
ලොව අනෙකුත් ආගම් තමන්ගේ ආගමට වඩා පහත් බවට අටවා ගත් මනස්ගාතයක ගල් පහරවල් විසින් ඇයගේ සිරුර තලන්නේ, ලංකාවේ අප ජාතික, ආගමික ස්වර්ණමය යුගයක් පසු කරන අවස්ථාවකය. ලෝකයේ නිර්මලම ආගම අපට උරුම බවට ලංකාවේ සමස්ත සමාජයම මොර ගාද්දී තමන්ගේ ආගම වඩාත් උසස් යැයි සැලකූ තවත් එවන් සමාජයක් විසින් තරුණියකගේ ජීවිතය නගර චතුරශ්‍රයක කුණු වෙන්නට ඉඩ හරියි. ඉතින් අද ඉරාකයේ නගර චතුරශ්‍රයක අප දකින්නේ අනාගත ලාංකිකයාගේ ඉරණමද?





