
එසේ පත් කරගන්නා ලද විසිපස්දෙනකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාව විසින් සාමාජිකයන් 05න් යුත් දේශපාලන මණ්ඩලයක් තෝරාගෙන තිබේ. ඒ අනුව සෝමවංස අමරසිංහ මහතා පක්ෂයේ නායකයා ලෙසත් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රධාන ලේකම් ලෙසත්, විජිත හේරත් මහතා ප‍්‍රචාරක ලේකම් ලෙසත්, ලාල් කාන්ත මහතා පාලක ලේකම් ලෙසත්, අනුර කුමාර දිසානායක මහතා මුදල් ලේකම් ලෙසත් පත්කරගෙන ඇත. ටිල්වින් සිල්වා මහතාට ප‍්‍රධාන ලේකම් ධූරයට අමතරව අධ්‍යාපන ලේකම් ධුරයද පිරිනමා ඇත.

