Chitika Smowtion 468x60


Sunday, February 12, 2012

පුරසාරම් හා යථාර්ථය – තිසරණී ගුණසේකර


දිනෙන් දින කියන බොරු ජනතාව විසින් අමතක කර දමන නිසාත්, නිරන්තරව කැරෙන බේගල් ප‍්‍රචාර හේතුවෙන් ඔවුන්ගේ මනස් හිරිවැටී ඇති නිසාත් සෑහෙන දිගු කලක් ජනතාවට මුසාවන්ගෙන් කරදර නොවිඳ සිටිය හැකිය. (ජෝජ්  ඕවල් /ටි‍්‍රබියුන් 2.6.1944)
රාජපක්ෂවරු ලක්ෂණ කිහිපයකින්ම වේළුපිල්ලේ පිරපාහරන්ට සමාන වෙති. රැවටීමට ඇති හැකියාව ඉන් එකකි. බොරු කීම පුරුද්දකි. පාලන පවුල විදේශිකයන්ට වඩා ශ‍්‍රී ලාංකිකයන්ට බොරුකීමට කැමතිය. විකිලීක්ස් කේබලයකට අනුව බැසිල් රාජපක්ෂ ඇමරිකානු තානාපති හා කළ සාකච්ඡාවකදී ත‍්‍රිකුණාමලයේ දෙමළ ශිෂ්‍යයන් පස්දෙනාගේ ඝාතන සම්බන්ධයෙන් විශේෂ කාර්ය සාධන බලකාය වගනකිවයුතුයැ’යි පවසා තිබේ.
ෂන්මුගරාජා ගජේන්ද්‍රන්, ලෝහිතරාජා රොහාන්, තංගතුරෙහි සිවනන්ද, යෝගරාජා හේමචන්ද්‍රන් සහ මනෝහරන් රාජිහාර් යන මේ තරුණයන් පස්දෙනාම 1985 දී උපන්, විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට හෝ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයෝය. ඔවුන්ට කිසිදු දේශපාලන සබඳතා නොවූ අතර හවසට ගාන්ධි පිළිරුව අසල හිඳගෙන කතාබහ කිරීමට පුරුදුව සිටියහ. (යූටීඒච්ආර්ජේ විශේෂ වාර්තාව 2.4.2006)
මේ නිහීන අපරාධය ගැන කිසිවක් නොදන්නා බව රාජපක්ෂවරු හැමවිටම ප‍්‍රකාශ කළෝය. එහෙත් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ වෙනස් දෙයකි. ‘එස්ටීඑෆ් එක ඒක කළ බව අපි දන්නවා. එහෙත් උණ්ඩ හා ගිනි අවිවලින් ඒ බව ඔප්පු වෙන්නෙ නෑ. කෙනෙක් මරන්න  ඕනෑ වුණහම පාවිච්චි කර වෙනම තුවක්කු ඔවුන්ට ඇති.’’ බැසිල් රාජපක්ෂ එක්සත් ජනපද තානාපතිට පවසා ඇත.

සේප්පඩවිජ්ජාවට සරම අදින සංවේදී නායකයාගෙත් ඇත්තට කලිසන් කොට් අදින දේශද්‍රෝහි රනිල්ගෙත් දැනුමේ වෙනස



ඉකුත් කැබිනෙට් රැස්වීමේදී ඉන්ධන මිල වැඩිකිරීමට තීන්දු වුයේ පෙට‍්‍රල් රුපියල් 12කින් ඩිසල් රුපියල් 31කින් සහ බූමිතෙල් රුපියල් 35 කිනි. සත්‍යවශයෙන් මෙම වැඩිකිරීමට මුලික වුයේ තකතීරු මහින්ද රාජපක්ෂගේ ළදරු දේශපාලන දැනුම බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. ඉකුත් එක්සත් ජාතීක පක්ෂ රජය සමයේ රනිල් වික‍්‍රමසිංහ අගමැතීවරයා ඉන්දීයානු තෙල් සමාගම ලංකාවට ගෙන ඒමේ පරමාර්ථය වුයේ ඉන්දීය මහාද්වීපයේ මිලට ලංකාවට තෙල් ලබා ගැනීමේ අභිප‍්‍රයයි. ලංකාවට මෙන් නොව ඉන්දීයාවේ තෙල් මිල වැඞී වීම ඉන්දීය රජය මාරුවීමට පවා හේතු විය හැකි කාරනයකි. එම නිසාම සැම ඉන්දීය රජයක්ම ඉන්ධන මිල පාලනය සදහා දස අවුරුදු සැලැස්මකට අනුව කටයුතු කරයි.

ගීත නිර්මාණ පාලනයටත් රැගුම් පාලක මණ්ඩලයක්


ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ගීත නිර්මාණය සඳහාද රැඟුම් පාලක මණ්ඩලයක නිර්දේශයට ලක්කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නොබෝ දිනකින් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙන අතර 'ඩැඩී' සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරාගේ 'ටිකෙන් ටික' නැමැති ගීතය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය ඇතුළු පිරිස් විසින් විරෝධය පළකිරීම පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹි බවයි වාර්තා වෙන්නේ.

ත්‍රස්තවාදීන් පෙන්වා ජාතික ආරක්ෂාවෙන් ගොල්ෆ් ගැසීම - කුසල් පෙරේරා


ආරක්ෂක වැය කිරීම් සඳහා 2010 දී ජාතික අය වැයෙන් වෙන් කෙරුනු මුදල, රුපියල් කෝටි 2,020 ක් විය. එය යුද්ධය අවසන් වූ 2009 වසරට වඩා සියයට 14 ක වැඩි වීමකි. ඊළ`ගට 2011 වසර සඳහා වෙන් කිරීම, තවත් සියයට 6.4 ක් එකතු කරමින් කෝටි 2,160 ක් පමණ විය.
මේ 2012 වසර සඳහා එය තවත් සියයට 07 කින් වැඩි කෙරිණ. මේ ලෙස වාර්ෂිකව වෙන් කෙරෙන ආරක්ෂක වියදම් වලට වසර මැද හෝ අග දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පරිපූරක ඇස්තමේන්තු මගින් තව මුදල් දස ලක්ෂ ගණින් පුරුද්දක් ලෙස එකතු කරනු ලබන්නේ ය. දැන් නාගරික සංවර්ධනයද එකතු කර ඇති ආරක්ෂක ලේකම් එය සාධාරණය කරන්නේ මෙලෙසිනි.

පෙට්‍රල් රු.12/-කින්ද ඩීසල් රු. 31/-කින් ද නඟී


ප:ව 10.00
අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ වර්ජනයක්
අද (12) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 

‍ඩීසල් මිල රුපියල් 31 න් ඉහළ නැංවීමට එරෙහිව මෙම තීරණයට එළඹි බවත්, හෙට පෙරවරු 11 ට සිය සංගමය රැස්ව මේ පිළිබඳව සාකච්ඡා කර වර්ජනය පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.

Share this article with your friends