මවක් තම දරුවා වඩාගෙන පෙරපාසලකට රැගෙන යාම සාමාන්‍ය දෙයක් වුවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන වැඩිවියට පත් දරුවෙකු වඩාගෙන විශ්ව විද්‍යාලයට රැගෙන යන මවක් දැකීමට ලැබීම අසාමාන්‍ය සිදුවීමකි.එහෙත් එවැනි පුවතක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාර්තා වෙයි. කසුන් චාමර නමැති මෙම විශ්ව විද්‍යාල සිසුවා මාංශ පේශී දුර්වලතා හේතුවෙන් උපතින්ම ආබාධිතය. නමුත් මාතර රාහුල විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය සඳහා තේරී පත්වුයේ අනෙකුත් සාමාන්‍ය දරුවන් අභිබවා යමින්ය.
කසුන් චාමර අද සිටින තත්ත්වයට පැමිණීමට ඔහුට ශක්තිය හා ධෛර්ය දෙමින් ඔහු ළඟ සිටින යෝධ සෙවනැල්ල ඔහුගේ මවත් පියාත්ය. කසුන් ගා හැම කෙනෙකුටත් වඩා දන්නේ ඔවුන්ය. කසුන්ගේ මව කසුන් පිළිබඳව පවසන්නේ මෙසේය.
