
අබේසූරිය මහතා විසින් ඉදිරිපත් කොට ඇති අංක 109/12 සහ 110/12 යන මූලික පශ්චාත් මරණ පරීකෂණ වාර්තා සැලකිල්ලට ගනිමි. ඒ අනුව ඉදිරිමාන්නගේ මාලනී සහ ජයසේකර පතිරැන්නැහලාගේ නිමන්ත හේෂාන් යන අයවලූන්ගේ මරණයන් ගිනි අවියකින් තබන ලද වෙඩි පහරක් හේතුවෙන් පපුව ප්‍රදේශයට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට තීරණය කරමි.




