් සාමාන්‍ය දරුවන් අභිබවා යමින්ය.

කසුන් චාමර අද සිටින තත්ත්වයට පැමිණීමට ඔහුට ශක්තිය හා ධෛර්ය දෙමින් ඔහු ළඟ සිටින යෝධ සෙවනැල්ල ඔහුගේ මවත් පියාත්ය. කසුන් ගා හැම කෙනෙකුටත් වඩා දන්නේ ඔවුන්ය. කසුන්ගේ මව කසුන් පිළිබඳව පවසන්නේ මෙසේය.



ජනපති ඩුබායි ගිය ගුවන් යානයේ තිබූ දෝෂය හා ඉන්පසුව සිදුවූයේ කුමක්ද?

21 වැනිදා සවස 3 ට පමණ ජනාධිපතිවරයා ඩුබායි යාමට නියමිතව තිබූ UL 1207 යානයේ තිබූ දෝෂයක් නිසා එම ගමන ප්‍රමාදවූ බවට වාර්තා විය.

ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් සොයාගත් එම දෝෂය පිළිබඳව මාධ්‍ය වාර්තා පල වුනේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගත් කුමන්ත්‍රණයක් බවටයි.

ඒ අනුව ගුවන් සේවා අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න විසින් පස් පුද්ගල කමිටුවක් පත් කළ අතර පරීක්ෂණ කිරීම සඳහා රහස් පොලීසියට නියෝග කළේය.


මෙම සිදුවීම ඊට පසුදින රිවිර පුවත්පත වාර්තා කර සිටියේ ...

Friday, October 26, 2012

ගාල්ලේ ටින් මාළු කර්මාන්තශලාව වසා දැමීමට තීරණය කරයි

රුපියල් මිලියන 840 ක වියදමින් ගාල්ලේ තැනු ටින් මාළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එයට හේතු වී ඇත්තේ එහි නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා වෙළඳපොළක් නොතිබීමත්, ආනයනය කරන ටින් මාළු මිල අඩුවීමත් හා බදු මෙන්ම විදුලි බිල වැඩිවීම ආදී කරුණුයි.

ධීවර සංස්ථාව හැපිකුක් ලංකා ෆුඩ්ස් පෞද්ගලික සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එම ටින් මාළු කර්මාන්තශාලාව විවෘත කෙරුනේ පසුගිය අප්‍රේල් මස 03 වෙනිදා ය.



Thursday, October 25, 2012

තුර්කියේ කාන්තාවක් ඇවිදින අතර දරුවෙකු ප්‍රසුත කරයි


තුර්කියේ විදියක පටිගත වූ දර්ශනයක් හේතුවෙන් තුර්කියේ ඉස්තාන්බුල් මේ දිනවල බොහෝ කතාබහට ලක්වන රටක් බවට පත්වී හමාරය. මේ දර්ශනයෙන් පෙන්වන්නේ දෙමාපියන් යුවලක් තම තරුණ දියණිය සමග තුර්කියේ විදියක රාත්‍රියේ ගමන් කරමින් සිටියදී එම දියණිය විසින් බිලින්දෙකු ප්‍රසුත කිරීමයි. 

මෙහිදී පටිගත වූ දර්ශනයෙන් එම තරුණිය ඇවිද යන අතරවාරයේ යමක් ඇගෙන් අද වැටෙන අයුරු පෙන්වන අතර පසුව තරුණිය හා අගේ මව්පියන් දෙදෙනා ඒ දෙසට එබී බලා යන්න යන අයුරු පෙන්වනවා.


නීතියට මුවාවී කරන ලංකාවේ සේක්ස් ටෝයිස් ජාවාරම


ශ්‍රී ලංකාවට "සෙක්ස් ටෝයිස්" යන්න අලුත් යෙදුමකි. නමුත් විදේශයන්හි ඒවා විකිණීම සඳහා වෙනමම සුපිරි වෙළඳසල් ඇත්තේය. ලංකාවට අලුත් අත්දැකීමක් වූ මෙම සෙක්ස් ටෝයිස් නීතියට මුවාවෙමින් හොර රහසේ කොළොඹ තුන හා හතර ප්‍රදේශයන්හි පිහිටා ඇති සම්භාහන ආයතනවල විකිණීමට තබා ඇති බව පසුගියදා ලක්බිම නිව්ස්මාධ්‍යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් අනතුරුව සොයාගෙන තිබෙනවා.

එහිදී ඔවුන් වෙත අදහස් දැක්වූ එක් සම්භාහන ආයතනයක් හිමිකරුවෙක් පවසා තිබුනේ මෙවැන්නක් 

"අපේ සම්භාණ ආයතනය නිත්‍යානුකුලව පිහිටවල තියෙන්නේ.එක හින්ද පොලිසිය අපිව වටලන්න එන්නේ නැහැ. අපි ෂොප් එක ඉස්සරහ බෝඩ් දාල මේවා විකුනන්න තියෙනවා කියල කියන්නේ නැහැ. අපිට විශ්වාස කරන්න පුළුවන් ගනදෙනුකරුවන්ට අපි මේවා දෙනවා. 


මේවා මිලදී ගන්නේ ගොඩක් සමාජයේ ඉහල තලයේ අය. පිරිමි අය ගන්නවා අඩුයි. වයස අවරුදු 30 - 35 අතර තරුණ කාන්තාවන් තමයි වැඩිපුරම මිලදී ගන්නේ සහ ඔවුන් මේවා දිනපතා භාවිතයට ඇබ්බැහි වී සිටිනවා."

Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම


ඉතාම අධික ආරක්ෂාවක් සහිතව ලෝකයාගෙන් වසන් කරමින් ඇමරිකාව විසින් පවත්වාගන යන ඒරියා-51 ප්‍රදේශයට BBC මාධ්‍යවේදීන් කන්ඩායමක් විසින් පසුගිය කාලයේ ඇතුළුවී තිබුණා.

Conspiracy Road Trip: UFOs නමින් විකාශය වන වාර්තා වැඩසටහනක් සඳහායි ඔවුන් මෙලෙස ඇතුළුවී තිබුනේ. ඇතුළු වූ කණ්ඩායමට අයර්ලන්ත විකට නළුවෙකු ඇන්ඩෲ මැක්ස්වෙල් හා පියාඹනපීරිසි විද්‍යාඥයෙකු වන ඩැරන් පර්ක්ස් ද ඇතුළත්ව සිටියා

කැලිෆෝනියාව, ඇරිසෝනා හරහා නෙවාඩා කාන්තාරයට පැමිණි 12 දෙනෙකුගෙන් යුත් මෙම පිරිස තහනම් කලාපයට පැමිණ ඇත්තේ රාත්‍රිය එහි ගතකර අසාමාන්‍ය අහස නිරීක්ෂණය කිරීම සඳහාය.



ඔවුන් එහි යන වන විට සවස 5 පමණ වී තිබූ අතර ආරක්ෂක මුරකාවලෙහි නිළධාරීන් හෝ වාහන කිසිවක් තිබී නැහැ. මුරකාවලට මීටර් 50ක් පමණ ඈතින් වාහනය නැවැත්වූ ඔවුන් විනාඩි 30ක පමණ කාලයක් රූගතකිරීම් කටයුතු වල නිරතව තිබුණා.

බිය ගැන්වෙන පරිගනක තිර දැන්වීම


විදුලි සෝපානයකට ඇතුල්වී එහි ගමන් කළ යුතු මහල සඳහා අවශ්‍ය බොත්තම තද කල පසුව සෝපානයේ විදුලිය අඩපනවන බව හඟවා, යකඩ ගැලවී යන හඬත් සමඟ එහි පතුල කඩන් වැටෙනා දර්ශනයක් අඩංගු වෙළඳ දැන්වීමක් පිළිබඳව බොහෝ දෙනා කතා කිරීමට පටන්ගන තිබෙනවා.

බිම සවිකර ඇති පැතලි තිර මඟින් එම දර්ශය පෙනන විට බොහෝ දෙනා බියවෙන අයුරුයි එයින් පෙනුනේ.

එම වීවියෝව පහතින්.

Wednesday, October 24, 2012

වී කුරුල්ලන්ගේ, මාල ගිරවුන්ගේ නිදහස අහිමි කිරීමට යයි




1937 වසරේ පළමුව නීතිගත වූ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අවස්ථා අටක දී සංශෝධනය වීමෙන් පසු මේ වන විට බොහෝ වනජීවීන් ගේ රැකවරණය සැලසී ඇත.

අවසන් වරට සංශෝධිත 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මඟින් සත්ත්ව වර්ග රාශියක් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇත.

ආඥා පනතේ 49 වන වගන්තිය යටතේ වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් ආරක්ෂිත සතුන් වන නිසා එම පක්‍ෂියකු මරණයට පත් කිරීම, එම පක්‍ෂියාට තුවාල සිදු කිරීම, හානි සිදු කිරීම, යම් පක්‍ෂියකු ගේ බිත්තර හෝ කූඩුව ගැනීම හෝ විනාශ කිරීම, ස්වාභාවික පරිසරයෙන් අල්ලා විකිණීම, විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම හා ප‍්‍රවාහනය කිරීම වරදක්‌ බවට පත් කර තිබේ.

විගණන අධිකාරි ලලිත් අඹන්වලට ඇසිඩ් ගැසූ 07 දෙනාම හිරේ යවයි




විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා ඔහුගේ මරණය සිදු කරන්නට උත්සහ දැරී යැයි යන අධි‍ චෝදනා ලබා සිටි විත්තිකරුවන් හත් දෙනා සියලු චෝදනාවලට වරදකරුවන් බව මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු ප්‍රිතී පද්මන් සූරසේන මහතා අද (24) තීන්දු කළේය.2002 මැයි මස 20 වැනිදා මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ දී විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා තිබුණි. එම ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඒ මහතා බරපතල තුවාල ලැබූ අතර ජීවිතයත් මරණයත් අතරේ සෑහෙන කාලයක් සටන් කරමින් සිට වෛද්‍යවරුන්ගේ දක්ෂතාව නිසා ජීවිතය බේරා ගන්නට හැකි විය. එහෙත් ඇසිඩ් ප්‍රහාරයෙන් ඒ මහතාගේ ඇසක් අන්ධ වී ගියේය. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණ.

රන්ජන් - අනර්කලී ගැටුම ඇතිවුනේ නිල් බලකාය නිසා


සිදුවීමට "නිල් බලකායගැවිමත් සමග අනර්කලී රන්ජන් සමග පැටලෙයි.

මෙයට පෙර පුවතකින් අප වාර්තා කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතරත් පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂාත් අතර ඉටි මල් ටෙලි නාට්‍යයේ දර්ශන තලයේ ඇතිවූ ගැටුමක් සම්බන්ධවයි.

මෙම ගැටුම දේශපාලනය සම්බන්ධව පැන නැගුනක් බව බොහෝ දෙනා දන්නවා වුවත් ගැටුමට මුල් වූ දේශපාලන කාරණය දැනගෙන සිටියේ නැත. පසුගිය දිනක පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් දෙමින් රන්ජන් රාමනායක එම ගැටුමට හේතුව හෙළිකොට තිබේ.

රන්ජන් ගැටුමට හේතුව විස්තර කල අයුරු බලන්න පහතින් 

Tuesday, October 23, 2012

ජුලියා ගිලර්ඩ් නැවතත් ඇද වැටෙයි


ඕස්ට්‍රේලියාවේ අගමැතිනිය වන ජුලියා ගිලර්ඩ් පසුගියදා ඇද වැටී තිබුණා.

දින තුනක ඉන්දියාවේ කල සංචාරයේ අවසන් දිනය වූ 17 
දා ඇය ඇද වැටී තිබුනේ ගාන්ධි සමාරකය නැරඹීමට ගොස් තිබූ අවස්ථාවේ.

එහිදී කුඩා පඩියක් බැසීමේදී පය පැකිලී තණ කොල මත ඇය ඇදවැටී තිබුනේ ඇය අඩි උස පාවහන් පැළඳ සිටීම නිසාය.

එම වීඩියෝව පහතින්.





මීට පෙර පසුගිය ජනවාරි මාසයේ ඕස්ට්‍රේලීයාවේ ජාතික දිනය දා ඇය කතාවක් පවත්වමින් සිටින අතරතුරේ එම ස්ථානයට හදිසියේ පැමිණි කලහකාරීන් පිරිසකගෙන් බේරීමට ජුලියා දිවයන අවස්ථාවේද මීට පෙර ඇදවැටී තිබුණා.

එම අවස්ථාවේ ශරීර ආරක්ෂකයන් ඇයව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට පිටත් කර හැර තිබූ අතර එහිදී ගත් ජායාරූප හා වීඩියෝ පහතින්

Monday, October 22, 2012

ප්‍රවේගයට පබා හා යුරෙනි නැටූ හැටි


2013 ජනවාරි මාසයේ තිරගතවීමට නියමිත් ප්‍රවේගය චිත්‍රපටයේ ගීතයක් සඳහා උපේක්ෂා ස්වර්ණමලි හා යුරෙනි නොෂිකා නර්තනයක යෙදුනේ පහත පරිදිය.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන්නේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන සරවනන් ය, නිෂ්පාදක වන්නේ සුපර් සික්ස් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ සදේශ් කුමාර් ය.



මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.

දිනේෂා ශ්‍රීමාලි ගේ චරිතාපදානය

ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිටි ටෙලිනාට්‍ය නිළියක් රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහරින ලද පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා.

ඇය පිළිබඳව සොයාබැලූ අපට ඇයගේ එදා මෙදාතුර චරිතාපදානය සොයාගැනීමට හැකි වුණා.

දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංග ගේ ගම රත්නපුරේ බටුගෙදර ය. හරියටම බටුගෙදර ඉස්කෝලෙට අල්ලපු ඉඩමය. ඇය කොළඹ එන්නට පෙර රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයින්, හා රත්නපුරේ නිලමේ යන නම ඇති දේශපාලඥයෙක් සමඟද අනියම් සම්බන්ධතා පවත්වා ඇත.


ඉන්පසු විනිල් මැණික් ව්‍යාපාරිකයා හා කළුබෝවිල ධම්මික මෝටර්ස් අයිතිකරු සමඟද එම ආකාරයෙන්ම ඇසුරක් තිබී ඇත.

සපුගස්කන්ද වැඩ නවතින හැඩ


ඉරාන බොරතෙල් නොමැතිවීම නිසා මුහුණ දී තිබෙන අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු නතර කිරීමට සිදුවනු ඇති බව වාර්ථා වේ.

රජයේ මුදල් නාස්ති කරන මර්වින්ගේ ෆැමිලි සවාරි


පසුගිය සතියේ මහජන සම්බන්ධතා අමාත්‍යය මර්වින් සිල්වා , මෑතකදී මේජර් වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධව ආන්දෝලනාත්මක චරිතයක් වූ මර්වින්ගේ පුත් මාලක සිල්වා ඇතුළු පවුලේ උදවිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇත.

ස්විට්සර්ලන්තයේ සුරිච් ගුවන්තොටුපලට ගිය ඇමතිවරයා ඇතුළු පවුලේ උදවිය ගුවන්තොටුපලේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි නවාතැන් ගන්නා හෝටලය වෙත යාමට කුලී රථයක් ගෙන තිබුනේ නැත. 

මෙවර ශිෂ්‍යත්වයෙන් 90%ක් ෆේල්

පසුගිය අගෝස්තු 26වනදා පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 310,329 දෙනු පෙනී සිටි අතර එයින් සමත්වී තිබෙන්නේ 33,383කි.

එනම් අසමත්වූ සිසු ප්‍රතිපලය 89.24% කි.

මෙවර සමත්වී ඇති ප්‍රතිශතය 10.76ක් වන අතර එම අගය පසුගිය 2011 වසරේ 10.38කි.


එක් ප්‍රශ්න පත්‍රයකට අවම ලකුණු 50 බැගින් මුළු ලකුණු 100ට වැඩියෙන් ලබාගන ඇත්තේ 39.38%කි.

සූර්යයන් 4 දෙනෙකුගෙන් යුත් ග්‍රහලොවක් සොයාගනී.


සූර්යයන් 4 දෙනෙකුගෙන් යුත් ග්‍රහලොවක් පසුගියදා සොයාගන තිබෙනවා.

එම ග්‍රහලොව වටා සූර්යයන් දෙදෙනෙකු බ්‍රමණය වන අතර ග්‍රහලෝකද තවත් සූර්යයන් දෙදෙනෙකු වටා බ්‍රමණය වීම මෙහි ඇති විශේෂත්වයයි.

සුර්යයන් දෙදෙනෙකු වටා බ්‍රමණය වන ග්‍රහලෝක මේ වනවිට 6ක් පමණ සොයාගන ඇතත් ග්‍රහලෝකයක් වටා සූර්යයෙක් භ්‍රමණය වන අවස්ථාවක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.

පෘතුවිය මෙන් 6 ගුණයක් විශාල වන එම ග්‍රහලෝකට PH1 ලෙස නම් කර ඇති අතර එය පිහිටා තිබෙන්නේ ආලෝක වර්ෂ 3,200ක දුරිනි.

අනියම් පෙම නිසා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට තැත්කළ ටෙලි නිළිය


ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිටි ටෙලිනාට්‍ය නිළියක් රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත පසුගිය වසරේදී මුදාහරින ලදී.

පසුගියදා ඇයගේ නඩුව නැවත විභාග වූ අවස්ථාවේ සැකකාරියට විරුද්ධව ඇත්තේ දුරකථන ඇමතුමක් පමණක් හෙයින් ඇයගේ ඇප කොන්දේසි ලිහිල්කොට ඇත.

මෙසේ ඇප මත මුදාහරින ලැබුවේ "චරිතයකට පාට දෙන්න" ටෙලි නාට්‍යය තුලින් රංගනයට පිවිසි ටෙලි නාට්‍යය නිළියක වන දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංය.

අප වෙත වාර්තා වන පරිදි සිදුවීම මෙසේය.

Dish TV ඉදිරියේදී ලංකාවට

ඉන්දියාවේ විශාලතම චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා විකාශයන් ලබාදෙන ආයතනයක් වන Dish TV ආයතනය ලංකාවේද ව්‍යාපාර ආරම්භ කිරීමට සූදානම් වෙනවා.

ඒ සඳහා ඔවුන් 
ඉන්දියන් රු. මිලියන 700ක් (ලංකාවේ රුපියල් බිලියන 1.7ක් පමණ) ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ ලංකාවේ SAT NET (Pvt) Ltd ආයතනය හා සහයෝගීතා ගිවිසුමක් සමඟයි. එම ආයතනය මීට පෙර හඳුන්වනු ලැබුවේ Star TV Lanka Pvt. Ltd ලෙසයි 

සැට් නෙට් ලංකා ආයතනයේ සභාපති වන්නේ රාජ්‍ය ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුලුගල්ල මහතාය.


මෙම ව්‍යාපාර කටයුතු වලින් 70%ක අයිතිය ඩිෂ් ටී.වී ලංකා තබාගන්නා අතර ඉතිරිය අයත් වන්නේ සැට් නෙට් ලංකා ආයතනටයි. සැට් නෙට් ලංකා ආයතනය Dish TV ලංකා ආයතනය හා එක්ව ලංකාවේ විකාශන කටයුතු සඳහා අවසර ලබාගන ඇත්තේ පසුගිය අප්‍රේල් 25වනදාය.

ලංකාවට අයත් ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 වෙනිදා කක්ෂගත කෙරේ

ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දෙසැම්බර් මාසයේ කක්ෂගත කිරීමට නියමිත බව මීට පෙර ලිපි කිහිපයක් මඟින් අප ඔබ වෙත ගෙන එනු ලැබුවා.

2015 දෙසැම්බර් මාසයේ කක්ෂගත කිරීමට නියමිත එම චන්ද්‍රිකාවට අමතරව ලංකාවට අයත් තවත් චන්ද්‍රිකාවක් ලබන මාසයේ 22 වෙනිදා ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30ට අභ්‍යාවකාශගත කිරීමට නියමිතයි.

චීනය සතුව චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථාන හතරක් තිබෙන අතර මෙම චන්ද්‍රිකාව උඩුගුවනට යවන්නේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිටයි.

රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට යවන එය 87.5 භූ ස්ථායි කක්ෂයේ (87.5E) රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.



ජාත්‍යන්තර රූ රැජින තරඟයේ 3 වන ස්ථානය ලංකාවට

පසුගිය දිනවල ජපානයේ පැවැත්වූ 52වැනි ජාත්‍යන්තර රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මධූෂා මායාදුන්නේ සහභාගී වි සිටින පුවතක් හා එම තරඟයේ ජායාරූප එකතුවක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

මීට ස්වල්ප මුහොතකට පෙර එහි අවසන් වටය පැවති අතර රටවල් 77 ක තරඟකාරියන් අතුරින් 2nd Runner-Up ලෙස කිරුල දරමින් තෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මධූෂාට හැකි වුනා.

ජාත්‍යන්තර රූ රැජින ලෙස කිරුල පැළඳුවේ ජපානය නියෝජනය කළ ඉකුමි යුෂිමත්සු ය. අවසන් වටයේ වීඩියෝව, ජායාරූප එකතුවක් හා අනෙක් තරඟ ප්‍රතිපල පහත පරිදිය.

බොලිවුඩ් සිනමාවේ රොමැන්ටික් රජු යාෂ් චොප්රා මිය යයි


බොලිවුඩ් සිනමාවේ රොමැන්ටික් චිත්‍රපට නිෂ්පාදකයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙකු වන යාෂ් චොප්රා ඉන්දියාවේ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබෙනවා. 

මිය යනවිට ඇසුවැනි වියේ පසුවූ යාෂ් චොප්රා මිය යාමට හේතුව ලෙස විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුනේ පසුගිය සතියේ ඔහුට වැළඳී තිබුණු ඩෙංගු උණ රෝගයයි.

මිය යන විට ඔහු , ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන "Jab Tak Hai Jaan." නිර්මාණය කිරීමේ කටයුත්තට වැඩි කාලයක් යොදමින් සිට තිබෙනවා.

යාෂ් චොප්රා හට ආදිත්‍ය හා උදය චොප්රා යනුවෙන් පුතුන් දෙදෙනෙකු වන අතර චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා "යාෂ් රාජ් ෆිල්ම්ස්" යනුවෙන් චිත්‍රපට නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනු ලබනවා.

යාෂ් චොප්රා විසින් නිෂ්පාදිත ජනප්‍රිය චිත්‍රපට 

කෝටි 5ක වන්දි ඉල්ලා ගාල්තැන්න දේවාලයෙන් ලංකා පුවත්පතට නඩු

ලංකා පුවත්පතේ පසුගියදා පලවූ ලිපි දෙකක් මගින් ඔහුගේ කිර්ති නාමයට හානි සිදුවූ බව පවසමින් රුපියල් ලක්ෂ 510 ක් වන්දි ඉල්ලා ගාල්තැන්න දේවාලයේ දේවගැති ගාමිණි ආනන්ද විසින් ලංකා පුවත්පතට නඩු පවරා ඇත.

එම පුවත් පත පලකරන සිමා සහිත ලංකා ෆාස්ට් පබ්ලිකේෂන් වෙත පැවරූ එම නඩුවට හේතුවී ඇත්තේ "එකසිය අටක් මැරූ දේව පුත්‍රයාගේ වැඩකිඩ" හා "කාලි අම්මට නොපෙනන ගාල්තැන්නේ දුෂණ" යන ලිපි දෙකක් මගින් ගාල්තැන්න දේවාලයේ දූෂණ රටට හෙළි කිරීමයි.


මෙයට පෙර ගාල්තැන්න දේවාලයේ කපු මහතා විසින් ඔහුගේ නිරුවත හෙළි කල නෙත් එෆ්.එම් ගුවන් විදුලිය භංග වීම සඳහා විශේෂ පුජාවක් සිදු කල අතර එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලද තැන නෙත් එෆ්.එම් වෙත මිලියන 50 ක වන්දි නඩුවක් පවරා ඇත.

Sunday, October 21, 2012

නයි නළඟනගේ නාගයා ආහාර ගනිමින් සුවසේ

කොල්ලුපිටිය සමාජ ශාලාවක නළඟන විසින් ඇති දැඩි කල නාගයා දෙහිවල සත්වෝද්‍යානය භාරයට පත්වීමෙන් අනතුරුව ගත වූ මාසයක් වැනි කෙටි කාලයක් ඇතුලතදී හොඳින් ආහාර ගනිමින් සෑහෙන තරමක වර්ධනයක් ලබා ඇතැයි සත්වෝද්‍යාන උරග උයනේ අධීක්ෂණවරයා පවසනවා.

අඩි තුනක් පමණ දිග මෙම නාගයා සත්වෝද්‍යානයට භාර දෙන විටම විෂ දළ විෂ කෝෂ වලින්ම ගලවා ඉවත්කර තිබු බවත් මෙය සම්පුර්ණයෙන්ම සත්ත්ව හිංසාවක් බවත් ඔහු පවසනවා.

විෂ කෝෂ වලින්ම දළ ගලවා ඉවත්කළ පසු කිසිදාක එම දළවල නැවත විෂ හට ගැනීමක් සිදු නොවන අතර දළ ගැලවීම නිසා ගොදුර අඩපණ කරගැනීමට නොහැකිව එම සතාට ආහාර ලබාගැනීම තරමක් දුරට අපහසුවක් නිසා දිනක් වයසැති කුකුළු පැටවුන් හා සතියකට වරක් මී පැටවුන් වැනි සජීවී ගොදුරු ලබා දෙන බවයි වාර්තා වෙන්නේ.

මේ වගේ අනතුරක් වෙලා බේරුන ලෝකේ පලවෙනි කෙනා දුමින්දයි


දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා පසුගියදා අධිකරණයේදී දුමින්ද සිල්වාගේ නවතම සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව කරුණු දක්වා සිටියා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙවැන්නක්.

මේ ආකෘතිය දුමින්ද සිල්වාගේ හිස් කබලේ ත්‍රිමාණ ආකෘතිය අනුව සැකසුනු ආකෘතියක්.

රස කතා




ඉස්සර අපිත් එක්ක වැඩ කරපු ප්‍රවීණ මාධ්‍යවේදී රංජිත් නිමල්සිරිට ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමකින් මාධ්‍ය සාකච්ඡාවකට ඇරයුම් ලැබුණා. ඒ සමාගම අලුතින් හඳුන්වා දෙන නිෂ්පාදන කිහිපයක් මුල් කරගෙනයි ඒ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ.
“මිස්ට නිමල්සිරි අපේ පේ‍රස් කොන්ෆරන්ස් එකට එනවා නම් අපිට පුළුවන් ට්‍රාන්ස්‍පෝට් ඇරෙන්ජ් කරන්න.’ සමාගම වෙනුවෙන් අපේ මිත්‍රයාට දුරකතනයෙන් කතා කරපු නෝනා කෙනෙක් ඉංග්‍රීසි කතා කරන විදිහට කට උල් කරලා එහෙම කිව්වා.
“ඔව් ඒකේ වරදක් නෑ.” රංජිතුත් උත්තර දුන්නා.
“එතකොට මිස්ට නිමල්සිරි ෆොටෝ ග්‍රැෆර් කෙනෙකුත් එනවද?” අර නෝනා ආයිමත් අර විදිහටම ඇහුවා.
“ඔව්; ඔව් බොහෝ විට එනවා” රංජිතුත් උත්තර දුන්නා.
“තෑන්ක්ස් සෝ මච්; මිස්ට නිමල්සිරි” කියපු අර නෝනත් රිසිවරය තිබ්බා.
කොහොම හරි ඒ මාධ්‍ය සාකච්ඡාවට අපේ මිත්‍රයව එක්ක යන්න අර නෝනා තවත් කොලු ගැටයෙකුත් එක්ක සුඛෝපභෝගී වෑන් රථයකින් නියමිත දවසේ අපේ කන්තෝරුවේ ආරක්ෂක අංශය ළඟට ආවා.
“මිස්ට නිමල්සිරි ඉන්නවද?” ඒ නෝනා අර විදිහටකට උල් කරලම ආරක්ෂක නිලධාරියාගෙන් ඇහුවා.
“මිස් ඔහොම ‍පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න; සර් දැන් පහළට එයි.” ආරක්ෂක නිලධාරියාත් කිව්වා.
“එතකොට අර ෆොටෝ ග්‍රැෆර් “ඒ නෝනා ඊළඟට ඇහුවා.

ටෝනි ග්‍රෙග්ට පිළිකාවක්


ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විචාරක  ටෝනි ග්‍රෙග් මහතා හට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ටෝනි ග්‍රෙග්ට පිළිකාවක් වැළඳී ඇති බව දැනගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවෙදිය.

පසුගියදා නිමවුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අවසානයේදී රෝගී තත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකරන ලද පරීක්ෂණ වලින් ඔහුට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව සොයාගෙන තිබේ.

1946 වසරේ ජනවාරි මාසයේ 6 වැනිදා දකුණු අප්‍රිකාවේ උපන් ඇන්තෝනි ටෝනි විලියම් ග්‍රේග් හෙවත් ටෝනි ග්‍රේග් 70 දසකයේ එංගලන්තයේ සිටි උසම ක්‍රීඩකයා ද විය. ඔහුගේ උස අඩි 6කුත් අඟල් 6කි.


සුදර්මන් දැන් නළුවෙක්. නමුත් තවමත් පොලීසියට ඔහු හමුවී නැත

සුදර්මන් රදලියගොඩ සබන්ධයෙන් අප වෙබ් අඩවිය විසින් ලිපි ගනනාවක් පල කර ඇත.

මුදල් වංචා එකක් දෙකක් නොව බොහෝ ගණනක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පැමිණිලි ලැබී තිබුනද ශ්‍රී ලංකා පොලීසිය ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ දේශපාලන බලය හමුවේ පොලීසිය නිවටයන් වන නිසාය.

අධිකරණයෙන් ඔහුට විරුද්ධව වරෙන්තුවක් තිබියදී අත් අඩංගුවට නොගන්නේ මන්දැයි විනිසුරුවන් දෙතුන් වතාවක් පොලීසියෙන් විමසා තිබෙද්දීත් ඔහු අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ලංවී සිටින්නේ අධිකරණයද හෑල්ලු කරමිනි.

සයිෆ් අලි කාන් හා කරීනා කපුර් විවාහ වෙයි!


ඉන්දියාවේ සුපිරි නළු නිළි යුවලක්‌ වූ සයිෆ් අලි කාන් හා කරීනා කපූර් පසුගියදා (16) විවාහ ගිවිස ගත් බව වාර්තා වේ. දෙදෙනා තෝරා ගෙන ඇත්තේ සාම්ප්‍රදායික විවාහයෙන් බැහැර වූ උසාවියේ ලියා පදිංචි කරන විවාහයකි.

සැප්තැම්බර් 12 වැනිදා බන්ද්‍රාහී විවාහ ලියා පදිංචි කිරීමේ කාර්යාලයට ගිය සායිෆ් විවාහ අයදුම්පත ගොනුකර තිබේ. ඉන් පසුව එළැඹෙන දින තිහේදී දෙදෙනා නීතියෙන් විවාහ වීම අනිවාර්ය වන අතර ඒ අනුව ඊයේ දිනයේ ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගනු ලැබිය.


වාහන වල බදු ඉදිරි අයවැයේදී අඩු වන්නේ නැහැ


පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙන බව මීට පෙර අප විසින් හෙළි කරනු ලැබුවා.

අලුත් වාහන වලට ඇති ඉල්ලුම පහල බැස ඇති හෙයින් ලංකාවට ආනයනය කල වාහන 5,000ක් පමණ නැවත හරවා යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව මෙයට පෙර ලිපියක සවිස්තර වාර්තාවක් අප විසින් පල කල අතර ඒ අනුව බොහෝ දෙනා සිතුවේ ඉදිරි අයවැයේදී මෙම ගැටලුවට පිලියමක් ලෙස රජය විසින් ආනයන බදු නැවතත් අඩු කරනු ඇති බවය.

දවස් දහයේ බ්‍රවේ කර්නල්


මෑතකදී දේශපාලන අල්ලස් ලෙස දවස් දහයේ පුහුණුවකින් පසු බ්‍රවේ කර්නල් තනතුරු ලබා දුන් විදුහල්පතිවරුන් බිහිවීම පසුපස අනාගත ලංකාවේ දිශානතිය ගැන යම් අවබෝධයක් ලබා ගත හැක.

මීට පෙරදී කර්නල් ධූර දැරූ විදුහල්පතිවරුන් වන කර්නල් ජී ඩබ් රාජපක්ෂ , කර්නල් කුඩලිගම වැනි මහත්වරු එම තනතුරු වලට පත් වුයේ නිසි පරිදි හමුදා පුහුණුව සහ හමුදා මෙන්ම විදුහල්පති සේවයේ දෙමිනි. ඔවුන් තුල තිබු දැවැන්ත පෞරුෂත්වයන් බිහි වුයේ රාජකාරි කාලය සහ අත්දැකීම් මතිනි.


නමුත් දවස් දහයකින් බිහි කරගත් මැටි පාගන කකුල් වලින් දෙපා එකට තබා සැලුට් ගසන මේ කර්නලා ගමේ ගොඩේ කොරනෙල් රාළහාමිලා වැනිය. අලුතින් බ්‍රවේ කර්නල් පත්වීම් ලැබූ සමහරු ඉස්කෝල වලට ළමයින් දැමීමේදී ගාන කපන පගා මරුවන්ය , නැතොත් ළමයා පාසලට ගැනීමට බබාලාගේ අම්මා හෝටල් කාමර වලට ගෙන ගිය චරිතය.

Saturday, October 20, 2012

ලඟදී මගේ මොකුත් ටීවි එකේ ගියේ නැති නිසා කවි පද අමතක කලේ හිතලමයි.

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා විසින් වෙල්ලස්ස ජාතික පාසැලේ පවති උත්සවයකදී ට්බෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ ළමා කවියක් කියන්නට ගොස් පද දෙකක් අමතක වී දරුවන්ගේ හාස්‍යයට ලක් වී තිබූ පුවතක් අප මීට පෙර ගෙන ආවා.

"අපිට තාම මතකයි පුංචි කාලේ කියලා දීපු කවි" යනුවෙන් මතක ඇති කවිය පටන්ගත්තද එය අමතක නිසා දෙතුන් වරක් එය මතක් කර ගන්නට උත්සාහ කලද සාර්ථක වී තිබුනේ නැහැ.

මෙම සිදුවීමෙන් පසුව අමාත්‍යවරයා පසුගියදා වේදිකාවක පැවසුවේ තමා එම කවිපද දෙක අමතක කළේ හිතාමතා බවයි.



රට බේරගන්න පහලවූ දියසෙන් කුමරු ජනපති බව සුමනදාස අබේගුණවර්ධන සොයා ගනී!


"රටේ ඉදිරි දවස් 2,500 ගැන මටනම් හිතාගන්නවත් බෑ.සමෘද්ධිමත් වෙනවා"

වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතායි.

මෙම සති අන්තයේ පුවත්පතකට අදහස් දැක්වූ සුමනදාස අබේගුණවර්ධන මහතා ඔහුගේ නවතම සොයාගැනීමක් පිලිබඳ හෙලිදරව්කොට ඇත. එනම් පොත්පත් වල තිබු කරුණු අනුව යමින් දියසේන කුමරු ගැන සොයාබැලු විට ඔහුට දැනගැනීමට හැකිවී තිබෙන්නේ වත්මන් ජනපතිවරයා පහලවූ දියසෙන් කුමරු බවයි.

ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව

බ්‍රහස්පතීගේ ගැටුණු උල්කාවක් වීඩියෝ ගත කළ පුවතක් හා මාතලේට වැටුණු උල්කාවක කොටස් පිළිබඳව පුවතක් මීට පෙර අප විසින් ගෙන එනු ලැබුවා

පෙරේදා කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සින්කෝ නගරයේ වු ආරක්ෂිත කැමරා දෙකක විශාල ප්‍රමාණයේ උල්කාවක් සටහන්වී තිබුණා.

රාත්‍රී 7.44ට පමණ විශාල ශබ්දයක් සමඟ තැඹිලි පැහැයෙන් යුත් ගිණි බෝලයක් ලෙස මෙය කඩා වැටී ඇති බවයි එය දුටුවන් පවසන්නේ.

මෙම උල්කාව වැටී තිබෙන්නේ මුහුදටද, ගොඩබිමටද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ අරඹා ඇත.



මීගමුවේ බාධක මැද ඉදිවූ බුදු පිළිමය

මිගමුව තෙල්වත්ත හන්දියේ නගර සභා භුමියේ තිබු කුඩා බුදු පිළිම වහන්සේ විශාල බුදු මැදුරක් ලෙස ඉදිකොට නිර්වාරණය කිරීම පසුගියදා සිදු වුවා.

ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් හා නාග විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන් අතිනි.

මෙම බුදු පිළිමවහන්සේ ඉදිවීම පිටුපස ඇත්තේ කටුක කතාවකි. දිගින් දිගටම එල්ලවූ විරෝධයන් හමුවේ නොසැලී තම අවසන් අරමුණ කරා යාමට එහි සංවිධායකයෝ සමත්වී ඇත.

මෙම බුදු පිළිමය ඉදි කිරීමේදී කලින් කලට විරෝධය එල්ල වූ අතර වරක් අධිකරණය දක්වා මෙම ගැටලුව ඇදී ගියේ මෙම බුදු පිළිමය නීති විරෝධී බව කියමිනි.



පුංචි තිරයට එක් වූ අලුත්ම පෙම්වතිය ‘මහේෂි’ සමග කතාබහක්



පුංචි තිරය කියන්නේ නවක නළු නිළි කැලට හොඳ තෝතැන්නක්. අලුත් මුහුණු නිතරම මේ තුළින් දකින්නට ලැබෙනවා. මේ විදියට බිහිවන අය අතුරින් සමහරු ආරම්භයත් සමගම නැතිවෙලා යනවා. නමුත් ඇතැම් අය එක් ටෙලි නාට්‍යයක් තුළින් මතුවනවා සමගමදිගින් දිගටම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වන්න අවස්ථාව ලැබෙන හැටි අපි දැකල තියනවා. පුංචි තිරයේ හමුවන අලුත්ම නිළියක් ගැන මේ විදිහේ සටහනක් තබන්නට අපි හිතුවේ ඇයත් කෙටිකලක් තුළ කාර්යබහුල නිළියක්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙක් නිසා. ඇය මහේෂි මධුෂිකා.

මහේෂි නවක නිළියක්. හැබැයි සතිය පුරාම වගේ ප්‍රේක්ෂකයින් අතරට එනවා...

ගවමස් රස වැටුණ බලු රෑනක් මිනිසුන් පන්න පන්නා කති




ගවමස් කොටස් නැතිදාට පළාතේ එළු , වසු පැටවුන් මරා කෑමට පුරුදු වූ සුනඛයන් පනහකට අධික සංඛ්‍යාවක් මිනිසුන් ද පන්නා, පන්නා සපා කෑමට පටන් ගෙන තිබීම නිසා කැකිරාව, පුබ්බෝගම, බණ්ඩාරපොතාන ගම්මානයේ ජනතාව භීතියට පත් වී සිටිති. අද (19) දවසේ එගම බල්ලන් විසින් සපා කෑ පාසල් සිසුවකු ඇතුළු තිදෙනෙක් දඹුල්ල රෝහලට රැගෙන ආ අතර පාසල් සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත. බණ්ඩාරපොතාන ප්‍රදේශයේ ගව ඝාතනාගාරයක් පවත්වා ගෙන යනු ලැබේ. එහි විසි කරනු ලබන ගවයින්ගේ මංශ කොටස් අනුභව කරන්නට පුරුදු වූ සුනඛයන් පනහකට අධික සංඛ්‍යාවක් ගව ඝාතනාගාරය වටා රොක් වී සිටිති.

Share this article with your friends