Chitika Smowtion 468x60


Friday, October 5, 2012

ඇෆ්ගනිස්ථානයේ තවත් බෞද්ධ විහාර සංකීර්ණයක් මේ වසර අගදී විනාශ කිරිමට යයි



ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිතය.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට සැතපුම් 20ක් පමණ දකුණු දෙසින් පිහිටි මෙම පෙදෙසේ මේ වනවිට සිදුකර ඇති කැනීම් අනුව පැරණි බිතුසිතුවම් සහිත ගොඩනැඟිලි, අඩි 10ක් පමණ උස බුද්ධ ප්‍රතිමා, රන් ආලේපිත බුදුපිළිමයක ශීර්ෂයක් අදිය සහිත විහාර සංකීර්ණයක් හමුවී තිබෙනවා.

අක්කර 9,800ක භූමි ප්‍රදේශයක් පුරා මෙම විහාර සංකීර්ණයේ නටඹුන් පවතින අතර තවමත් එහි කැනීම් සිදුකිරීම අවසන් කර නොමැති වුවද මේ වනවිට බුද්ධ ප්‍රතිමා 150ක් පමණ හමුවී තිබෙනවා. භූමිය විශාල බැවින් කැනීම් කටයුතු ඉවර කිරීම සඳහා වසර 10ක් වත් අවශ්‍ය බවයි පුරා විද්යාඥයින් ප්‍රකාශ කර තිබෙන්නේ.

රුවන්වැල්ලේ සෝභිතට වසර 20ක සිර දඬුවමක්

රුවන්වැල්ලේ සෝභිත නමින් ප්‍රසිද්ධව සිටි අන්කොක්කාවල සුනිල් කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත වසර 20ක සිර දඬුවමක් කෑගල්ල මහාධිකරණය මඟින් නියම කර තිබෙනවා.

2005 වසරේදී බුලත්කොහුපිටියේ ඔහුට අයත් තේ වත්තේ බංගලාවේදී තරුණියක කෙළෙසූ නිසා එයට වරදකරු වූ රුවන්වැල්ලෙ සෝභිත ට මෙන්ම අපරාධයට ආධාර හා අනුබල දුන් ඇගේ නැන්දා (එච්.බී. අනෝමා) හා මාමා (අයි.ජී. හේමචන්ද්‍ර) ටද විසි අවරුදු සිර දඬුවමක් මෙන්ම විසි දහසක දඩයක්ද කර තිබෙනවා.

විදුහල්පතිට ගල් ගැසූ දෙමව්පියෝ හා දරුවෝ


පසුගිය 01 දා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නව විදුහල්පතිවරයා වැඩ භාර ගැනීමට පැමිණීමත් සමඟ එයට විරෝධය පළ කරමින් දෙමාපියන් හා සිසුන් එක්ව ගල් මුල් වලින් විදුහල්පතිවරයාට පහරදී තිබුණා.

ඔහුගේ නවතම මෝටර් රියට මල්පෝච්චි හා ගල්මුල් ආදියෙන් ගැසීම නිසා දැඩි අලාභානි කළ සිසුන් විසින් පාසල ඉදිරිපිට වූ පොලීසියටද ගල් මුල් හා කොසු ඉදල් වලින් පහරදී තිබුණා.

ලොවම කළඹවන “ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්”





අරාබි වසන්තයෙන් උණුසුම් වී තිබූ ලෝකය දැන් තවත් එවන් වූ උද්ඝෝෂණ රැල්ලකට මැදිව සිටියි. මේ උද්ඝෝෂණවල විශේෂත්වය වන්නේ එකම රටකට එරෙහිව ලොව නන් දෙසින් විරෝධතා මතුව ඒමයි. ලාංකේය අපිද එහි කොටස්කරුවෝ වෙමු. මෙසේ ලොව පුරා උද්ඝෝෂණ රැල්ලක් මතුව ඇත්තේ අන් රටකට නොව ලෝක බලවතා වූ ඇමෙරිකාවට එරෙහිවයි. ඇමෙරිකාවට විරෝධය පළ කරමින් මෙසේ විරෝධතාවල නිරත වන්නේ ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාවයි. ඇමෙරිකාව කෙරෙහි මුස්ලිම් ප්‍රජාවගේ මේ විරසකයට හේතුව ඉස්ලාම් දහමට නිගරු කෙරෙන චිත්‍රපටයක් ඇමෙරිකානුවෙකු විසින් නිපදවා තිබිමයි. “ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්” මෙසේ ලොව කැළඹ වූ චිත්‍රපටයයි.

සැනසුවොත් ඇමති - පත්වීම් ලැබෙති


ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු සිය කාම ආශාවන් සන්තර්පණය කරන තරුණියන්ට ආදාළ අමත්‍යංශයේ ස්ථිර පත්වීම් ලබාදෙන බව වාර්තා වේ.

සංවර්ධන සහකාර ලෙස බඳවාගත් උපාධිධාරිනියන් සඳහාද අදාළ ඇමතිවරයා එම යෝජනාව සිදුකර ඇති අතර ඇමතිවරයාගේ එම යෝජනා වලට කැමැත්ත දක්වන උපාධිධාරිනියන් කඩිනමින් ස්ථිරකොට අදාළ ඇමතිවරයාට අයත් අමාත්‍යංශයේ ඇති ආයතනවල ඇති පුරප්පාඩු සඳහා ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතුකොට ඇත.

නයි නළඟනගේ ශාපය


ඉකුත් අගෝස්තු 8 වැනි දින අලුයම් කාලයේදී හදිසි දුරකථන ඇමතුම් 118 මගින් ලැබුන දැනුම් දීමකට අනුව කොල්ලුපිටිය පොලිසිය, ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුලදී නාගයකු ළඟ තබා ගැනීමේ චෝදනාවට නිරෝෂා විමලරත්න මෙනෙවිය හෙවත් දිලානි නමැත්තිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

ඇය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදා හරිනු ලබූ අතර, ඇය බාරයේ සිටි නාගයා දෙහිවල සතුන්වත්ත වෙත යොමු කෙරිණි. මේ පිළිබඳව අප ලිපි කිහිපයකින්ම ඔබව දැනුවත් කල අතර මේ වනවිට දිලානි සුදානම් වන්නේ නාග විමානයක් සිය ගෙවත්තේ ඉදිකිරීමටය.

තමා සමග සම්බන්ධවන සෑම නයෙක්ම එම විමානයේ ඇතිකිරීමට ඇය සූදානම් බව පවසයි.

මේ ඒ පිලිබඳ දිලානිගේ වදන්ය 


අපගේ හෙළිදරව්වෙන් අර්ජුන පරල වෙයි


සිනමා නළු අර්ජුන කමලනාත් විසින් පසුගිය සැප්තැම්බර් 1 වන දින සංවිධානය කරන ලද "ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" නමැති ප්‍රසංගය ඔස්සේ මුල්‍යමය වංචාවක් සිදුකොට ඇති බව අප විසින් මෙයට පෙර ලිපියක් මගින් හෙළි කළා.

ඒ බව වාර්තා වීමත් සමග අර්ජුන කමලනාත් විසින් පුවත්පතකට අදහස් දක්වමින් කියා ඇත්තේ ඔවැනි පුවත් කතා කරන තක්කඩින් සමග තමාගේ කතාවක් නොමැති බවයි.

මෙයට පෙර ලිපිය මගින් අප හෙළි කලේ නළු නිළියන්ට ගෙවීමට ලබාදුන් ලක්ෂ 20 ක මුදලින් නළු නිළියන්ට සොච්චමක් ලබාදී ඉතිරිය ඔහු තබා ගත බවයි.


එස්.බී දිසානායක හොරුත් සමග හෙළුවෙන්


එස් බී දිසානායක ශාස්ත්‍රීය ලෝකයේ සක්විති හෙවත් ඩී එස් රණවක සමග අලුත් කූට ව්‍යාපාරයකට අත ගසා ඇතැයි වාර්තා වේ.

මහාචාර්ය ඩී එස් රණවක නමින් හැඳින්වෙන පුද්ගලයා පෙනී සිටින්නේ මනෝ මනෝවිද්‍යාඥයෙකු වශයෙනි.

ඔහු ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. එසේම ඔහුගේ ආයතනය විසින් උපදේශනය සඳහා උපදේශකවරු පුහුණු කරයි.

මේ සඳහා රුපියල් 100,000 සිට 200, 000 මුදලක් අය කරනු ලැබේ. මේ වන විට විවිධ රජයේ ආයතන විසින් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා මේ ආයතනයේ උපදේශකවරු පුහුණු කොට තිබේ. එසේම පුද්ගලික වශයෙන්ද සිසුන් මුදල් ගෙවා මේ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරා මානසික උපදේශකවරුන් ලෙස රට පුරා සේවය කරති.


සොරකම වැරදී ගුටි කන සොරෙක්


අද රටේ විශාල ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් හා කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් ලෙස සොරුන් කොට්ටාශ දෙකක් සිටී.

දේශපාලඥයින් සොරකම් කරන්නේ මිලියන ගනන් වලිනි. ඔවුනට නඩු නැත. ගුටි කෑමට සිදුවන්නේද නැත. මාධ්‍යකින් හෙළිදරව් කළොත් මිස සොරකම් කළායැයි කිසිවෙකුද නොදනී. ඇතැම් මාධ්‍ය ඒවා හෙළිදරව් කරන්නේද සොරාගේ නමක් ගමක් නැතුවය.

කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් මීට වඩා අපට දැනේ, මන්ද යත් ඔවුන් සොරකම් කරන්නේ අපේ පොකට්ටුවේ ඇති සල්ලි නිසාය. නමුත් ඔවුන් හසුවුවහොත් බට කට පුරා ගුටුකෑමට සිදුවන අතර පොලීසියට බාරදීමෙන් පසුව හතර හන්දිද කඩාදැමේ.

ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පංසල් 10ක් ගිනි තබයි


ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා.

අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි.

ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර ගැටුම වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා.

ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300ක්ට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත.

කුරුණෑගල බාර් හිමිකරුගේ පටිගතවූ චන්ඩිකම්


පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳසලකට ගොඩවූ මත්පැන් අලෙවිසල් දෙකක හිමිකරුවෙකු තමාගේ බිරිඳට එම වෙළඳසැලේ සිටියෙකු යම් කිසිවක් කියූ හේතුවෙන් එම වෙළඳසැලේ හිමිකරුට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනසේ බරපතල තුවාල ඇතිකරමින් පොල්ලකින් පහරදී තිබෙනවා.

මෙම බාර් හිමිකරු වෙළඳසැලේ පිරිස බිය කරවා ඇත්තේ තමා කුරුණැග ප්‍රදේශයේ DIG කෙනෙකුගේ පුතෙකු බව ඒත්තු ගන්වමිනි.

Share this article with your friends