
පකෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා තරඟ කළ සජිත් ප්‍රේමදාස ඡන්ද 50ක් ලබාගෙන පකෂයේ හිටපු ජාතික සංවිධායක රවි කරුණානායක ඡන්ද 8කින් පරාජයට පත් කළේය. එජාපයේ ජනප්‍රිය තරුවක් වු දයාසිරි ජයසේකර නැගෙනහිර පළාත් සභාවේ විපකෂ නායක හා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දයා ගමගේට වඩා ඡන්ද 20කින් පරාජයට පත් වෙමින් උල්කාපාතයක් සේ කඩා වැටුණේය. කරුට එජාප කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වය ද අහිමි විය. එජාපයේ නායකත්වය සඳහා නිළධාරී මණ්ඩලය වසරින් වසරට තෝරාපත් කර ගැනීම සඳහා පකෂ ව්‍යවස්ථාව සංශෝධනය වුයේ පකෂ නායකත්වයේ වෙනසක් ඉල්ලා සිටි කැරලිකාර කණ්ඩායමේ එකඟතාවයෙනි.











