Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ඇමරිකාවට එරෙහි ලංකාවේ "ජන පවුර"


උගත් පාඩම් කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙසට බලකරමින් ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයක් ජිනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට සුදානම් වන යෝජනාවට විරෝධය පළ කරමින් ඊයේ රට පුරා නගර 150ක උද්ඝෝෂණ පැවැත්වුණා.

කොළොඹ, හලාවත, මඩකලපුව, කිලිනොච්චිය, මුලතිව් ප්‍රදේශයන්හි එම උද්ඝෝෂණ පැවැත්වුනේ පහත ආකාරයටයි.
සියලුම ජායාරූප බලන්න මෙතනින් 
හලාවත නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයේ වීඩියෝව බලන්න මෙතනින්

කලා පවුල් දෙකක් එක් කල විවාහයක්


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ බෙනට්‌ රත්නායක සහ සමන්මලී හේවාපන්න යුවළගේ දියණියක වූ භාග්‍යා රත්නායක සහ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයකු හා සංරක්‌ෂකවරයකු ද වන තිස්‌ස නාගොඩවිතාන සහ කුමාරි නාගොඩවිතාන යුවළගේ පුත්‍ර රත්නයක වන චරිත් නාගොඩවිතාන පසුගියදා යුග දිවියට එළඹුණා. 

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මෙම විවාහ මංගල්‍යයට විශාල පිරිසක්‌ පැමිණ සිටියා. කොකා කෝලා සමාගමේ නිෂ්පාදන විධායකවරියක වන "භාග්‍යා" "ඉර හඳ යට" චිත්‍රපටයේත්, "සඳ සක්‌මන" නිම්වළල්ල ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකත් රඟපා ඇති අතර චරිත්, තිස්‌ස නාගොඩවිතාන චිත්‍රපට සමාගමේ විධායක ලෙස සේවය කරයි.
 සියලුම ජායාරූප බලන්න මෙතනින්


"දෑසින් පෑ" මියුසික් වීඩියෝව හැදුන හැටි


මනුරංග විජේසේකර විසින් රචිත ලහිරු පෙරේරා විසින් ගායනා කරන "දෑසින් පෑ" ගීතය කා අතරත් ජනප්‍රිය වුයේ යෙෂ් විජේරත්නගේ අපුර්ව රුප රචනයත් සමගයි.

පහතින් ඇත්තේ එම ගීතය රුගත කිරීමේදී ගනු ලැබූ ජායාරුප එකතුවක්. 

"දෑසින් පෑ" වීඩියෝව බලන්න පහතින් 

හදිසි මහමැතිවරණයක් පවත්වන ලෙස ජනපතිට උපදෙස් !


ඉදිරි වසර කිහිපය තුළ රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්වන බවත්, එම තත්ත්වය තුළ ජනතා සහන කප්පාදු කිරීමට අනිවාර්යෙන්ම සිදුවන බවත්, එකී තත්ත්වය සැලකිල්ලට ගෙන හදිසි මහමැතිවරණයක් පැවැත්වීම අනාගත දේශපාලන පැවැත්ම සඳහා වැදගත් විය හැකි බවට ජනාධිපතිවරයාගේ උපදේශකයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තරය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව සිදුකෙරන තර්ජනවලට එරෙහිව පුලූල් ජනමතයක් ගොඩනගමින් යළි දේශානුරාගයක් ඇතිකොට වහාම මැතිවරණයකට යාම සුදුසු බව එම උපදේශකයින්ගේ අදහස වී තිබේ.

සරත් ෆොන්සේකා මහතාට දේශපාලන සිරකරුවකුට හිමි සියලූ අයිතිවාසිකම් වහාම ලබාදිය යුතුයි


නීති විරෝධී හා අසත්‍ය චෝදනා මත දැනට බන්ධනාගාර ගත කොට සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඔහුගේ දියණිය අප්සරා ෆොන්සේකා මහත්මිය විසින් සකස් කරන ලද ශ‍්‍රී ලාංකිකයින් 25000 කගේ අත්සනින් යුතු අනර්තර්ජාල පෙත්සම නිල වශයෙන් පිළිගෙන තවදුරටත් එතුමා දේශපාලන සිරකරුවෙකු බව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තහවුරු කර ඇත. ඒ බව 2010 වසර වෙනුවෙන් නිකුත්කළ ඇමෙරිකානු මානව හිමිකම් වාර්තාවේ ඇතුළත්ව ඇති අතර නිකුත් කිරිමට අපේක්ෂිත අලූත්ම මානව හිමිකම් වාර්තාවේද ඇතුළත් කිරීමට නියමිතය.

ලේක්හවුස් වෘත්තීය සමිති නායකයා ලක්ෂ 3කට යටවේ


ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා සභාපති ධූරයෙන් ඉවත්කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් ‘‘මරාගෙන මැරෙන’’ උපවාස සංවිධානය කළ එහි ශ‍්‍රී ල.නි.ප වෘත්තීය සමිතියේ සභාපති ඞී.එම්.පී. දසනායක මහතා රුපියල් ලක්ෂ 3කට හා උසස්වීමක් වෙනුවෙන් වෘත්තීය සමිති අරගලය මුලූමනින්ම පවාදී ඇතැයි එම වෘත්තීය සමිතියේ ක‍්‍රියාකාරීන් චෝදනා කරති.

ටෝගෝවලදී දෙමළ තරුණයින් අතරමන් කළ කරුණාගේ ලේකම්ට රැකවරන


නැගෙනහිර පළාතේ පදිංචි තරුණයින් කැනඩාවට ගෙන යන බව පවසා නීති විරෝධීව විදේශගත කොට ටෝගෝ රාජ්‍යයේ අතරමං කරනු ලැබූ නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් මහතාගේ ආරක්ෂක නිලධාරී වසන්ත නැමැත්තා සහ ඔහුගේ භාර්යාවන වන ගීතා නැමැත්තිය වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා තිබුණද ඔවුන්ට රැකවරන දීමට ආරක්ෂක ලේකම්වරයා මැදිහත්වී තිබේ.

ගෝඨා සමග යාපනයේ ගිය මාධ්‍යවේදීන්ට වතුරවත් නැහැ


යාපනය තෙලිප්පලෙයි ජාතික විද්‍යාලය හා යාපන පුස්තකාලයේ විවෘත කිරිම් කිහිපයකට පසුගිය දා සහභාගී වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකී සංචාරය වාර්තා කිරීම සඳහා කොළඹින් රැගෙන ගිය පෞද්ගලික මාධ්‍ය ආයතනවල ‘දේශපේ‍්‍රමී’ මාධ්‍යවේදීන් 13 දෙනාට අඩුම තරමින් වතුර බෝතලයක් හෝ ලැබී නැතැයි වාර්තා වේ.


එම මාධ්‍යවේදීන් රැගෙන යාම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීම භාරව සිට ඇත්තේ කපිතාන් උභය පෙරේරා මහතාය. ඔහු එම මාධ්‍යවේදීන්ට කිලිනොච්චියෙන් කෑම පාර්සල් සපයා ඇති අතර ඒවා ආහාරයට ගත නොහැකි ලෙස පිලිනුවී තිබී ඇත.

ජනතාව දැනුවත් කරමින් සිටි ජවිපෙ සාමාජිකයන්ට ආණ්ඩුවේ මැරයන්ගෙන් බාධා


මොණරාගල නගරයේ අත්පත‍්‍රිකා බෙදා හරිමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසකට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් බාධාකර තිබේ.
දිවයින පුරා සංවිධානය කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික දැනුවත්කිරීමේ ව්‍යාපාරයට සමගාමීව මොනරාගල නගරයේදී ද පසුගියදා (26) උදේ 9.00යේ සිට  ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත‍්‍රකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීමේ ක‍්‍රියාවලියක නිරවිය. මෙය ආරම්භ කර පැය කිහිපයක් පත‍්‍රිකා බෙදා හැරි අතර දහවල් 11.30ට පමණ පැමිණි මැර පිරිය පත‍්‍රිකා බෙදාහිරමින් සිටි සාමාජිකයන්ට දිගින් දිගටම බාධාකරමින් ගැටුමක් ඇතිකරගැනීමට උත්සාහ දරා ඇත. මේ අවස්ථාවේ ක‍්‍රියාත්මක වූ ජවිපෙ සාමාජිකයින් පොලිස් හදිසි ඇමතුමට දන්වා ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ සිටියදීද මෙම මැරයන් විසින් ජවිපෙ සාමාජිකයන්ට බාධාකර ඇත.

ආරක්ෂක ලේකම් ඇත්තටම දක්ෂයෙක්ද?


වන සංරක්ෂන දෙපාර්ථමේන්තුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පත් කිරීමට ආණඩුව කරැණු සළකා බලමින් තිඛෙන බව ලංකා සී නිවිස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. දැනට එය පාලනය වන්නේ පරිසර අමාත්‍යංශයෙනි. රට පුරා දැව ජාවාරම වර්ධනයවී ඇති බවත් වනාන්තර හොරන් කැපීම වැළැක්වීමට වන රක්ෂණයද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිඛෙන බව එහි සඳහන් විය.
අපරාධ මර්දන වීරයා?

ආණ්ඩුව ඉන්ධන බර ජනතාවට පටවන අයුරු අනුර හෙළිකරයි


තෙල් මිල ඉහළ දමා ආණ්ඩුව බදු ආදායම් වැඩිකර ගන්නා ආකාරය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරකුමාර දිසානායක මහතා පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී හෙලිකළේය.


මන්ත‍්‍රීවරයා හෙළිකළ තොරතුරු අනුව වර්ශයක් තුලදී පෙට‍්‍රල් ලීටර් මිලියන 80ක් අලෙවිකර එයින් රුපියල් මිලියන 38,400ක් උපයාගනී. එමෙන්ම ඞීසල් ලීටර් මිලියන 230ක් වර්ශයක් තුල අලෙවිකර රුපියල් මිලියන 10,350ක් උපයාගනී. ඒ මහතා වැඩිදුරටත් සදහන්කළේ නාස්තිකාර ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට ජනතාව වන්දි ගෙවන බවයි.

කතරගම මැණික් ඉඩමේ කුට්ටි තුනක් රාජපක්ෂලාට


හිටි හැටියේ නිල් මැණික් මතුවූ කතරගම ප‍්‍රදේශයේ ඉඩම් වෙන්කර වෙන්දේසී කිරීම පසුගියදා (24) පෙරවරුවේ සිදුවී අතර එහිදී තෝරාගත් ඉඩම් කැබලි තුනක් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත යැයි කියමින් වෙන්දේසියට ඉදිරිපත් කර නොතිබිණ. මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය විසින් මෙම මැණික් ඉඩම වෙන්දේසි කිරීම සිදුකළ අතර ඔවුන් විසින් අංක 49,50,51 ලෙස නම්කර තිබූ ඉඩම් කට්ටි එසේ වෙන්දේසි නොකළේය.

ජනපතිට, පක්ෂයේ වෘත්තීය සමිති සිහිවේ


ඉන්ධන මිල ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් සීග‍්‍ර ලෙස ඉහළ යාමත් සමග මතුවී තිබෙන ජනතා විරෝධය හමුවේ ඊට මුහුණදීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සක‍්‍රීය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ඒ අනුව විදුලි බල, වරාය, ජලසම්පාදන වෘත්තීය සමිති සම්බන්ධීකරන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා සහ රෝහිත අබේගුණවර්ධන (රත්තරං), පේ‍්‍රමලාල් ජයසේකර (චොකා මල්ලි) යන නියෝජ්‍ය ඇමතිවරුන්ට ජනාධිපතිවරයා විසින් පවරා තිබේ. පසුගියදා (22) පස්වරුවේ මොවුන් තිදෙනා කැඳවා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් වූ උපදෙස් ලබාදී ඇත. ඉන්දියාවේ සිට පැමිණි වහාම මෙම කටයුතුවලට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයා එහිදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාට දැනුම්දී ඇත.

ජී.එල් රැකගැනීමට ‘ෂැන්ග‍්‍රිලා’ මෙහෙයුමක්


මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉදිරියටත් විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ රඳවා ගැනීම සඳහා ෂැන්ග‍්‍රිලා සමාගමේ ප‍්‍රධානීන් බලවත් උත්සාහයක යෙදී සිටින බව අප වෙත වාර්තා වේ. ජාත්‍යන්තර ෂැන්ග‍්‍රිලා හෝටල් සමූහ ව්‍යාපාරය ශ‍්‍රී ලංකාව ගෙන ඒමට කටයුතු කළේ ජී.එල් පීරීස් මහතාය.
ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ජී.එල්. පීරිස් මහතාව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත්කරනු ඇතැයි ෂැන්ග‍්‍රිලා ප‍්‍රධානීන් නොසන්සුන්තාවයට පත්වී සිටී. ඒ අනුව එම සමාගමේ ප‍්‍රධානියෙකු බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙකු හමුවී ජී.එල්. පීරිස් මහතා තවදුරටත් විදේශ අමාත්‍යාංශයේ තබාගැනීමට බැසිල් රාජපක්ෂ මහතාගේ සහාය ලබාදෙන්නැයි ඉල්ලා තිබේ.

පුද්ගලයින් 687 කගේ දුරකථන ටැප්කරලා - මංගල


රජයේ අනුදැනුම මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් පුද්ගලයින් 687 දෙනෙකුගේ දුරකතන සංවාදවලට රහසින් සවන්දෙන බව එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත‍්‍රික් පා.ම මංගල සමරවීර මහතා පවසයි.
මංගල සමරවීර මහතා ඒ පිළිබදව වූ තොරතුරු රාශියක් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. ආණ්ඩු පක්ෂයේම මැති ඇමතිවරුන් 124 දෙනෙකුගේද දුරකථන ටැප්කර ඇති බව පැවසූ සමරවීර මහතා, ඔවුන් අතර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනෙකු වන බව අවධාරනය කළේය.

ගොවීන් 15 දෙනෙකු වසබී නසී


තම අස්වනු සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ ගොවියන් 15 දෙනෙකු පමණ වස පානය කර ඇති බව ජනරළ පුවත්පත වාර්තා කරයි. එයින් ගොවියන් 8 දෙනෙකු පමණ මීට සති දෙකකට පමණ ඉහතදී වස පානය කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගිය ගොස් තිබේ.
පසුගිය සතිය තුළ වස පානය කළ ගොවියන් 7 දෙනෙකු මඩකළපුව රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන් මේවන විට ප‍්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජිනීවා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙකඩ වේ


ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගීවන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පැහැදිලිව කණ්ඩායම් දෙකකට බෙදී ඇතැයි වාර්තා වේ. මෙම මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනඒමට ඇමරිකාව හා බටහිර රටවල් කිහිපයක් කටයුතු කරමින් සිටින බැවින් ඇමතිවරු කිහිපදෙනෙකුද මේ වනවිට ස්විස්ටර්ලන්තයට ගොස් සිටි.
ඔවුන් අතරින් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වී සිටින අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා තමාව නොසලකාහරිමින්, තමාව දැනුවත් නොකොට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට දැනුම්දී තිබේ.

නාවික හමුදාපති ධූරයට ආගමික ගැටුමක්!


නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරන, ව්‍යාපාරික කලාකරු සෝමරත්න දිසානායකගේ සොහොයුරු අද්මිරාල් සෝමතිලක දිසානායක කවියා ලබන අප්‍රේල් මස විශ්‍රාම යෑමට නියමිත අතර එම පුරප්පාඩුවට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් මේවනවිට ආගමික ගැටුමක් මතු වී ඇතිබව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතාට සේවා දිගුවක් ලබා නොදීමට තීරණය කර තිබූ ජනාධිපතිවරයා, නාවික හමුදා ජ්‍යෙෂ්ඨතා ධුරාවලියේ පස්වන ස්ථානයේ සිටි ඔහුගේ ඥාතියෙකුවන නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් (මෙහෙයුම්), රියල් අද්මිරාල් ජයන්ත පෙරේරා නාවිකා හමුදාපති කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබිණ.

නිවාඩ්ගේ දේශනයට ඇමතිවරුන්ගෙන් කුණු බැනුම්


සන්ධානයේ නායකයින්ට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයින්ට වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා (22) පස්වරුවේ කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවේදී රටේ ආර්ථීක තත්ත්වය පිළිබඳව කරුණ දැක්වීමට මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ආරාධනා කර තිබූ අතර ඔහුගේ දේශනය අවඥාවෙන් යුතුව අසා සිටි මැති ඇමතිවරු එම රැස්වීමෙන් අනතුරුව නිවාඩ් මහතාගේ දෙමාපියන් සිහිකරමින් බැන වැදී තිබේ.

මංගලට, කැබිනට් පත්‍රිකා ලැබෙන ආකාරය සොයා බැලේ


පසුගියදා (22) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වීමට තිබූ අමාත්‍ය මණ්ඩල සංදේශ කිහිපයක් ඊයේ පෙරවරුවේම srilankaxnews.com වෙබ් අඩවියේ පලවී තිබීම සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට නියෝග කොට ඇත.

අස්වනු පාඩුව නිසා ගොවීන් වසබොන්න පටන් අරන් - ජනඅරගල ව්‍යාපාරය


‘‘අම්පාරේ, මඩකලපුවේ, ත‍්‍රිකුණාමලයේ, වව්නියාවේ වී අස්වැන්නෙන් 70%ක් නෙලලා අවසන්. 60%ක් පමණ විකුණලා අවසන්. දැන් වී මිල තිබෙන්නේ රුපියල් 13ත් 17ත් අතර මිලක. කනකර උගස් තියලා අස්වැද්දූ ගොවීන්ට අද වස බොන්න සිද්ධ වෙලා. මඩකලපුව රෝහලේ වස බිවූ ගොවීන් ගැන වාර්තා වෙනවා. ආණ්ඩුව මේවා හංගනවා.’’
යැයි  ජන අරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. කේ. සුබසිංහ මහතා පසුගියදා (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරනය කර සිටි අතර ඒ මහතා එහිදී මාධ්‍යවේදීන්ට මේ ගැන විමර්ශනය කරන්න ලෙසද ඉල්ලීමක් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

ජනපති වෙනුවෙන් පූජාවක් සඳහා මර්වින් ඉන්දියාවට


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ දේව පූජාවක් සඳහා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගියදා (23) ඉන්දියාව බලා පිටත්විය.. එම පූජාව සඳහා ගෙනයන පූජා භාණ්ඩ මර්වින් ඇමතිවරයා විසින් එදින පස්වරුවේ අරලිය ගහ මන්දිරයට රැගෙන ගොස් ජනාධිපති සහ ඔහුගේ පවුලේ අය ලවා අතගස්වා ඇත. එසේම ජනාධිපතිවරයා සහ ආර්යාව අතින් පඩුරුද ලබාගැනීමට ඇමතිවරයා කටයුතු කර ඇත.


ජනාධිපතිවරයාට මේ දිනවල බලවත් අපල උපද්‍රව පවතින බවට අවධාරනය කර ඇති ජනාධිපති ජෝතිෂ්‍ය උපදේශකයින් ඒ වෙනුවෙන් ආගමික වතාවත් හා පුදපූජා සිදුකරන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ. මෙම අපල උපද්‍රව දුරුකිරීම සඳහා විශේෂ දේවපූජාවක් ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේදී සිදුකළ යුතු බවට එම ජෝතිෂ්‍ය උපදේශකයින් දැනුම්දී ඇතත් ජනාධිපතිවරයාට හදිසියේම ඉන්දියාවට යා නොහැකි බැවින් ඔහු වෙනුවෙන් එම පූජාව සිදුකිරීම මර්වින් අමාත්‍යවරයාට පවරා තිබේ.

මිහින් ලංකා ගමන අවලංගු වී ගුවන් මඟීන් අමාරුවේ.


ඉන්දුනීසියාවේ ජාකර්තා බලා යාමට නියමිතව තිබූ මිහින් ලංකා ගුවන් සේවයේ MT-603 දරන ගුවන් ගමන් වාරය පසුගිය 24 වනදා අවලංගු වූ බව වාර්තා වෙනවා.

ගුවන් යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් මෙම ගමන් වාරය අවලංගු කිරීමට හේතු වූ අතර දෙසීයකට ආසන්න ගුවන් මඟීන් පිරිසක් ඉන්පසු ගුවන් තොටුපළ ආසන්නයේ වූ හෝටල් කරා යොමු කර තිබෙනවා.

ඒ අතර මැදපෙරදිග රටවල සේවය කර මව් රට බලා යන ඉන්දුනීසියානු මඟීන් පිරිසක්ද මෙයින් අපහසුතාවයට ලක්වී තිබෙනවා.

රු. කෝටි ගනනින් පාඩු ලබමින් ක්‍රියාත්මක වන මිහින් ලංකා ගුවන් සේවයට පසුගියදා තවත් ගුවන් යානා දෙකක් මිලදී ගනු ලැබූ අතර ඩුබායි, ට්‍රිචි, බුද්ධගයා, බරනැස, කුවේට්, බංගලාදේශය, මාලදිවයින, ඉන්දුනීසියාව යන නගර හා රටවලට පමණක් මිහින් ලංකා ගුවන් සේවය ක්‍රියාත්මක වෙනවා.

රටේ සිදුවන මුදල් නාස්තිය පිළිබඳව පෙන්විය හැකි හොඳ උදාහරණයක් නම් මිහින් ලංකා ආයතනයයි. මිහින් ලංකා ආයතනය ලබන පාඩුව හා මුදල් නාස්තිය අපි අවස්ථා ගනනාවකදී සටහන් කර ඇත්තෙමු.

කිරින්දේ මුහුදු වැලි බදු රහිතව බැසිල්ගේ සමාගමකට


කිරින්ද වරායේ එකතු වන මුහුදු වැලි සෙස් බද්දකින් තොරව විදේශගත කිරීමට බැසිල් රාජපක්‍ෂ මහතාට හිතවත් High Gold Trading සමාගමට ලබා දීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. එම හොර ගනුදෙනුවට අදාළ කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් මෙවර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, එම කැබිනට් පත‍්‍රිකාවට අත්සන් යොදා ඇත්තේ බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාගේ ගෝලයෙකු වන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාය.

රෝහිත රාජපක්ෂ මංගල ඇදුමින්


ලොව ලාබාලතම අභ්‍යවකාශගාමියා වීමට බලාපොරොත්තවෙන් සිටින රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ පෙම්වතිය වන ටටියානා ලි මෙනෙවිය පසුගියදා මංගල ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබුනා.

ඒ 'The Designer Wedding Show 2012' මෝස්තර නිරූපණ ප්‍රසංගය සඳහායි.
එහිදී බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට මෙම යුවල සමත්වුනා.

මෙම යුවල මනාල මනාලි ලෙසින් හැඩගන්වා ඇත්තේ දර්ශි කීර්තිසේන විසිනුයි.

එම අවස්ථාවේ ඔවුන්ගේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න 

ෆවුසි හා අලෙවි කපා ෆයිසර් පෙරට ගනී


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මුස්ලිම් නායකයින් වන ඒ.එච්.එම්. ෆවුසි හා අලෙවි මවුලානා යන මහත්වරුන් කපා හැර එක්සත් ජාතික පක්ෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉදිරියට ගෙන ඒමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ශ‍්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයන් සමඟ කරන රාජතාන්ත‍්‍රික ගනුදෙනුවලදී ෆයිසර් මුස්තාපා නියෝජ්‍ය ඇමතිවරයාට ප‍්‍රමුඛත්වයක් දෙන්නැයි ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ. ඉදිරි කැබිනට් සංශෝධනයකදී ෆයිසර් මුස්තාපා මහතාව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලාංකික තරුණයෙක් දකුණු කොරියාවේ ආගමන විගමන නිලධාරියෙක් යටකර දමයි


දකුණු කොරියාවේ වීසා කාලය අවසන්ව නීති විරෝධීව එහි රැඳී සිටින ලාංකිකයෙක් කොරියාවේ ආගමන විගමන නිලධාරීයෙක්ව ෆෝක්ලිෆ්ට් රථයකට යට කර ඇත.

වීසා කාලය අවසන් වූ එම තරුණය පරික්ෂා කිරීමට ආගමන විගමන නිලධාරියා පැමිණෙන විට ලාංකික තරුණයා ෆෝලිෆ්ට් රථයක් පදවමින් සිට ඇත.

එහිදී එම තරුණයාගේ වීසා පරික්ෂා කිරීමට අවශ්‍යය බව දැන්වූ විට එම තරුණයා විසින් ෆොක්ලිෆ්ට් රථය ඉදිරියට පදවාගෙන ගොසින් ආගමන විගමන නිලධාරියා යටකර ඇත.

ෆොක්ලිෆ්ට් රථයට හසුවූ ආගමන විගමන නිලධාරියා එරට රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ලාංකික තරුණයා පොලිස් අත්අඩංගුවට හසුවී ඇත.

එම තරුණයා විසින් ආගමන විගමන නිලධාරියා යට කරන අන්දම එරට රුපවාහිනි නාලිකාවක් විසින් පටිගතකොට ඇත. එම වීඩියෝ පටය පහතින් බලන්න.

නාකොටික් සතු මැකලම් පාරේ ඇති අමුතු වැටලීම් අංශය


පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් කොළඹ මැකලම් පාරේ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන්නන් වැටලීම සඳහා යොදා ඇති මුර පොළට අනුයුක්ත කර තිබෙන නිලධාරීන් විසින් සිදුකරනු ලබන වැටලීම්වලදී කොටුකරගන්නා ජාවාරම්කරුවන් අල්ලස් ලබාගෙන මුදාහරින බව අප වෙත වාර්තා වේ.


අදාල මුරපොළේ වැටලීම් සිදුකරනු ලබන්නේ පොලිස් පරීක්‍ෂකවරයෙකුවන ‘ප‍්‍රසන්න’ නැමැත්තකුගේ අධීක්‍ෂණයෙන් බවද පැවසේ.
මෙම මුරපොළට හසුවන ඕනෑම ජාවාරම් කරුවෙකුට අදාල නිලධාරීන් සමග තම අල්ලස් මුදල තීරණය කර ගැනීමෙන් පසුව ඉන් බේරීයාමට හැකි බවද වාර්තා වේ.

ලෝක විනාශය සහ ලංකාවේ අනාගතය පිලිබඳ විෂ්ණු දෙවියන්ගේ අදහස


විෂ්ණු දෙවියන්ගේ යැයි පැවසෙන අදහස්
  • 2012 වසරේදී ලෝක විනාශයක්‌ සිදුවන්නේ නැහැ 
  • මහින්ද රාජපක්‍ෂ තව වසර දහයක්‌ බලයේ රැඳේ
  • මීළඟට අගමැති වීමට සුදුසුම ගෝඨාභය රාජපක්‍ෂ
  • ජනතා විමුක්‌ති පෙරමුණත් දිනෙන් දින පිරිහෙනවා
  • රනිල්ට බෑ. සජිත්ට පුළුවන්.
  • ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට බලපෑමක්‌ නෑ
  • ෆොන්සේකා මහතාට නිදහස් කරගැනීමට උද්ඝෝෂණ කිරීමෙන් පලක්‌ නැහැ
ඉහත ඔබ විසින් කියවූයේ දිනමිණ පුවත්පතින් උපුටාගත් කොටස් හෝ ITN ප්‍රවෘත්ති සිරස්තල නොවේ.

ලෝක විනාශය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන කාලයක බොරලැස්‌ගමුව, 10 කණුව, කොස්‌සින්න වත්ත පාරේ පිහිටි විෂ්ණු දේවාලයේ අසේල වික්‍රමසිංහ කපු මහතා විසින් ලෝක විනාසය හා රටේ අනාගතය ගැන විෂ්ණු දෙවියන් පවසන දෑ අද දිවයින පුවත්පතට පවසා තිබෙනවා. පහත සඳහන් වන්නේ එම කරුණුයි.

ශ්‍රී ලංකාව: සාමකාමී උද්ඝෝෂකයින්ට වෙඩි තැබීම ආණ්ඩුවේ පුරුද්දද?


''සාමකාමී ලෙස උද්ඝෝෂණය කරන උද්ඝෝෂකයින්ට වෙඩි තැබීම ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍යයෙන් සිදුකරන දෙයක් බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන කැබිනට් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හලාවතදී ධීවරයෙකුට වෙඩි තබා මරාදැමීම සම්බන්ධයෙන් බී.බී. සී. සිංහල සේවයේ වාර්තාකරුවෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.
මෙලෙස ශ්‍රී ලංකාවේ පොලිසිය උද්ඝෝෂකයින්ට වෙඩි තැබීම ආරම්භ වූයේ 1953 හර්තාලයේ යෙදුන අය ඉලක්ක කරගනිමින් වන අතර එතැන් පටන් එය අඛණ්ඩව සිදුවෙමින් පවතී. එසේම ඇමතිවරයා ධීවරයෙකු ලෙස තම ජීවිකාව ගෙන ගිය ඇන්ටනි ප්‍රනාන්දු මහතා පොලිසිය විසින් ඝාතනය කිරීම පිළිබඳව වගකීමෙන් ආණ්ඩුව නිදහස් කිරීමට උත්සහ කළ අතර ඩීසල් සහ භූමිතෙල් මිල ඉහල යාම නිසා හටගත් එම සාමකාමී උද්ඝෝෂණයේදී සිදු කළ අපරාධ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බවද ඉඟි කළේ" යැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආසියානු මානව හිමිකම් කොමිස අවධාරනය කර සිටී.

ඉන්ධන සහන දෙනවා වෙනුවට ජීවිත බිලිගන්නා ආණ්ඩුව තවමත් ඔවුන්ගේ තීරණ වෙනස් කර ගෙනනැහැ - ජනඅරගල ව්‍යාපාරය


"ඉන්ධන මිල වැඩි වෙන්න කලිනුත් ධීවරයින්ට ප්‍රශ්න තිබුණා. ඒ මොහොතේ ඉන්ධන මිලත් ඔවුන්ට දරා ගන්න බැරිවයි හිටියේ. ඒ තත්වය තුළ ආණ්ඩුව අසාධාරණ ලෙස ඉන්ධන මිල වැඩි කළා. ධීවරයින් ඉල්ලා සිටියේ අමුතු දෙයක් නොවෙයි. පැරණි මිලට ඉන්ධන දෙන්න කියලා.
නමුත් ආණ්ඩුව ඊට කන් දුන්නේ නැති නිසා තමයි උද්ඝෝෂණ කරන්න සිදු වුණේ. ධීවර සටනේදී ඇන්ටනී සහෝදරයා මිය ගියා. නමුත් ආණ්ඩුව තවමත් තමන්ගේ තීරණය වෙනස් කර නැතැයි'' ජනඅරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක අජිත් කුමාර මහතා පසුගියදා (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එහිදි අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

ලංකාවේ ප්‍රථම eBook පොත්සල


දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශකයෙක් වන ඇම්.ඩි.ගුණසේන සමාගම හා මයික්‍රො ඉමේජ් (microimage) ජංගම දුරකථන විසදුම් සම්පාදකයන් හා එක්ව ශ්‍රීලාංකේය පාඨකයන් වෙනුවෙන් මෙරට ප්‍රථම අන්තරාල e පොත්සල, පොත්ගුල (eBook store) හා ඊ බුක් රීඩර් (eBook reader) පහසුකම සැලසීම සඳහා එටිසලාට්‌ සමාගම පියවර ගෙන ඇත.

මේ අනුව මෙරට සාහිත්‍ය කෘතීන් පළමු වරට අන්තර්ජාලය ඔස්සේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පල කෙරෙනු ඇති අතර පරිගණක ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් ජංගම උපාංග ඔස්සේ එම කෘතීන් මිලදීගැනීමට පාඨකයන්ට හැකි වෙනු ඇත.

මෙම පහසුකම සියලු පාඨකයන් හට අත්විදිය හැකි වන අතර ඒ සදහා භාවිතා කරන දුරකථන සබදතාවය ගැටළුවක් නොවනු ඇත.

Share this article with your friends