Chitika Smowtion 468x60


Saturday, December 31, 2011

රාජ්‍ය සේවයේ යුතුකම් ඉටු කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීමයි


Admin Service New Recruits spchරාජ්‍ය සේවකයන් සිය රාජකාරී කටයුතු ඉටු කිරීමේ දී තම දේශපාලනය හා සම්බන්ධ පාට, පක්‍ෂ බේද නොසලකා රටේ මහජනයා වෙනුවෙන් ගෞරවනීය සේවයක් ලබා දීම තම වගකීමක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

රටේ පොදු මහජනයාගේ දැවෙන ප‍්‍රශ්නවලින් මුදා ගෙන ඔවුන්ගේ කඳුළු පිසඳාලීම සඳහා මහත් කැපවීමකින් රාජකාරියේ නියැළෙමින් රාජ්‍ය සේවයේ ගෞරවනීයත්වය ආරක්‍ෂා කර ගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ, ශ‍්‍රී ලංකා පරිපාලන සේවය සඳහා බඳවා ගත් නවක නිලධාරීන් 296 දෙනෙකු සිය රාජකාරී ඇරඹීමට මත්තෙන් අද (30) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනක දී ය.

බාල බෙහෙත්, බාල තෙල්, බාල සිමෙන්ති, බාල පොල් දුන් ආණ්ඩුව දැන් බාල ප්‍රතිඵල හා බාල උපාධි දෙන බාල ඇමතිලාගේ බාල ආණ්ඩුවක් වෙලා


^,xld B ksõia -2011'foie'30" m'j'4'30& nd, fnfy;a" nd, f;,a" nd, isfuka;s" nd, fmd,a" nd, m%;sM, iy nd, Wmdê fok nd, weue;sjreka isák nd, wdKavqjla njg fï wdKavqj m;aj we;ehs ck;d úuqla;s fmruqfKa m%pdrl f,alï md¾,sfïka;= uka;%S úð; fyar;a uy;d mjihs'

Tyq fufia lSfõ wo meje;s m%jD;a;s idlÉPdjl§h'

fï rfÜ úYaj úoHd, m%;smdok fldñiu yryd Wiia fm< m%;sM, u.ska iriúhg isiqka n|jd .ekSu .ek hï úYajdihla rfÜ ;snqko tu úYajdih ±ka uq¿ukskau ì| jeà we;ehso fï fya;=j ksid wo mjq,a ,laI 3 la uy;a udkisl mSvdjlg ,laj we;ehso fyar;a uy;d mejiSh'
'

කොමාගේ සූත්තර කතාව චූටි මල්ලිගේ කොපියක්ද?


පසුගියදා උසස්පෙළ ප්‍රතිපල ගැටලුව සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පැවැත්වූ වාදපිටිය වැඩසටහනට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සහභාගී වී ලකුණු ගනනය කළ සුත්‍රය පිලිබඳ අවබෝධයක් නොමැතිව ඒ පිළිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට උත්සාහ කළ අයුරු කාගෙත් හාස්‍යයට ලක් වුණා.

එම අර්ථකතනය සමඟ එක හා ගැලපෙන අර්ථකතනයක් මීට පෙර 
ෆෑන් ටෝක් වැඩසටහනින් චූටි මල්ලි හා පොඩි මල්ලි විසින් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය සම්බන්ධව ඉදිරිපත් කර තිබුණා. 

එම දෙක එකට එක් කරමින් සෑදූ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා

එය පහතින්

Friday, December 30, 2011

ජෙනරාල් නිදහස් කිරීම කල් යන ලකුණු !


බන්ධනාගාරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ජනවාරි 01 වනදා පොදු සමාවක් ලැබෙන බවට පසුගිය දින කිහිපයෙහි මාධ්‍ය වාර්තා කර තිබුණද මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිත්‍යානුකූල කටයුතු කිසිවක් සිදු වී නොමැති බව අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

ජනාධිපති කාර්යාලය විසින් හෝ අධිකරණ අමාත්‍යංශය විසින් මේ දක්වා ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීමට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔහු අවධාරණය කර සිටියේය.

සජිත් කරූ අතහැර දයාසිරි පෙරට ගනී


ලබන වසර මුල සිට කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් රට පුරා රැස්වීම් මාලාවක් සංවිධානය කිරීමට සජිත් කණ්ඩායම තීරණය කර තිබුණද, එම කි‍්‍රයාමාර්ගය අතහැර ජනපි‍්‍රය දේශපාලන චරිතයක් වූ දයාසිරි මන්තී‍්‍රවරයා පෙරට ගෙන රට පුරා යෑමට එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා යෝජනා කර තිබේ.
දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාට එරෙහිව විනය පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිත බවට මාධ්‍යවල පළ වී තිබූ ‘ප්ලාන්ට්’ පුවතක් දැකීමෙන් පසු පේ‍්‍රමදාස මහතා එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

නව වසරට වැසිකිලි ගාස්තුවක්


කි‍්‍රයාත්මක කිරීම සඳහා කිහිප වරක් උත්සාහ කර විරෝධතා හේතුවෙන් අත්හැර දමන ලද මලාපවාහන ගාස්තු හෙවත් ගෘහස්ථ, කර්මාන්ත හා වාණිජ අංශයේ වැසිකිලි සඳහා එම පාරිභෝගිකයන් භාවිතා කරන ජල බිල්පත්වලට අනුව මාසිකව ගාස්තු අය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ආණ්ඩුවේ මෙම තීරණය ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2011 දෙසැම්බර් 28 වන දින අංක 1738/7 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයෙන් ප‍්‍රකාශයට පත් කර ඇති අතර, අදාළ මලාපවාහන හෙවත් වැසිකිලි ගාස්තු අය කිරීම 2012 ජනවාරි 01 වනදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

රජයේ බැංකු ජනවාරි 01වැනි දා විවෘතයි


money copy
රජයේ සියලු ම බැංකු සිය ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් ජනවාරි මස 01 වන ඉරු දින විවෘත ව තැබේ.
ඒ අනුව මූල්‍ය ක්ෂේත්‍රයේ පෙර ගමන්කරුවන් වන මහජන බැංකුව සිය ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් සිය ශාඛා හා සේවා මධ්‍යස්ථාන සියල්ල ම ජනවාරි මස 01 වන ඉරු දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා විවෘත ව තැබෙන අතර, ලංකා බැංකුව එදින පෙ.ව 8.30 සිට ප.ව.12.30 දක්වාත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව පෙ.ව. 8.30 සිට ප.ව. 12.00 දක්වාත් විවෘත ව තැබේ.


මෙදින නව ගිණුම් ආරම්භ කිරීමට මෙන් ම පවත්නා ගිණුම්වල මුදල් තැන්පත් කිරීමට ද විශේෂ පහසුකම් සලසා ඇත.

‘තේන්’ සුළි කුණාටුව ඉන්දියාවට


Cyclone
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘තේන්’ සුළි කුණාටුව අද (30) උදෑසන ඉන්දියානු ‍ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව දිවයිනේ උතුරු මුහුදු ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය අඩුවී යාමක් අපේක්ෂා කෙරේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට ප්‍රධාන වශයෙන් වියළි සහ සිසිල් කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

මේ අතර දිවයිනට උතුරු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර ප්‍රදේශයේ දී සුළං වයඹ දෙසින් හමන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල දී සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් පවතී. වේගය පැයට කිලෝමීටර් 20 – 40 අතර වේ.

උතුරු මුහුදු ප්‍රදේශවල දී මෙම වේගය පැයට කිලෝමීටර් 60 – 70 පමණ දක්වා වැඩිවිය හැකිය.

උතුරු මුහුදු ප්‍රදේශය රළු වන බැවින් මෙම මුහුදු ප්‍රදේශය ආශ්‍රිත ව ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.

යසෝදරා බාලිකා විදුහල විභාග ඇගයීම්වලට යොදා නොගැනේ


yasodara1
අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගම්පහ යසෝදරා බාලිකා විදුහල යොදා නොගැනීමට විභාග දෙපාර්තමේන්තු මඟින් කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසීය.
මෙම විභාගයේ ඇගයීම් කටයුතු සඳහා මෙම පාසල යොදා ගැනීමට කලින් අදහස් කළ ද ප්‍රමාණවත් ඇගයීම් මණ්ඩල සංඛ්‍යාවක් නොතිබීම හේතු කොට ගෙන මෙවර ඇගයීම් කටයුතු සඳහා ගම්පහ යසෝදරා බාලිකා විදුහල යොදා නොගැනේ.

එමනිසා 2012 වර්ෂය පළමු වාරය සඳහා ජනවාරි 02 දින නියමිත පරිදි පාසල ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

AL සිසුන් දෙදෙනෙක් දිවි නසාගැනීමට තැත් කරයි


උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සරසවි වරම් ලැබීමට නොහැකිවීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු දිවි නසා ගැනීමට තැත්කොට ඇති බව වාර්තා වේ.

මින් එක ශිෂ්‍යාවක් පැනඩෝල් පෙති විශාල සංඛ්‍යාවක් පානයකොට ඇති අතර ඇයව අසාධ්‍යය තත්වයෙන් නිට්ටඹුව රෝහලට ඇතුළත්කොට ඇත.

"ගුගල් සැන්ටා සර්ච් ටිප්" වීඩියෝව


ලොව ප්‍රසිද්ධ අන්තර්ජාල සම්බන්ධ සේවා ලබාදෙන ආයතනයක් වන ගුගල් ආයතනයේ නත්තල වෙනුවෙන් නිර්මාණය කල "ගුගල් සැන්ටා සර්ච් ටිප්" වීඩියෝවට සංගීතය නිර්මාණයකොට ඇත්තේ ස්රිලාංකිය සංගීතය ජාත්‍යන්තරයට ගෙන ගිය රනිදු ලංකාගේ විසිනි.

නිකුත් කරන ලද වීඩියෝවේ නිරුපනයන් හා ගායනයන් සිදු කරනු ලබන්නේ ගුගල් ආයතනයේ සේවකයන් විසින් වන අතර රනිදු ලංකා ගේ ද ගුගල් ආයතනයේ සංගීත අධ්‍යක්ෂකයෙකු ලෙස කටයුතු කරයි.

එම වීඩියෝව බලන්න පහතින් 


Thursday, December 29, 2011

උසස්පෙළ ප්‍රතිඵල ගැටලුව තවදුරටත්


උසස්පෙළ ප්‍රතිපලහි දිස්ත්‍රික් කුසලතාව සංශෝධනය කර නැවත නිකුත් කලද විවිධ පාර්ශව විභාග ප්‍රතිඵලය දෝෂ සහගතයයි තවමත් චෝදනා කරනවා.විදේශ සංචාරයට එක් වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නැවත දිවයිනට පැමිණියේ ඊයේ දිනයේය.

ඊයේ දිනයේ පැමිණි අමාත්‍යයවරයා කියා සිටියේ ප්‍රතිපල නිවැරදි බවත් ඉසෙඩ් ස්කෝර් අගය අනුව ලබාදුන් ශ්‍රේනිගතකිරීම් වල වරදක් ඇති බවයි.විභාග කොමසාරිස්වරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා විශේෂ සාකච්චාවක් පවත්වන බවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශකොට ඇත.

මෙවර විභාග ප්‍රතිඵලයේ දෝෂ සහිත අවස්ථා මේවන විටත් වාර්තා වෙමින් පවතී.


සංචාරක කර්මන්තය කඩා වැටීමේ දැඩි අවධානමක් – රවී කරුණානායක


ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ ප‍්‍රාදේශීය දේශපාලඥයෙකු තංගල්ල වෙරළ සංචාරක හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතික සංචාරයකු ඝාතනය කළේ යැයි කියන සිද්ධිය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටීමේ දැඩි අනතුරුදායක තත්ත්වයක් උදා වී තිබෙනවා. එම නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් ඔස්සේ විධිමත් සාධාරණ සහ අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් කර සංචාරක ව්‍යාපාරය රැක ගැනීමට ආණ්ඩුව වහාම ක‍්‍රියා කළ යුතු බව ඊයේ (28) කොළඹ විපක්ෂ නායක නිලනිවසේ පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ කියා සිටියේය.

ලක් හඬ ගුවන් විදුලිය CSN ආයතනයට පවරයිද ?


අයිටීඑන් ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන 'ලක් හඩ' ගුවන් විදුලිය ජනාධිපති පුත්‍රයින්ගේ කාල්ටන් ස්පෝට් නෙට්වර්ක් ආයතනයට පැවරීම සඳහා මේ දිනවල මූලික පිඹුරුපත් සකසමින් තිබේ.
එහි මුල් පියවරක් ලෙස ලබන වසර මුලදී ලක්හඩ ගුවන් විදුලිය වාණිජ ගුවන් විදුලියක් ලෙස පවත්වාගෙන යෑම සඳහා අයිටීඑන් ආයතනයෙන් වෙන් කිරීමට නියමිතය. ලක්හඩ දිගින් දිගට පාඩු ලබන බව හගවමින් මෙම ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීමට තීරණය වී ඇත.

රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙලට ගෝඨාභයගෙන් 'බාල්දියක්'


රූපවාහිනි ෙක‍ෂ්ත්‍රයේ කලාකරුවන් හා කාර්මික ශිල්පීන් දිරි ගැන්වීමේ අරමුණින් සංස්කෘතික අමාත්‍යාංශය විසින් හෙට (30) සන්ධ්‍යාවේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ 'රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල' ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විරෝධතාවයක් හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් තබා තිබේ.
රූපවාහිනී ෙක‍ෂ්ත්‍රයේ කලාකරුවන් උදෙසා ලක්බිම පුවත්පතේ අනුග්‍රහයෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 'සුමති ටෙලි සම්මාන' උළෙලට අභියෝගාත්මක ලෙස රජයේ අනුග්‍රහයෙන් මෙවැනි සම්මාන උළෙලක් වාර්ෂිකව පවත්වන ලෙස සංස්කෘතික ඇමැති ටී.බී. ඒකනායක මහතාට උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයාය.
ඒ අනුව එම අමාත්‍යාංශය විසින් විශාල වියදමක් හා ශ්‍රම සම්පත් යොදා ගනිමින් එම සම්මාන උළෙල හෙට පස්වරුවේ නෙළුම් පොකුණ රංග ශාලාව තුළ පැවැත්වීමට අනුමැතිය ගෙන ඒ සඳහා අදාළ සියලූ කටයුතු සංවිධානය කර තිබිණ.

අමල්ගේ දුක සැප බැලීමට මර්වින්


අතුරුදහන්වීමට ලක් වී දින ගණනකට පසු නිදහස ලැබීමෙන් අනතුරුව පවුල පිටින් සිංගප්පූරුවට පැන ගිය අමල් රොද්‍රිගූ මහතාගේ දුක සැප සොයා බැලීම සඳහා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ සිංගප්පූරුවට ගොස් තිබේ.
තමා පැහැරගෙන යෑමට මර්වින් සිල්වා අමාත්‍යවරයා සම්බන්ධ බවට, නිදහස ලැබීමෙන් පසු බේස් කරෝකේ රාත්‍රී සමාජ ශාලාවට පැමිණි අමල් රොද්‍රිගූ මහතා තම හිතමිතුරුන් සමඟ පවසා තිබිණ.

විමල් හා චම්පික ආණ්ඩුවට එරෙහි වෙයි ?


ආණ්ඩුවට එරෙහි සටන් පාඨ විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන අතට පත් වීමට ඉඩ නොතබා එවැනි විරෝධතාවයන් අතට ගෙන දියකර හරින්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විමල් වීරවංස හා චම්පික රණවක යන අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබේ.
එවැනි සටන් පාඨ තෝරා ගැනීමේදී ගැටුමක් ඇති නොවන පරිදි ෙක‍ෂ්ත්‍ර වෙන් කරගන්නැයි පවසා ඇති ජනාධිපතිවරයා, මෙවැනි දේ සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතුවලදී, පෞද්ගලික මාධ්‍ය යොදා ගන්නා ලෙසද උපදෙස් දී තිබේ.

ජංගම දුරකථන භාවිතය නිසා පිලිකා අවදානමක්


ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනූව ජංගම දුරකථන භාවිතය පිලිකා රෝගය ඉහළ යෑමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙරට ජනගහනය කොටි දෙකක් වුවත් භාවිතා කරන ජංගම දුරකථන ප්‍රමාණය දෙකෝටි දශලක්ෂයකි.  ඇතැම් පුද්ගලින් දිනයේ වැඩි වේලාවක් ජංගම දුරකථනය භාවිත කිරීම පිලිකා ඇතිවීමට හේතු වී ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශය සදහන් කරයි. එසේම රථවාහන අනතුරු බහුල වීමටද ජංගම දුරකථන භාවිතය වැඩිවීම හේතුවී තිබේ.

අහිංසක ළමයින්ගේ ප්‍රතිථල විකෘති කරලා – සරත් ෆොන්සේකා


“අහිංසක ළමයින්ගේ විභාග ප්‍රතිඵල විකෘති කරලා මේ ආණ්ඩුව නිකුත් කරනවා“ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා ඊයේ(28) ‍කොළඹ පෞද්ගලික ‍රෝහලකට රැගෙන ආ අවස්ථාවේදී මේ දිනවල දැඩි කතාබහට ලක්වන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමිනි.
එම අවස්ථාවේදී ඒ මහතා දැක්වූ සම්පුර්ණ අදහස මෙසේය.
“අහිංසක ළමයින්ගේ විභාග ප්‍රතිඵල විකෘති කරලා මේ ආණ්ඩුව නිකුත් කරනවා. ඒක තමයි රටේ ජනතාවට කරන සාධාරණය මේක හරියට කරන්න බැරි නම් සංවර්ධනයක් ගැන කතා කරන එක පිස්සුවක් සංවර්ධනය ගැන කතා කරනවා. කතාව දෝලාවෙන් ගමන පයින්”



උසස් පෙළ ප්‍රතිථල අවුල පිටුපස පෞද්ගලික විශ්වවිද්‍යාල කුමන්ත්‍රණකරුවන් – ජානිපෙ


මේ උසස් පෙළ ප‍්‍රතිඵල අවුල ඇති කළේ ජාතියට ‘‘ගේම් එකක්’’ දීමටයි. මේ රටේ විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාව තුළ අචල විශ්වාසයක් තිබුණා. ඒ දෙස ජනතාව බැලූවේ ‘‘රන් දෙවොලක්’’ දෙස බලන ආකාරයටයි. අද මේ ප‍්‍රතිඵල අවුලත් සමග ඒ රන් දෙවොලට තිබූ පූජනීයත්වය විනාශ වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදි පැවැත්වූ මාධ්‍ය හමුවකදී පියසිරි විජේනායක මහතා මේ බව පෙන්වා දුන්නේය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ විජේනායක මහතා මෙසේද පැවසීය.

ස්කලී (Gillian Anderson) ගේ ටී.වී එක ලාංකිකයෙක් සොරාගනී


එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්‍රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පන පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ දේපලක් යුතු ලෙස අත්පත්කර ගත්තේයැයි යන චෝදනාව මත එක් සැකකරුවෙකු කොළොඹ මහාධිකරණය විසින් ජනවාරි 4 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබේ.

රුපියල් මිලියන් 17.8 වටිනාකමින් යුතු මෙම දේපල වංචා කිරීමට සැකපිට රිමාන්ඩ් කරනු ලැබුවේ අනුර රත්න හේරත් නම් පුද්ගලයෙක්.




ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට

ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට 
අපේ දුක හැමදාම බන්දුලට අමතකද? 
බිඳ දමා මගෙ හීනේ 
ඇයිද ඔබ ෆන් ගන්නේ 
මට දෙන්න බුදු මාමේ 
ප්‍රතිඵලය පෙර වාගේ... 

එස්.බී. ට මල පනී


ගැලීලියෝට මොකක්හරි උනා... 
ගැලීලියෝ මැරුවද?


උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇත්තේ මතුවී ඇති උසස්පෙළ ගැටලුව නිසාවෙනි.

මාධ්‍ය මගින් මේ දිනවල නිතරම පාහේ අමාත්‍යවරයාගේ මුහුණ දැකගත හැකි වුවත් ඒ හැමවිටම අමත්‍යවරයා සන්සුන් හා සිනාමුසු මුහුණින් කරුණු පැහැදිලි කරනු ලබයි.

මාධ්‍යය මගින් දක්නට නොලැබෙන එස්.බී අමාත්‍යවරයා කෝපයට පත්වූ අවස්ථාවක් හා ගැලිලියෝ ගැලලි හා සොක්‍රටීස් ට මැදිවූ ගැටලුවකට මුහුණ පා සිටින අමාත්‍යවරයාගේ වීඩියෝවක් අප වෙත ලැබී 
තිබෙනවා.

අපි දෙන්නා ජීවිතේට කිසිම විදිහකින් එහෙම දෙයක් හිතෙන විදිහටවත් හිටියේ නෑ


පසුගියදා රන්දිව පුවත්පතට මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා.

පහතින් දැක්වෙන්නේ 
එහි එක් කොටසක් 

"ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට. 


විභාග කොමසාරිස් වාද පිටියේදී නා ගනී


උසස්පෙළ ප්‍රතිපල ගැටලුව සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පැවැත්වූ වාදපිටිය වැඩසටහනට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී විය.

එහිදී ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා නැගු ප්‍රශ්නයක් හමුවේ ප්‍රතිඵල ගණනය කරනු ලැබූ සුත්‍රය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට විභාග කොමසාරිස්වරයාට නොහැකි විනි.

එම ගැටලුවට පිළිතුරු දුන් ආකාරය දැක්වෙන වීඩියෝව බලන්න පහතින් 


Wednesday, December 28, 2011

ජනවාරි සිට වරාය ගාස්තු අන්තර්ජාලයෙන්


rohitha-abeygunawardena
ලබන වසරේ ජනවාරි සිට වරාය ගාස්තු අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට පහසුකම් සලසන ක්‍රමයක් සකස් කරන බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි

ඒ අනුව වරාය අධිකාරයේ රේගු බදු ආදී වූ ගෙවීම්වලදී මෙම ස්ව්‍යංක්‍රීය ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමය භාවිතා කිරීමට සේවාදායකයින්ට හැකියාව ලැබේ.

දැනට පවතින ක්‍රමය අනුව සිදුකෙරන ගෙවීම්වලදී සේවාදායකයාට ස්ථාන කිහිපයකට යමින්, ලියකියවිලි ඉදිරිපත් කරමින් කාලය වැය කිරීමට සිදුවේ. නමුත් නව ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු සේවාදායකයාට නිවසේ සිටම අන්තර්ජාලට ඔස්සේ ක්‍රෙඩිට් කාර්ඩ් පත් භාවිතා කරමින් ගෙවීම් කොට තම ගනු දෙනු පහසුවෙන් කර ගැනීමට හැකි වනු ඇත.

ඒ අනුව මෙම ක්‍රමය මඟින් ඔවුන්ගේ කාලය අනවශ්‍ය ලෙස වැය නොවන අතර බාධාවකින් තොරව සිය කටයුතු කර ගත හැකි වේ යයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

උසස්පෙළ ප්‍රතිඵල හිට්ලර් දැක්කනම්?


බොහෝ සිදුවීම් වලට උපසිරැසි ඔස්සේ ප්‍රති නිර්මාණය වූ වීඩියෝවක් වන Downfall (2004) චිත්‍රපටයේ "හිට්ලර් ගෙට්ස් ඇන්ග්රි වීඩියෝවට" මෙවර උසස්පෙළ ප්‍රතිඵල ගැටලුව සම්බන්ධයෙනුත් උපසිරැසි පෙළක් නිර්මාණයකොට තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම විඩියෝවයි.

උසස්පෙළ විෂයන් වල ප්‍රතිඵල මාරු වීමට හේතුව


විභාග අංකය වෙනුවට GIT විභාග අංකය යොදලා 
සැකනම් නම් උත්තරේ පත්තරෙත් පෙන්නනවා 


පසුගියදා ඇතිවුන උසස්පෙළ ප්‍රතිඵලයේ හේතුවෙන් විභාගයට මුහුණදුන් සිසුන්ට තම උසස්පෙළ ප්‍රතිඵල පිලිබඳ අවිශ්වාසයක් ගොඩ නැගී ඇත.මෙම අවිශ්වාසය දුරු කිරීම සඳහා ඊයේ දිනයේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මාධ්‍යය හමුවක් පැවැත්වුවා.


එහිදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප්‍රකාශකොට සිටියේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් කුසලතා මාතරටටත්,මාතර දිස්ත්‍රික් කුසලතා බස්නාහිර පලාතටත් මාරුවීම නිසා මෙම ගැටලුව හටගත් බවයි.

ප්‍රතිඵල නිවරදිකොට අන්තර්ජාලයට නිකුත් කෙරුනද සිසුන් මැසිවිලි නැගුවේ තවමත් විභාග ප්‍රතිපල වල ගැටළු තිබෙන බවයි.


නැගෙනහිර ත්‍රස්තවාදී කණ්ඩායමක්


"වහබ්" නමින් හදුන්වන මුස්ලිම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් සිය බලය නැගෙනහිර පළාතේ පතුරන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.මෙම "වහබ්" සංවිධානයට ප්‍රමුඛපෙලේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලින්ද ආධාර ලැබෙන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා දක්වන අදහස් 


"මේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වහබ් කල්ලිය සුෆි මුස්ලිම් භක්තිකයන් ක්‍රමයෙන් විනාශ කරමින් යනවා.පහුගිය කාලේ සුෆි භක්තිකයන්ගේ පල්ලි ගණනාවක්ම මොවුන් විසින් කඩා දැමුවා..මේ වහබ් කල්ලියට මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවකින් මුල්‍ය ආධාර ලැබෙන බව මම දන්නවා..

ශිහාන්ගේ විවාහය ලබන වසරේ


සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ සිටි වඩාත් ආකර්ශනීයම තරඟකරුවා වුයේ ශිහාන් මිහිරංගය.පළමු වටයේ සුපර් ස්ටාර් බවට පත්වූ අජිත් බණ්ඩාර ට වඩා ජනප්‍රියතාවයක් ඉසිලීමට ශිහාන් ට හැකිවිය.ශිහාන් එකල මෙන්ම අදටත් තරුණියන්ගේ වඩා ආකර්ෂණය දිනු පුද්ගලයෙකු මෙන් හැදින්විය හැකියි.

සුපර් ස්ටාර් පළමු වටයේ ශිහාන් තරඟයෙන් ඉවත්වූ විට කුඩා දරුවන් ජනාධිපතිවරයාට පවා කතාකොට ශිහාන් නැවත තරඟයට ගන්න ලෙස ඉල්ලීම් කල බව එකල ප්‍රසිද්ධ රහසකි.නමුත් එදා මෙදාතුර ශිහාන් තමාට පෙම්වතියක් සිටින බවනම් හෙළිකළේ නැත.


Share this article with your friends