Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

අන්තරයට නැගෙන චෝදනා ගැන සංජීව කතා කරයි



මේ දිනවල දිවයිනේ විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති අර්බුධ සහ එම අර්බුද සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට නැගෙන චෝදනා සම්බන්ධයෙන් එහි කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා "ජනරල" පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ. කාලීන වැදගත්කම සලකා එය පළකිරීමට අප තීරණය කළෙමු.
පහත දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවයි.

අපේ කතාබහට මෙහෙම ප‍්‍රවිශ්ට වෙමු. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ මොහොතේ සටන්පාඨය ගැන කතා කරමු.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සටන් පාඨ හැමවිටම ලංකාවේ ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟත් එක්ක සම්බන්ධයි.මේ මොහොත දිහා බැලූවොත් ආණ්ඩුවේ ගමන් මග වැටිලා තියෙන්නෙ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හොදින් හෝ නරකින්  කරන දිශාවට. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් පාඨ නිර්මාණය වෙන්නෙත් මේ කියන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලින් ජනතාවගේ ජීවිත පීඩාවට පත්වීමට එරෙහිව. එමෙන්ම මේ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව තමා කරන්න උත්සහ කරන්නේ. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමත් අපේ සටන් පාඨයක්.

විදුලි සේවක සටන පාවාදීමේ සූදානමක්



45% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා විදුලි බලමණ්ඩල සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය අරගලය ආණ්ඩුව යෝජනා කර ඇති 25%ක වැටුප් වැඩිවීමෙන් කෙළවර කිරීමට වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.
වෘත්තීය සමිති නායකයින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී වෘත්තීය සමිති නායකයින් පවසා ඇත්තේ සේවකයින්ට අවම වශයෙන් 30%ක හෝ වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවයි. එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟවී නොමැති අතර ඔහු 25%ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟවී තිබේ. කෙසේ වෙතත් අවසානයේදී වෘත්තීය සමිති නායකයින් ඊට සිය විරෝධය පළකර විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයකද නිරත විය.
නමුත් එම විරෝධතාවයේදී සේවකයින් ඇමතූ ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව යෝජනාකර ඇති 25% වැටුප් වැඩිවීම ලබාගත යුතු බවයි.

උසස් පෙළ අවුලට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩුවෙන් බාධා



2011 වසර උසස් පෙළ විභාග ප්‍රතිඵල සිදුවූ අක්‍රමිකතාවන්ට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, පාසල් සිසුන් සහ දෙමාපියන් එක්ව අද දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ යොදා ඊට බාධා පමුණුවමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරයි.

නිවැරදි ප්‍රතිඵල ඉල්ලා සිසු - දෙමාපිය උද්ඝෝෂණයක්


මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විකෘතිකිරීම් වලට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පාසල් සිසුන් සහ දෙමාපියන් එක්ව අද කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවයක නිරත විය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයත් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයත් ඒකාබද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.එම අවස්ථාව සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සහ පාසැල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කසුන් මාලින්ද මහතාද සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ සංජීව බණ්ඩාර මහතා,
"මෙවර උසස් පෙළ  විභාග ප‍්‍රතිඵලය විකෘති බව අපි කාටත් නොරහසක්. නමුත් හිතුවක්කාරී ආණ්ඩුව එය පිළිගන්නේ නැහැ. ආණ්ඩුවේ මෙවැනි හිතුවක්කාරී ක්‍රියාකලාපය නිසා වෙළඳ කලාපයේ රොෂේන් චානක සහෝදරයාගේ ජීවිතය බිලිගත්තා. දැන් මෙම ප‍්‍රතිඵල ගැටළුව නිසා නුවරඑළියේ සිසුවියක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. කරන්දෙනිය හා ගම්පහ දෙදෙනෙක් ජීවිත නැතිකර ගැනීමට උත්සාහ දැරුවා. මෙම ගැටළුව මෙතනින් නිමවන්නේ නෑ. ඒ නිසා අපි සියළුදෙනාටම මෙම ප‍්‍රතිඵල නිවැරදි කරගැනීම වෙනුවෙන් මැදිහත්වීම අනිවාර්යක් වෙලා තියෙනවා. අද එක විභාගයයි හෙට තව විභාග දෙකකට මේ දේ සිද්දවෙන්න පුළුවන්. අපි ආණ්ඩුවට බලකරල කියනවා තමන්ගේ උද්දච්ඡකම පැත්තකින් තියලා අසාධාරණයක් වෙලා ඉන්න සිසුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා."

අධිවේගියේ රහ ලංගමට දැනේ



විනාඩි හතලිහකට වරක් බස් රථයක් දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයට ගමනා ගමන මණ්ඩලය විසින් අද පටන් තවත් සුඛෝපභෝගී බස්රථ දෙකක් එක්කිරීමට අදහස් කර තිබෙන අතර මේ නිසා සෑම විනාඩි 40 කට වරක්ම අධිවේගී මාර්ගයේ බස්රථයක් ක්‍රියාත්මක වන බව මණ්ඩලය කියයි.

වැඩබැරි ගනේගලට විශිෂ්ඨ ලේකම් ධූරයක්


වයස අවුරැදු 60 ඉක්ම වුවද දක්ෂ හා කාර්යක්ෂම අමාත්‍යාංශ ලේකම්වරැන් විශ‍්‍රාම නොයවා තවදුරටත් සේවයේ යොදවා ගැනීමට ජනපතිවරයා තීන්දු කර ඇති බවත්, ජනාධිපතිවරයා වෙත ව්‍යාජ ප‍්‍රගති වාර්තාවක් ඉදිරිපත් කොට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී ගනේගල මහතා ද තවත් සේවා දිගුවක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ඒ අනුව මේ වන විට වයස 64 ද ඉක්මවා ඇති ගනේගල මහතා පසුගිය වකවානුවේ අසාර්ථකම අමාත්‍යංශ ලේකම්වරැන් අතර සිටින පුද්ගලයෙක= බවද ඔහු තවදුරටත් සදහන් කළේය.

ජනරාල් නිදහස් නොකළහොත් 5වනදා සිට ජනඅරගලයක් !


පෙබරවාරි 04 නිදහස් දින හෝ ඊට පෙර ජනරල් සරත් ෆොන්සේකා මහතා කොන්දේසි විරහිතව නිදහස් නොකළහොත්, පෙබරවාරි 5වනදා සිට අරගලකාරී ක‍්‍රියාමාර්ගයන්ට අවතීර්ණවීමට ‘ජනරල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය’ තීරණය කර ඇතැයි වාර්තාවේ.

පෙබරවාරි 04වන දා ජනරල් නිදහස් කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාට ලබාදී ඇති පොරොන්දුව මත ජනරල් නිදහස් කර ගැනීමේ මහජන උද්ඝෝෂණ මේ දිනවල තාවකාලිකව නවතා දමා තිබේ.

බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනයට පැමිණි එස්ටීඑෆ් මැරයින් මාට්ටු


ඊයේ (18) දහවල් මීගමුව උසාවියට රැගෙන එමින් සිටි බන්ධනාගාර රැදවියෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු, බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකුගේ ක‍්‍රියාකාරිත්වය මත අත්අඩංගුවට පත් වී තිබේ.
බන්ධනාගාර රැදවියන් විසිදෙනෙකු එකිනෙකට දම්වැල්වලින් බැද, බන්ධනාගාරයේ සිට පයින් රැගෙන එමින් සිටියදී මාර්ගය අසල සිටි දෙදෙනෙකු බන්ධනාගාර රැදවියෙකුට වෙඩි තැබීමට උත්සාහ කර ඇත.
එහෙත් බන්ධනාගාර රැදවියන් සියලූ දෙනා එකවර මරහඬ දී ඇති අතර එයින් කලබලයට පත් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා යතුරුපැදිවලින් පැමිණ සිටි තවත් දෙදෙනෙකු සමඟ පලා යෑමට උත්සාහ දරා ඇත.

දෙරණේ දිල්කා යුගදිවියට


දිල්කාගේ විවාහයට මැති  ඇමතිවරු රැසක් 

පසුගිය 15 වෙනිදා අප "දෙරණේ දිල්කාගේ විවාහය ළඟදීම"යනුවෙන් ලිපියක් පල කරමින් දිල්කා සමන්මලී මෙනවියගේ විවාහය අද දින(19) පැවැත්වෙන බව ඔබට හෙළි කරා.

ඒ අනුව දිල්කා සමන්මලී මෙනෙවියගේ විවාහ උත්සවය අද දින පරිසරවේදී අසේල මුතුමණිගේ මහතා සමග සිදුවුවා.

දෙරණ නාලිකාවේ විධායක වාර්තාකාරිණියක් වන ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසටද ජනප්‍රියත්වයට පත්වුවා.ඇය වඩාත් ජනාකර්ශනයට ලක්වුයේ ටීවී දෙරණ නාලිකාවේ 360 වැඩසටහන මෙහයවිම මගින්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා රජ්‍ය මාධ්‍ය විසින් ගෙනයන අසත්‍ය ප්‍රචාර හෙළා දකිමු


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා රජයට අයත් ජනමාධ්‍ය විසින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව ගෙන යමින් සිටින අභූත සහ පදනම් විරහිත චෝදනා පිළිබඳව අප සංවිධානයේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව අපගේ පිළිකුල හා බලවත් විරෝධය පළ කරන්නෙමු.
G.S.P.+ බදු සහනය ශී්‍ර ලංකාවට ලබා නොදෙන ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා එහි සාමාජිකයන් විසින් පෙත්සම් 600 - 700 අතර ප්‍රමාණයක් විදේශීය රටවලට හා ජාත්‍යන්තර සංවිධාන වෙත යොමු කර ඇතැයි යන්න එම අමූලික බොරුවය. එවැනි අදහසක් ප්‍රකාශ කරමින් රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පුවතක් පළකර තිබු අතර එම අදහසම හුවා දක්වමින් දිනමිණ පුවත්පතද, ස්වාධීන රූපවාහිනීයේ විපරම වැඩසටහන ද අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇත. ඒ අනුව පෙනී යන්නේ රජය හිතාමතාම මනා සැලසුමකින් යුතුව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව වෛරී හැඟීමක් ජනතාව අතර ගොඩනැඟීමට දුෂAඨ ප්‍රයන්තයක නිරත වෙමින් සිටින බවකි.

මර්වින්ගේ කප්පම් කල්ලිය සිංගප්පූරුවේදී රැස්වේ


මේවනවිට ආරක්Aෂක අමාත්‍යාංශයේ ''සුදු වෑන් ඒකකයේ'' උපදෙස් පිට ශ්‍රී ලංකාවෙන් පලාගොස් සිටින මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ කප්පම් කල්ලියේ සාමාජිකයින් පෙරේදා (16දා) සිංගප්පූරුවේදී රැස්වී ඇති බව වාර්තාවේ.
මොවුන් මෙසේ රැස්වී ඇත්තේ සිංගප්පූරුවේ හින්දු රෝඩ්, අංක 14 හි පිහිටි ''චෙන්නායි රෙස්ටුරන්ට්'' නැමැති ස්ථානයේ වන අතර මෙම රැස්වීම සඳහා දැනට ලංකාවෙන් පලාගොස් සිටින පානදුරේ ඩොනල්ඩ් හෙවත් මාලිගාවත්තේ රංජා, රංජන් සිල්වා නොහොත් ''කොට රංජා'', ස්විස් සජී නොහොත් ''ක්‍රෙඩිට්කාඩ් සජිත්'' සහ අමල් රුද්‍රිගූ නොහොත් ''ලංගම රාජු'' සහභාගිවී ඇති අතර මුලසුන දරා ඇත්තේ තවමත් මර්වින් සිල්වා සමඟ ගනුදෙනු කරන ''සිංගප්පූරු සරත්'' නොහොත් සරත් එදිරිසිංහ විසිනි.

හොලිවුඩ් නිලිය හරහා හෙළිවූ ලංකාවේ වලව් ජාවාරම


සුරූපී හොලිවුඩ් නිලියක් වූ X-Files හි ගිලියන්ගේ අවනඩුව නිසා ලංකාවේ වලව් මංකොල්ලයක් ගැන තොරතුරු රැසක් හෙළිවෙමින් පවතිනවා. මෙම තොරතුරු වලට අනුව විදේශිකයන් විසින් ඩොලර් මිලියන ගනනින් ගෙවා ලංකාවේ තැරැව්කරුවන් හරහා මහා පරිමාණයෙන් පැරණි වලව් මිලදී ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙම හොලිවුඩ් නිලියට මෙරට දේපල ලෙස ඇත්තේ පසුගියදා අනාවරණය වූ පස්යාලේ පිහිටි වලව්ව පමණක් නොවේ.තවත් අක්කර සිය ගණනක ශ්‍රී ලාංකික භූමියේ අයිතිය ඇය සතු වෙන බව හෙළිවෙමින් පවතිනවා.

සාමාන්‍ය විදේශිකයෙකු ලංකාවේ දේපළක් මිලදී ගනී නම් එයට අති විශාල බදු මුදලක් ගෙවිය යුතු වුනද මෙම ජාවාරම හරහා ලංකාවට කිසිම බදු මුදලක් ලැබෙන්නේ නැත.



ඔන්ලයින් බැංකු ගණුදෙනු ප්‍රවේශමෙන්!


හැටන් නැෂනල් බැංකුවෙන් එවන ලෙසට සැකසූ ව්‍යාජ ඊමේලයක් මගින් ගනුදෙනුකරුවන්ගේ අන්තර්ජාල ගිණුම්වල දත්ත ලබාගැනීමේ උත්සහයක් පසුගිය සතියේ වාර්තා වුනා.

එමගින් එම ගනුදෙනුකරුවන්ගේ  අන්තර්ජාල ගිණුම්වල රහස්‍යපද,ක්‍රෙඩිට් කාර්ඩ් වල විස්තර ආදිය ලබාගැනීමට උත්සහ කරනවා. ඉන්පසු එම දත්ත ඇතුලත් කර අන්තර්ජාල ගිණුම්වලින් මුදල් සොරකම් කිරීම මෙම "ෆිෂින්ග්" වංචාකරුවන්ගේ අරමුනයි.

කටුනායක අධිවේගී මාර්ගය නිසා ජනතාව පීඩාවට


2009 වසරේ අගෝස්තු මාසයේ දී ඉදිකිරීම් ආරම්භ කළ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය 2013 දී ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

මේ වනවිට ඉදිවෙමින් පවතින කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ හුනුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නිරන්තරයෙන් බර වාහන සිය ගණනක් ධාවනය වන අතර මාර්ගයේ දැනට දමා ඇති පස් තට්ටුව මතින් මෙම වාහන ධාවනය වන විට අධික දුවිල්ලක් ඇතිවේ.

මේ නිසා දිනය පුරා හුනුපිටිය දුම්රිය ස්ථානය අවට ප‍්‍රදේශයම දුවිල්ලෙන් වැසී පවතී. මේ හේතුවෙන් දොර ජනේලයක් ඇර ගැනීමට තබා හුස්ම ගැනීමටවත් නොහැකිව ප‍්‍රදේශවාසින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටී. 

ලංකාවේ ඉතිහාසය සිනමාවට නැගු කුවේණි - කුසපබා


දුලානි බර අඩුකර ගත්තේ ඇයි?
මර්වින් සිල්වා කුවේණිගේ පියාලු
  
මේ දිනවල සිංහල සිනමාවේ ඉතිහාස පුවත් අඩංගු චිත්‍රපට වැඩියෙන් නිර්මාණය වීමට පටන්ගෙන තිබෙනවා.විශේෂයෙන් ජැක්සන් ඇන්තනි මහතා පණ්ඩුකාභය කුමරාගේ චරිතය ඇසුරින් නිර්මාණය කල සිනමාපටය නිසා බොහෝ දෙනෙක් එවැනි ඓතිහාසික පුවත් ඇසුරින් සැදුනු චිත්‍රපට කෙරෙහි වැඩි රුචිකත්වයක් දක්වන්නට පටන් ගත්තා.

මේ ඓතිහාසික රැල්ලේ නිර්මාණය වූ චිත්‍රපටි දෙකක් ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.ඒ කුවේණිගේ චරිතය ඇසුරින් සැදුනු "විජය-කුවේණි" හා "කුසපබා" යන චිත්‍රපටි දෙකයි.

Share this article with your friends