Chitika Smowtion 468x60


Thursday, September 20, 2012

මාලකට පාතාලයා කිව්වාට මර්වින්ට මල පනී


ඊයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ මංත්‍රීවරයෙකුගේ ප්‍රකාශයක් නිසා මර්වින් සිල්වාට අසූ හාරදාහට තදවී තිබුණා.

එම මංත්‍රීවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළේ "දිවුරුම් පෙත්සමක් මඟින් අපරාධය අහෝසි කරගැනීමට පුළුවන්දැයි" යන්නයි.

අසන ප්‍රශ්නයට 
අවඥාවෙන් සිනාසී ගොබ්බ පිළිතුරක් දී විකටයෙකු මෙන් හැමදාම ලිස්සා යන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙම ප්‍රශ්නයද සුපුරුදු පරිදි අවඥාවෙන් සිනාසී මඟ හැර ගියා.

අනතුරුව මංත්‍රීවරයා කතාව කරගන ගියේ මෙලෙසින්.

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් අගය කලයුතු වැඩක්


සරසවි වසා තිබියදී රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හබරාදුව ප්‍රදේශ‍යේ දුෂ්කර රෝහලක් ප්‍රතිසංස්කරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.

පහතින් දැක්වෙන්නේ ඔවුන් අප වෙත එවා තිබූ සටහනයි.

වර්තමානයේ සිට අනාගතය දක්වා දිවෙන්නා වූ පාලමක් වේ නම් එම පාලමේ අත්තිවාරම සැකසෙන්නේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන සුවහසක් විද්‍යාර්ථීන්ගේ දෑතෙනි.

මෙය අතිශෝක්තියක් නොවන්නේ එයට සාක්ෂි ඕනෑ තරම් මෙරට විශ්වවිද්‍යාල ආරම්භ වූ දා සිට අද දක්වා ඇත. නමුත් වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුන්ට සමාජය විසින් ලබා දෙන අර්ථකථනය කුමක් ද ? මෙය සලකා බැලීම වටී.

ලංගම ට අලුතින් බස් 3,000ක් ගෙන්වීමට පෞද්ගලික බස්‌ හිමියන්ගේ විරෝධය


චීනයෙන් බස් රථ 3,000ක් ගැනීමට ලංගම සූදානම් වෙනවා. මෙම ගණුදෙනුවත් සමඟ කලබලයට පත්වී සිටින්නේ පෞද්ගලික බස්‌ හිමියන්ගේ සමිති සම්මේලනයයි.

ඔවුන් පවසන්නේ අලුතින් බස්‌ රථ 3000 ක්‌ ධාවනයේ යොදවන්නේ නම් ඊට විරුද්ධව දින 14 ක්‌ තුළ දීපව්‍යාප්ත එක්‌දින සංකේත වැඩවර්ජනයක්‌ කරන බවයි.

ලංගම සතුව මේ වනවිට බස් රථ 5,000ක් පමණ ඇති අතර ඒවායින් 3,500ක් පමණ වසර 15ක් පමණ පැරණි බවත්, චීනයේ තාක්ෂණය දියුණු බවත් පසුගියදා අමාත්‍ය වෙල්ගම මහතා පවසා තිබුණා.

සිනමා නළු අර්ජුන කමල්නාත්ගේ මුදල් වංචාව


සිනමා නළු අර්ජුන කමලනාත් විසින් පසුගිය සැප්තැම්බර් 1 වන දින සංවිධානය කරන ලද "ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" නමැති ප්‍රසංගය ඔස්සේ මුල්‍යමය වංචාවක් සිදුකොට ඇත.

අදාළ ප්‍රසංගය පැවැත්වීමට ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් "ලංකා ෆේසස් " ආයතනය විසින් ප්‍රසංගය පැවැත්වීමට ලබා දුන් අති විශාල මුදලක් මෙසේ අර්ජුන කමලනාත් විසින් වංචනිකව ලබාගෙන ඇත.

"ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" ප්‍රසංගය පසුගිය පලවනදා නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වුන අතර අර්ජුන කමලනාත් විසින් එම ආයතනයෙන් ලක්ෂ 20 ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඉතා සොච්චම් මුදලක් එහි රඟපෑ රංගන ශිල්පීන් ට ගෙවා ඉතිරිය ඔහු විසින් ලබාගෙන ඇත.

පිල්ලෙයාන්ට ජනාධිපති උපදේශක තනතුරක්

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඒකාබද්ධව ඊයේ නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටවනු ලැබුවා.

එහි මහ ඇමති ලෙස පත්කළේ එජනිස යෙන් තරග කළ අබ්දුල් මජීඩ් මොහොමඩ් නජීබ් ය. ඔහු පසුගිය එජනිස රජයේ හිටපු සමුපකාර නියෝජ්‍ය ඇමැතිවරයාය.

හිටපු මහ ඇමති වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ඊයේ අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති උපදේශක තනතුරක් පිරිනමා තිබෙනවා. 



අජන්ත මෙන්ඩිස්ගේ ලෝක වාර්තාව


ඊයේ (19) දිනයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර ඒ අනුව කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිවිය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 100 ක් පමණයි.ඒ අනුව 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ලකුණු 82 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විනි.

Share this article with your friends