කොණ්ඩය වර්ණ ගැන්වීමට ගන්නා ඩයි වර්ග විශවීමෙන් සිදුවූ තවත් මරණයක් වාර්තා වෙන්නේ අලව්ව ප්‍රදේශයෙන්.මහව කයිකාවල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ඇය අලව්වේ කැප්පටිවලානේ පිහිටි තම දියණියගේ නිවසට පැමිණ ඩයි ආලේප කර පැය 6 කට පසුව ස්නානය කිරීමෙන් පසුව සිහිසුන්ව ඇද වැටී මියගොස් තිබෙනවා.
මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙන්නේ කොණ්ඩය ඩයි කිරීමට යොදාගන ඇති ඩයි වල අසාත්මිකතාවය හේතුවෙන් හටගන්නා කම්පනය නිසා සිදුවූ මරණයක් බවයි.



