Chitika Smowtion 468x60


Friday, June 1, 2012

දිනුෂා රාජපතිරණගේ විවාහ උත්සවය

ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ "යෙහෙළි" වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත් දිනුෂා රාජපතිරණ ගේ විවාහය පිලිබඳ මෙයට පෙර ගොසිප්9 කරුණු හෙළිදරව් කරනු ලැබුවා.

දිනුෂා හා ධම්මික ගේ විවාහ උත්සවය ඊයේ දිනයේ පැවැත්වුන අතර එහි ජායාරුප එකතුවක් පහතින් බලන්න 


Official Photography by Digital Eye Studio





පබෝධා සන්දීපනිගේ විවාහ උත්සවය


ජනප්‍රිය නිලි පබෝධා සන්දීපනී ගේ විවාහය ඊයේ රාත්‍රියේදී කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුනි.ඇයගේ ඇත ගත මනාලයා වුයේ ව්‍යාපාරිකයෙකු වූ සිදත් හරින්ද්‍ර සමගය.

විවාහ උත්සවයේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 
 Photography : Dhanushka Senadeera





පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති - ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී


ණ්ඩු හිතවාදී මූල්‍ය ජාවාරම්කරුවන් සුළු පිරිසක් මේ සූදුවෙන් ලාභ ලබා තිඛෙනවා.
බරපතල ආර්ථීක අනතුරක්.
කොටස් වෙළඳපොළ පිරමීඩ ජාවාරමට සමානව සූදු පොළක් බවට පත් කළේ ආණ්ඩුවයි.




මහ බැංකුව, මහා භාණ්ඩාගාරය නිරන්තරයෙන් කීවේ අපේ ආර්ථීකය ශක්තිමත් බවයි. 8% ඉක්මවා ආර්ථීක වර්ධන වේගයක් ළඟා කරගෙන ඇති බවත් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කොටස් වෙළඳපොළ අප සතු බවත් කීවා. අද වෙනකොට කොටස් වෙළඳපොළ වේගයෙන් කඩා වැටෙමින් තිඛෙනවා. කොටස් වෙළඳපොළ කියන්නේ දියුණු ආර්ථීක මිනුම් දණ්ඩක් නෙවෙයි. සූදු පිටියක්. කිසිවක් නිෂ්පාදනය නොකර මුදල් මවමින් ලාභ ලබන කි්‍රයාවලියක්. මේ තුළ කොළඹ කොටස් වෙළඳපොළ වාර්තාගත අන්දමින් දියුණු වන බව පෙන්වීමට ආණ්ඩුව පිම්බීමක් කළා.

සලමන්ඛාන් තරුණ වෙන්න ප්‍රතිකාර ගත්තේ මගෙන්- එළියන්ත වයිට්



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍යවරයා වන එලියන්ත වයිට් පිළිබඳව බොහෝ දෑ පසුගිය කාලයේ මාධ්‍ය වල පළ වුණා.

ඔහු පිළිබඳව හෙළි කළ බැලුම්ගල වැඩසටහන්කින් හෙළි කර තිබුනේ දරුවන් නොමැති කාන්තාවන්හට දරු ඵල ලැබීමට ඔහුගේ ප්‍රතිකාරය වූයේ තමන්ගේ ශුක්‍රානු සිරින්ජරයකට දමා ඇතුලත් කිරීම බවයි.

එළියන්ත වයිට් සමඟ පසුගියදා රන්දිව පුවත්පත සාකච්ජාවක් පවත්වා තිබුණා. ඒහිදී බොහෝ දෙනෙක් නොදන්නා කරුණු රාශියක් එළියන්ත වයිට් විසින් හෙළිකර තිබුනේ මෙලෙසින්.

ඔබ පසුගිය කාලවකවානුවේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේ ලබන ආබාධයන් සඳහා ප්‍රතිකාර කළා. ඒ හේතුවෙන් විශාල ජනප්‍රසාදයක් ලබා ගත්තා. කොහොමද ඔබ මේ ක්‍රීඩකයන් සමඟ ගනුදෙනුවට සම්බන්ධ වෙන්නේ?
මම අරලිය ගහ මන්දිරයේ ජනාධිපතිතුමා මුණගැසී සිටින අවස්ථාවක මන්දිරයට ආරංචියක් ආවා, ලසිත් මාලිංගගේ පාදයේ ඇතිවී තිබෙන ආබාධයක් නිසා ඔහුට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බාධාවක් ඇතිවී තිබෙන බව.

අමරනාත් බටගොඩගේ දෙවන විවාහය


"ආර්ථික විද්‍යාවේ නව සම්ප්‍රදාය" නමින් කොළොඹ හා කුරුණෑගල ප්‍රදේශයන්හි ප්‍රසිද්ධ ආර්ථික විද්‍යා ගුරුවරයෙකු වන අමරනාත් බටගොඩ මහතා පසුගිය දා ඔහුගේ දෙවෙන විවාහයට එළඹුනා.

ඔහු විවාහ වී තිබුනේ ඔහුට වඩා වයස අවරුදු 23 ක් බාල වූ නුගේගොඩ සමුද්‍ර දෙවි පාසලේ 2010 උසස් පෙළ හැදෑරු ඔහුගේ උපකාරක පන්ති පැමිණි සිසුවියකි.

ඇය පියුමි ගුරුගේ වන අතර මේ දිනවල ව්‍යාපාර පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කළමනාකරණය උපාධිය හදාරමින් සිටිනවා.

ඔවුන්ගේ ජායාරූප පෙළක් පහතින් බලන්න 

මේ මියගිය තරුණියට තවමත් යුක්තිය ඉටු වී නැත


මේ ජායාරූපයේ සිටින්නේ මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණියයි. ඇය සේවය කලේ කටුනායක ඇඟලුම් කම්හලකය. මුදලින් දුප්පත් නමුත් රුවින් පොහොසත් මෙම තරුණිය  පාසල් අධ්‍යාපනය නිම කිරිමටත් ප්‍රථම රැකියාවකට ගියේ නිවසේ තිබු අග හිඟකම් නිසාය. 

1999 වසරදී සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රවාහන  අධ්‍යක්ෂක ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (J.D.Cජයසිංහ) ඇයට අහඹු ලෙස මුණ ගැසුණු අතර මෙම මිනිසා ඇයගේ  ජීවිතය සදාකාලික අන්ධකාරයකට හෙලන බව ඇය දැන සිටියේ නැත.  

ගාමන්ට් කෙල්ලන් යනු කෙලි බඩු ලෙස සැලකු කාමතුරයෙකු වන මුද්දරගම පදිංචිව සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන ජේ . ඩී සී ජයසිංහ ප්‍රියදර්ශනී ගේ රූපයට වශී  වූ අතර ඇයට මිනුවන්ගොඩ රෝහලේ කම්කරු රැකියාවක්  ලබා දෙන බවට පොරොන්දු විය. 

ලංකාවේ මියුසික් හැදෙන්නේ මෙහෙමද?


පසුගියදා ස්වාධින රුපවාහිනියේ විකාශය වූ චැට් ඇන්ඩ් ම්යුසික් වැඩසටහනට සහභාගී වූ රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු මහතා ලංකාවේ අලුත් සංගීත නිර්මාණ බිහි වන අයුරු ගීතයක් මගින් ඉදිරිපත් කරනු ලැබුවා.

එම වීඩියෝව බලන්න පහතින්

බහිරව පුජාවකින් පසු සිතුල් පව්වේ බුදු රුවක් මතුවෙයි!


පසුගිය 29 වනදා පැවැත්වූ බහිරව පුජාවකින් පසුව සිතුල්පව්ව මගුල් මහා විහාරයේ පර්වතයේ බුදු රුවක් මතුව තිබේ.

එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් බුදු පිළිමයක් පර්වතය මුදුන තැන්පත් කිරීමට පෙර මෙම පුජාව පවත්වා ඇත්තේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

බුදු රුව තැන්පත් කිරීමට පෙර එම පර්වතයට අරක්ගෙන සිටින බහිරවයාගෙන් අවසර ගත යුතුයි මතයක් පවතින හෙයින් මෙම පුජාව පවත්වා ඇති අතර ඉන් අනතුරුව මෙම බුදු රුව මතුවූ බව පැවසේ.

එහි ජායාරුපයක් පහතින් බලන්න

ලංකාවේ ඉන්ධන මිල අද රාත්‍රී සිට යළි නගී


ලෝකයේ බොර තෙල් මිල මසක් තුල ඩොලර් 20 කින් අඩුවෙද්දී ලංකාවේ ඉන්ධන මිල අද රාත්‍රී සිට යළි නගී: පුදුමයි ඒත් ඇත්තයි !

ලෝකයේ තෙල්මිල වාර්තාගත ලෙස අඩුවෙද්දී ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අද රාත්‍රී සිට යළිත් ඉහළ දමා තිබේ. මේ අනුව අයිඕසී සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 118 සිට 119 දක්වා රුපියලකින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 115 සිට 117 දක්වා රුපියල් 2 කින් ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

කණගාටුදායක මෙන්ම පුදුමාකාර සිදුවීම නම් අප්‍රේල් මාසයේ 30 වෙනිදා ඩොලර් 108 ක්ව පැවැති ලෝක බොරතෙල් බැරලයක මිල අද වන විට වාර්තා ගත අන්දමින් ඩොලර් 87.90 කට අඩුවීමක් එනම් මසක් තුල ඩොලර් 20 කින් පමණ අඩුව තිබියදී ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට එම දැවැන්ත වාසිය ලබා ගැනීමට නොහැකි වීමයි.

මීට හේතු ලෙස වගකිව යුත්තන් පවසන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කඩා වැටීමයි. අද වන විට ඩොලරයක් රුපියල් 133.76 ක් දක්වා රුපියලේ අගය කඩා වැටී තිබේ.

එක්නැලිගොඩ නඩුව: හිටපු නීතිපති දාන්න ගිය වෙට්ටුව අප්සැට් යයි


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා හිටපු නීතිපති මොහාන් පීරිස් කැඳවීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා මෙලෙස ප්‍රතික්ෂේප කළේ වත්මන් නීතිපතිනිය විසින් කරන ලද ඉල්ලීමකි. අද මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිනිය හිටපු නීතිපතිවරයා රාජකාරි මට්ටමින් කළ ප්‍රකාශයක් සාක්ෂියක් වශයෙන් කැඳවීම ඔහුට කරන හිරිහැරයක් බව සඳහන් කර සිටියේ ය.

එහිදී විනිසුරුවරයා ප්‍රශ්ණ කළේ පුද්ගලයෙකු සාක්ෂියකට කැඳවීම හිරිහැරයක් වන්නේ කෙසේ ද යන්නයි. ජනාධිපතිවරයා හැර අන් වෙනත් ඕනෑම පුද්ගලයෙකු අධිකරණය හමුවට කැඳවීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය පවතින බවත්, ඒ අනුව, මහේස්ත්‍රාත්වරයෙකුගේ කටයුතුවලට අභියාචනාධිකරණය මැදිහත්වීමට අදහස් නොකරන බවත් ප්‍රකාශ කළේය.

Share this article with your friends