ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම ගෝලයෙකු වන ශාන්ත දිසානායක මහතාද ‘ගජබා’ රෙජිමේන්තුවේ නිලධාරියෙකි. මීට කලකට ඉහතදී චීනයේ යුද උපායන් පිළිබඳ උපාධි පාඨමාලාවක් හැදෑරූ ශාන්ත දිසානායක මහතා කොළඹ ආඥාපති කරමින්, ‘සුදු වෑන්’ කල්ලියක් මෙහෙයවීම ඔහු වෙත පැවරනු ලැබුවේද ජනාධිපතිවරයා විසිනි.
Wednesday, June 6, 2012
‘වෙබ්’ වාර්තාකරුවන් දඩයම කොළඹ ආඥාපතිට
ලන්ඩන් හිල්ටන් හෝටලයේ කාමර 50 ක් ජනාධිපතිගේ ආරක්ෂාවට
ඒ අනුව, ලන්ඩන් නුවර පදිංචිව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ සාමාජිකයින් පවා තමන්ගේ දරුමල්ලන් රැගෙන එම හෝටලයේ නවාතැන් ගෙන තිබේ.
මහ ඇමතිවරුන් වෙනස් කිරීමේ සූදානමක් !
සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා මෙන්ම, උතුරු මැද මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාද වසර ගණනාවක්ම එම තනතුර දරමින් එම ප්‍රදේශ තුළ දේශපාලන ඒකාධිකාරියක් ගෙඩනඟාගෙන තිබීමත්, එම පළාත්වල සංවර්ධන කටයුතු එක තැන පල් වෙමින් තිබීමත් නිසා, ඔවුන් වෙනුවට අලූත් මුහුණක් එම පළාත්වලට හඳුන්වාදීම ජනාධිපතිවරයාගේ තීරණයට හේතු වී තිබේ.
රටේ දේශපාලන සංස්කෘතිය ඝාතන සංස්කෘතියක් බවට පත් වෙලා තිඛෙන්නේ
මේ පහරදීම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව පැහැදිලියි. මොකද පහරදීම්වලට පැමිණි සියලූ දෙනා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්. ඒ වගේම ඔවුන් පැමිණි වාහන ජනතා විමුක්ති පෙරමුණට අයත් වාහන. ඒ පිළිබඳව සවිස්තරාත්මකව පැමිණිලි කර තිබියදීත් පොලිසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මේ ප්‍රහාර ආණ්ඩුවේ එකඟතාව මත සිදුවන ඒවාය කියන පැහැදිලි අදහස අපට තිඛෙනවා. පසුගිය දෙසැම්බර් 9 වැනිදා ලලිත් සහ කුගන්, ඒ වගේම ඊට පසුව කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගෙන යාමට ආණ්ඩුව සම්බන්ධයි.
ආර්ථිකය කඩා වැටීම පී.බී. මත පැටවීමේ සූදානමක්
රටේ දියුණුවට බාධා කරන නිලධාරීන් සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා ප්‍රකාශ කළේ ඒ අනුව යැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ජෙනරාල් ගැන තීරණයක් ගන්න මැකෝට බැහැ!
ෆොන්සේකා මහතාට ලැබී ඇති ‘නිදහස’ යටතේ ඔහුට ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට අයිතියක් තිබේදැයි අප කළ විමසීමේදී ඔහු එම කාරණය අවධාරණය කළේය.
පළාත් සභා තුනක ඡන්ද සැප්තැම්බර් 08 !
ජනාධිපතිවරයා අංක 08 තමාගේ වාසනාවන්ත අංකය ලෙස සලකන අතර, ඔහු බොහෝ අවස්ථාවලදී ඡන්ද සහ වෙනත් තීරණාත්මක දින යොදා ගන්නේද 08 වනදා හෝ අංක දෙකක් එක් කළ විට අංක 08 එන පරිදිය.
ෆොන්සේකාට පූර්ණ නිදහස ඉල්ලන පාර්ලිමේන්තු යෝජනාව ෆොන්සේකාගේම විරෝධය නිසා අස්කර ගනී
සිරගතව සිට ජනාධිපති සමාව ලැබූ සරත් ෆොන්සේකාට අහිමිව ඇති දේශපාලන අයිතිවාසිකම් ලබාදී පූර්ණ නිදහස ප්රදානය කළ යුතු යැයි ඉල්ලා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ මන්ත්‍රී යෝජනාවට ෆොන්සේකා විසින්ම විරෝධය දැක්වීම හේතුවෙන් අද ඉවත් කර ගැනීමට සිදුවිය.
මේ තත්ත්වය ගැන
අප වෙබ් අඩවිය මීට පෙර 'ෆොන්සේකා-ටිරාන්-අර්ජුන-කැටගොඩ පැකේජයක් ලෙස ආණ්ඩුවට ගැනීමේ සාකච්ඡා: ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු' නම් ප්‍රවෘත්තිය මගින් අණාවරනය කර තිබිණ.මේ තත්ත්වය ගැන
අද උදෑසන විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී යෝජනාව ගෙන ඒම අවලංගු කිරීමට බලපා ඇත්තේ ෆොන්සේකා මහතා සිය මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා හරහා ඉදිරිපත් කළ ලිපියකි.
මේ ජීවිත කාලයේ අවසන් සිකුරු සංක්රාන්තියේ අපූරු සේයාරුවක්
සූර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්‍රහයා ගමන් කිරීම හෙවත් 'සිකුරු සංක්‍රාන්තිය' මේ සියවසේ අවසාන වරට අද(06) උදෑසන අහසේ දිස්විය. සූර්යයාත්, සිකුරු ග්‍රහයාත්, පෘථිවියත් එකම සරල රේඛාවකට පැමිණෙන මෙම සිකුරු සංක්‍රාන්තිය අද 6) උදෑසන සූර්යයාගේ උදාවත් සමග දිස්විය. මෙහිදී සිකුරු ග්‍රහලෝකය සූර්යයා මතුපිට කුඩා කළු පැහැ තිතක් සේ ගමන් කරනු දක්නට ලැඛෙන අතර එහි මධ්‍ය අවස්ථාව අද පෙ.ව. 7.03 ට උදාවිය. පුරා පැය හතකට ආසන්න කාලයක් දර්ශනය වන මෙම සිකුරු සංක්‍රාන්තිය පැය හතරහමාරක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා පවසා තිබිණ.
සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බැලීම ඇස් අන්ධවීමට පවා බලපාන අතර වෙල්ඩින්කරුවන් විසින් භාවිතා කරන නො.14 අංකය යෙදූ ඇස් ආවරණ කණ්ණාඩි භාවිතයෙන් නැරඹිය හැකි විය. මෙහි දැක්වෙන්නේ එක්ස්ටී්රම් යූත් කණ්ඩායමේ ඡායාරූප ශිල්පී දුමින්ද විෙජ්රත්න විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද අද පැවැති සිකුරු සංක්රාන්තියේ මනස්කාන්ත සේයාරුවකි.
සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බැලීම ඇස් අන්ධවීමට පවා බලපාන අතර වෙල්ඩින්කරුවන් විසින් භාවිතා කරන නො.14 අංකය යෙදූ ඇස් ආවරණ කණ්ණාඩි භාවිතයෙන් නැරඹිය හැකි විය. මෙහි දැක්වෙන්නේ එක්ස්ටී්රම් යූත් කණ්ඩායමේ ඡායාරූප ශිල්පී දුමින්ද විෙජ්රත්න විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද අද පැවැති සිකුරු සංක්රාන්තියේ මනස්කාන්ත සේයාරුවකි.
විරෝධතා නිසා මහින්ද රාජපක්ෂගේ ලන්ඩන් දේශනය අවලංගු කරයි
ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩලීය ආර්ථීක සමුළුවේදී බි්රතාන්ය රැජිනගේ පදවිප්රාප්ත දියමන්ති ජුබිලි සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පැවැත්වීමට නියමිතව තිබුණු දේශනය ඇතුළු අද (06) උදා වරුවේ සැසිය අවලංගු කෙළේය.
"තත්ත්වය ඉතා ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් අනතුරුව" මෙම තීරණයට එළැඹි බව පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික මණ්ඩලය ඊයේ (05) අඟහරුවාදා සවස් යාමයේ නිවේදනය කළේය. 'ගෝලීය සෞභාග්‍යය සහ තිරසාර වර්ධනය සඳහා ධනවාදය හැඩ ගැස්වීම' යන මාතෘකාව යටතේ පැවැත්වීමට සැලසුම් කොට තිබූ මුළුවේදී උදෑසන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, බි්රතාන්ය විදේශ ලේකම් විලියම් හේග්ද එම සැසියට සහභාගිවීමට නියමිතව සිටියේය.
මෙහි ටිකට් පතක් පවුම් දහසක් පමණ විය.
ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා.
ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ තරුණියන් ජීන්ස් වැනි නිමි ඇඳුම් වලින් සිටිනවා දකින විට රටේ සිදුවෙමින් පවතින ආර්ථිකයේ පරිවර්තනීය වෙනස හඳුනා ගත හැකි බව ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යය ආචාර්ය්ය සරත් අමුණුගම මහතා පවසනවා.
සිංගප්පූරුව දියුණුවෙමින් පැවති යුගයේ ද මෙම තත්වය මෙලෙස පැවති අතර එය තමන් සියැසින් දුටු බවයි ඔහු ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ. මීට පෙර විපක්ෂ නායක වරයා ද මෙලෙස ඩෙනිම් අඳින යුගයක් ගැන ප්‍රකාශයක් කල බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
සිංගප්පූරුව දියුණුවෙමින් පැවති යුගයේ ද මෙම තත්වය මෙලෙස පැවති අතර එය තමන් සියැසින් දුටු බවයි ඔහු ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ. මීට පෙර විපක්ෂ නායක වරයා ද මෙලෙස ඩෙනිම් අඳින යුගයක් ගැන ප්‍රකාශයක් කල බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
සුදර්මන්ගේ මුදල් වංචා රැසක්- කවදා නීතිය ක්රියාත්මකවේද?
කුරුණෑගල පඬුවස්නුවර රදලියගොඩ ප්‍රදේශයේ සුප්‍රකට අර්ථ ශාස්ත්රඥයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙක් වූ සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියට එක්වූයේ 1999 ජනවාරියේය.
පසුව එහි ප්රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ ඔහු 2003 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ තුලාව දේශපාලන සංවාදය මෙහෙයවීය.
2009 නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරය පිරිනමනු ලැබීය.
පසුව එහි ප්රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ ඔහු 2003 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ තුලාව දේශපාලන සංවාදය මෙහෙයවීය.
2009 නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරය පිරිනමනු ලැබීය.
ටෙලි නිළිය ගැන පසු විපරම
එම ටෙලි නිලියගේත් අදාළ අමාත්‍යවරයාගේත් නම් අප හෙළි නොකලත් බොහෝ පිරිස් ඒ පිලිබඳ විවිධ මත පල කර සිටියා. පසුගියදා ඇය එම කටයුත්ත සිදු කර ඇති බව අප වෙත වාර්තා වනවා.
එමෙන්ම ටෙලි නිළියගේ ඇති සම්බන්ධය ටෙලි නිළියගේ සැමියා දැන සිටි බවත් අප වෙත වාර්තා වූ අතර අමාත්‍යවරයාද එම ටෙලි නිලියට අසීමිතව ආදරය කල ඇති බව වාර්තා වේ.
අදාළ කටයුත්ත කිරීම සඳහා අමාත්‍යවරයා විරුද්ධ වී ඇති අතර ඉදිරියේදී ඒ සඳහා බරපැන දැරීමට අමාත්‍යවරයා යෝජනා කර ඇත. නමුත් දැනට සිටි තත්වය මත එවන් තත්ත්වයක් අපේක්ෂා නොකළ නිළිය එම කටයුත්ත සිදුකොට තිබේ.
කෙසේ නමුත් මේ පිලිබඳ වැඩි දුර විස්තර වාර්තා කිරීමට අපට අවශ්‍යය නැත.ඒ වෙනුවට අප වෙත ලැබී ඇති එක් ජායාරූපයක් මෙසේ අප පහතින් පළකරන්නෙමු.
ෆොන්සේකා-ටිරාන්-අර්ජුන-කැටගොඩ පැකේජයක් ලෙස ආණ්ඩුවට ගැනීමේ සාකච්ඡා
ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු !
කොන්දේසි සහිතව සිරෙන් එළියට පැමිණි සරත් ෆොන්සේකා මහතා ද ඇතුළුව ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනා පැකේජයක් ලෙස ආණ්ඩුවට ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ෆොන්සේකා මහතා නිදහස් කිරීමේදී මෙන්ම මෙම සාකච්ඡා ද පැවැත්වෙන්නේ 'පාර්ලිමේන්තු ගොලූවා' ලෙස විරුදාවලි ලත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී ටිරාන් අලස් මන්ත්‍රීවරයා හරහා බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
(ටිරාන් අලස් රහසිගතව ආණ්ඩුව සමග සාකච්ඡා පවත්වන බව පසුගිය වසරේදී පළමුවරට හෙලි කෙළේද
අප වෙබ් අඩවියයි.)කොන්දේසි සහිතව සිරෙන් එළියට පැමිණි සරත් ෆොන්සේකා මහතා ද ඇතුළුව ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනා පැකේජයක් ලෙස ආණ්ඩුවට ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ෆොන්සේකා මහතා නිදහස් කිරීමේදී මෙන්ම මෙම සාකච්ඡා ද පැවැත්වෙන්නේ 'පාර්ලිමේන්තු ගොලූවා' ලෙස විරුදාවලි ලත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී ටිරාන් අලස් මන්ත්‍රීවරයා හරහා බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
(ටිරාන් අලස් රහසිගතව ආණ්ඩුව සමග සාකච්ඡා පවත්වන බව පසුගිය වසරේදී පළමුවරට හෙලි කෙළේද
මෙම සාකච්ඡා පවත්වන අතරතුරේදී මන්ත්‍රී ටිරාන් අලස් හදිසියේ පසුගිය ඉරිදා (03) ඔහුගේ උපන්දිනය දා අසනීපව රෝහල් ගත කිරීම නිසාත් ජනාධිපතිවරයා විදෙස්ගතවීම නිසාත් සාකච්ඡා මඳකට නතර වී ඇතැයි පැවසේ.
කොන්දේසි සහිත නිදහස ලත් ෆොන්සේකා මහතා පවසන පරිදි ඔහුට ඡන්දය ඉල්ලීමේ අයිතිය නැති බව දන්නේ නිදහස ලැබූවායින් පසුවය. මාධ්‍ය මගින් ඒ පිළිබඳ හෙළි කිරීමෙන් පසුව ෆොන්සේකා මහතාගේ ගැලවුම් කරු වී සිටින ටිරාන් අලස් සහ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ කීවේ ෆොන්සේකා මහතාට නැති වී ඇති අයිතිවාසිකම් යලි ලබා ගැනීම සඳහා ටිරාන් අලස් විසින් ජනාධිපතිවරයා සමග යළිත් සාකච්ඡා කරනු ඇති බවයි.
ශ්‍රී ලංකන් ප්‍රසිඩෙන්ට් වෝ ක්‍රිමිනල් / වෝ හීරෝ
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද අපරාධ කාරයෙක් ලෙස එක් කණ්ඩායමක් උද්ඝෝෂනය කරද්දී ඊට මුහුණ ලා තවත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ජනාධිපති යුද වීරයෙක් ලෙස උද්ඝෝෂනය කළහ. ඒ අතරින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගමන් කළේය. කිසිදු ගැටුමක් සිදුවූයේ නැත. කඳුළු ගෑස්, ජල ප්‍රහාර කිසිවක් නැත. මෙය සිදුවූයේ ශ්‍රී ලංකාවේ දී නොවේ.
පෙරේදා (04) ලන්ඩනයේදී ය. ප්රජාතන්ත්රවාදය නම් එයයි. මෙම වීඩියෝව බලන්න.හිටපු නීතිපති මොහාන් පීරිස් පට්ට බොරු කාරයෙක්
අධිකරණයේදී ඔප්පු වේ!
අතුරුදහන් කළ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශයක ජීවත් වනවා යැයි තමා ප්‍රකාශ කෙළේ බුද්ධි වාර්තා පදනම් කරගෙන යැයි කැබිනට් නීති උපදේශක හිටපු නීතිපති මොහාන් පීරිස් විසින් අද හෝමාගම අධිකරණයේදී සාක්කි දෙමින් පැවසීය.
පීරිස් විසින් විදේශයකදී කරන ලද ප්‍රකාශය ගැන වැඩි දුර ප්‍රශ්න කර සත්‍ය හෙළි කර ගැනීමට එක්නැලිගොඩ මහතාගේ පවුලේ උදවිය සහ විපක්ෂ ක්‍රියාකාරීන් විසින් අධිකරණයේ සහාය පතා තිබිණ.
මෙහිදී පැය එක හමාරක් පමණ කාලයක් සාක්කි දුන් හිටපු නීතිපතිවරයා කීවේ තමා බුද්ධි තොරතුරු අනුව එසේ කීවද එක්නැලිගොඩ මහතා කුමන රටක වෙසෙනවාදැයි තමා නොදන්නා බවයි. තමා පමණක් නොව කිසිවෙක් ඒ ගැන නොදන්නා බවද ඔහු පැවසීය. එක්නැලිගොඩ මහතා ජීවතුන් අතර සිටිනවාද නැතිද යන්න ගැනත් තමා නොදන්නා බව පැවසීය. 'ඔහු ගැන දන්නේ දෙයියො තමයි ලංකාවේ ආණ්ඩුව වත් දන්නේ නෑ' හිටපු නීතිපතිවරයා පැවසීය.
සෑම විනාඩි 90 කටම වරක් ස්ත්‍රී දූෂනයක්
හොරෙන් තරුණියන්ගේ ඡායාරූප 6000ක් ගත් වෛද්‍යවරයෙක් නිදහස් කළා -සමන්මලී හෙලි කරයි !
අපේ රටේ දිනකට ස්තී‍්‍ර දුෂණ 5ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන නමුත් ඇත්ත සංඛ්‍යාව එමෙන් තුන් ගුණයක්. එනම් දිනකට ස්තී‍්‍ර දූෂණ 15ක්. වෙනත් විදියකින් කියනවා නම් වර්තමානයේදී විනාඩි 90කට වරක් ස්තී‍්‍ර දූෂණයක් සිදුවෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසුවාය.
ඇය මෙසේ කීවේ
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.අපේ රටේ දිනකට ස්තී‍්‍ර දුෂණ 5ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන නමුත් ඇත්ත සංඛ්‍යාව එමෙන් තුන් ගුණයක්. එනම් දිනකට ස්තී‍්‍ර දූෂණ 15ක්. වෙනත් විදියකින් කියනවා නම් වර්තමානයේදී විනාඩි 90කට වරක් ස්තී‍්‍ර දූෂණයක් සිදුවෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසුවාය.
ඇය මෙසේ කීවේ
1990 සිට මේ තත්වය වර්ධනය වූ ආකාරය ගැන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ හැකියි. එනම් 1990දී 665යි, 1995දී 542යි, 2007දී 1397යි, 2008දී 1592යි, 2009දී 1624යි, 2010දී 1854යි, 2011 නොවැම්බර් 30 දක්වා 1636ක් ආදී වශයෙනි. මෙයට අමතරව 2011 වර්ෂයේ වාර්තාගත වූ අපරාධවලින් 48%ක් ස්තී‍්‍ර දූෂණයි. එයින් 89%ක්ම දැනට අවුරුදු 16 අඩු බාලිකාවන්ට සිදුකරන අපරාධයි. ඒ වගේම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු 15,000කින් 4,000ක්ම ළමුන්ට සිදුකරන ලද ප්රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධවයි. පිටපළාත්වල විභාග වෙමින් පවතින නඩුවලින් 50%ක් ළමා අපචාර සම්බන්ධයෙනුයි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවයේදී 90%ක් කාන්තාවෝ අතවරයට ලක්වන බව හෙළිවී තිඛෙනවා.
කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව මෙවැනි අපරාධ සිදුවන්නේ ඇයි? දිනපතා පත්තර වාර්තා කරන ආකාරයට මෙවැනි සිද්ධීන් 20කට අධික සංඛ්‍යාවක් දිනපතා සිදුවන බව පැහැදිලියි. මීට ප්‍රධාන හේතුව බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමේ අරමුණින් කි‍්‍රයාකරන සමාජයක මානව බැඳීම් ඉක්මවා ගිය ආර්ථීක සාධක මුලට පැමිණීම නිසා බව පැහැදිලියි
තවත් පැත්තකින් අපි විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම්.
දුමින්දට එරෙහි නඩුව බරක් වේ
ඉදිරියට ගෙනියන්න බැහැයි නීතිපති කියයි!
සිංගප්පූරු රෝහලක සිටින විත්තිකාර දුමින්ද සිල්වාගේ ප්‍රකාශයක් සටහන් කරගන්නා තුරු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ ඉදිරි නීතිමය කටයුතු පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි නීතිපතිවරයා
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේය.
විත්තිකාර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මේ වනවිට විදේශගතව ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අනුව දැනට ප්‍රකාශයක් සටහන් කරගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව සඳහන් කළ රජයේ නීතිඥවරයා එය සටහන් කරගත හැකි කාල සීමාව නිශ්චිතව සඳහන් කළ නොහැකි බව කියා සිටියේය.
එමනිසා මෙම නඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම අසීරු වී ඇති බව සඳහන් කළ රජයේ නීතිඥවරයා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගත් වහාම ඉදිරි නීතිමට කටයුතු අරඹන බව සඳහන් කළේය.
කෙසේ නමුත් පසුගියදා දුමින්දගේ ලේකම්වරයෙකු යැයි කියාගත් හේවාවිතාරණ නමැත්තෙක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පසුගිය 19 දා දුමින්දට කරන ලද සැත්කම සාර්ථක බවත් ඔහුට ඔහුගේ දේශපාලන කටයුතු යළි ආරම්භ කළ හැකි බැවින් ජූලි මස 15 දා ශ්‍රී ලංකාවට එන බවයි.
නවක වදය පිලිබඳ හෙළිදරව් කල වීඩියෝව ගැන පරීක්ෂණ
මෙම වීඩියෝව මගින් එම විශ්ව විද්‍යාලයට ඇතුළු වූ නවක සිදුන් හට ජේෂ්ඨ ශිෂ්‍යන් විසින් නවක වදය ලබා දෙන අයුරු පටිගත කර ඇති අතර එම වීඩියෝව මගින් සඳහන් කරන්නේ එය පටිගත කරන ලද්දේ රුහුණු විශ්ව විද්‍යාලය තුල බවයි.
Subscribe to:
Posts (Atom)