Chitika Smowtion 468x60


Monday, July 16, 2012

හේත්තු වෙන්න ගොස් කයි !


පිටකොටුවෙන් රාත‍්‍රී 8.30ට පමණ ගමන් අරඹා ඉංගිරිය බලා ධාවනනය වූ ලංගම බස් රියකි. කිරුළපනින් බසයට ගොඩවූ කාන්තාවක් වාඩිවී සිටියේ බසයේ මැද හරියේ අසුනකය. ඇගේ උරහිසට හොඳ හැටි හේත්තුවී සිටගෙන සිටි තරුණයකු ඇඳ සිටියේ කොට කලිසමක් සහ සුදු පැහැ ටී ෂර්ටයකි. කාන්තාවගේ උරහිසට තරුණයාගේ තද වීම එන්ට එන්ටම වැඩිවිය. සෙනග වැඩි කම නිසා එසේ වෙතියි ඉවසා දරා සිටි කාන්තාව මදක් හැරී බැලීමේදී දුටු දර්ශනයෙන් ඇයගේ කෝපය ඉහ වහා ගියාය.

ආසියානු ආශ්චර්යය උදාවෙයි. ස්ත්‍රී දූෂණ වලින් අංක එක !

ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ තරම් අධික ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වලින් පිරිනු රටක් බවට ලංකාව පත්වෙමින් තිබෙනවා.

කාන්තාවකට හෝ දැරියකට තනියෙන් නිවසක සිටිය නොහැකි හා තනියෙන් ගමනක් ගොස් ඒමට අපහසු වාතාවරණයක් මෙලෙස රට තුළ ඇතිවෙමින් පැවතීම කණගාටුවට කරුණක්.

පසුගිය වසර දෙකහමාරක කාලය තුළ වැඩිහිටි පිරිමින් විසින් ලාබාල දැරියන් 2,500 දෙනෙකු පමණ බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසනවා.

ඒ 2010 ජනවාරි 01 වනද සිට 2012 ජූනි 30 වැනිදා දක්වා කාලයේය. මේ අනුව සාමාන්‍යයෙන් දිනකට අතවරයට පත්වූ දැරියන් ගනන 4කි.



පැය දෙකට රජ කෑමක්

ඉකුත් ජූනි මස 28දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් (Waters Edge) හෝටලයේ පැවති මැණික් හා මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ආහාරපාන සඳහා රුපියල් 76,000කට අධික මුදලක් වැය කර තිබේ.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් 6 දෙනෙකු සහභාගී වී ඇත. පුද්ගලයන් 7 දෙනෙකුගේ ආහාරපාන සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හෝටලයට ගෙවා ඇති මුදල රුපියල් 76,401.31කි.


සාකච්ජාව පවත්වා ඇත්තේ පැය දෙකකට ආසන්න කාලයක් පමණි





වෙල්ගමගේ අළුත් ගෙදර රු. කෝටි 100යි

ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා පසුගිය සතියේ අලුතින් නිවසක් මිලදීගෙන තිබෙනවා

කොළඹ රොස්මිඩ් පෙදෙසින් මිලදීගෙන ඇති එම නිවසේ හා ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 100කි. කෝටි 100ක් වූ එම නිවසේ අංකය අවසන් වන්නේද 100නි.


මීට පෙර වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වී එෆ්.එම් නාලිකාව මිලදී ගත්තේද රුපියල් කෝටි ගනනක් වියදම් කරමිනි. එම ලංසුව සඳහා තවත් ප්‍රබල තරඟයක් දුන් ආණඩුවේ ඇමතිවරයෙක් වූයේ අමාත්‍යය විමල් විරවංශ මහතායි.

Share this article with your friends