Chitika Smowtion 468x60


Wednesday, July 18, 2012

පී.එච්. අයි. මහත්වරුන් ඩෙංගු ගැන දන්නේ නෑ


සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරී සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා මහතා සමග අප වෙබ් අඩවිය කළ විශේෂ සාකච්ඡාවක්.


කවුද මේ ඩෙංගු මදුරුවා කියන්නේ ?


ඩෙංගු මදුරුවා කියන්නේ, ඊඩිස් ඊජිෂ්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ඩස් මදුරුවන් දෙන්නට. පැහැදිලි ජලයේ බිත්තර දමනවා. වතුර හිදිලා ගියත් අව්ව නොමැති නම් මේ බිත්තර වසරකට ආසන්න කාලයක් පමණ තියෙනවා.


ඩෙංගු මදුරුවාට ජීවන චක්‍රය ඉදිරියට ගෙන යන්නේ නැතුව නතර කර ගෙන ඉන්නත් පුළුවන්.


ඩෙංගු මදුරුවා බෝ කරන අයට නඩු දමනවා නේද?

දූෂණ සිද්ධියේ පරීක්ෂණ කළ අපක්ෂපාතී නිලධාරීන්ට මාරුවීම්


නාවලපිටිය නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු ඇතුළු දෙදෙනෙක් විසින් පැහැර ගෙන ගොස් දින දෙකක් සිරකර තබා ගෙන 15 හැවිරිදි දැරිය දූෂණය කිරීම හා ඒ පිළිඹද විභාගයට ගිය පොලිස් සාජන්වරයකු ඇතුළු ත්‍රීරෝද රථ රියදුරෙකුද මෙම දැරිය වෙනත් ලැගුම්හලකට ගෙන ගොස් දූෂණය කිරීම යන සිද්ධීන් පිළිඹද පරීක්ෂණ පැවැත් වූ පොලිස් කණ්ඩායමේ සිටි උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හදිසියෙම වෙනත් පොලිස් ස්ථානවලට මාරුකර යවා ඇත. මෙම පොලිස් කණ්ඩායම සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකුගෙන් සමන්විත නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය හා උප පොලිස් පරීක්ෂකවරයාද ඇතුළත්ව සිටියහ.

සුදු වෑන් රියකින් පැමිණ තරුණියක් පැහැර ගනී


මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිට සුදු වෑන් රියකින් පැමිණ තරුණියක් පැහැර ගෙන යමින් සිටියදී එම පිරිස වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පැහැර ගැනීමට ලක් වූ තරුණිය මඩු අධ්‍යාපන කාර්‍යාලයේ කළමනාකාර සහායක ලෙස රැකියාව කරන බවත් 22 හැවිරිදි වියේ පසුවන ඇය රැකියාව සදහා පාපැදියෙන් යමින් සිටියදී 18 උදේ 8ට පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බවත් සෙට්ටිකුළම පොලිසිය කියයි.

තංගල්ලේ දැරිය දූෂණය කළ හතර දෙනෙක් අද හඳුනාගැනේ


තංගල්ලේ ධනවත් ව්‍යාපාරිකයන් හා නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු විසිදෙදෙනකුගේ කෙළෙසීමට ලක් වූ බව කියන තංගල්ලේ 14 හැවිරිදි දැරිය විසින් අද සිවු දෙනෙක් හඳුනා ගනු ලැබූහ.
නාගරික මන්ත්‍රී අංජන ලියනගේ, චාමික අමරසිංහ, සම්පත් ලංකාතිලක හා පී.ජී. ප්‍රදීප් කුමාර එසේ හඳුනා ගනු ලැබුවේය. සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමට දැරියට නොහැකි විය. හඳුනා ගැනීමේ පෙරෙට්ටු 11කදී සැකකරුවෝ  හත් දෙනෙක් හඳුනා ගනු ලැබ සිටිති. පහළොස් හැවිරිදි ශිෂ්‍යා හඳුනා ගැනීමට නොහැකි විය. සැකකරුවෝ විසි දෙදෙනාම බදාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

රු.2000ක් අල්ලස් ගත්තාට වසර 24 ක සිර දඬුවමක්.

කසිප්පු ජාවාරම් කරුවකුට නඩු නොපවරා සිටීම සඳහා රුපියල් 2000 ක අල්ලසක් ගත් පොලිස් සාජන්ට් වරයකු හට රුපියල් තිස් දහසක දඩ මුදලක් සමඟ වසර 24 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

අපරාධකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට කටුපොත පොලීසියට අනුයුක්ත කර තිබූ මෙම සාජන්ට් වරයා මෙලෙස අල්ලස් ගැනීමට වරදකරු වූ බැවින් මෙම දඬුවම නියම කර ඇත්තේ කොළඹ මහාධිකරණය විසිනුයි.



ඉන්දියාවේ තරුණියක් නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ වරදී


කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ප්‍රාන්තයක් ලෙස ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තය ප්‍රකටයි. පසුගිය සඳුදා දිනයේ දී ද තරුණයින් පිරිසක් විසින් පාරේ ගමන් කරමින් සිටි තරුණියකගේ උඩුකය ඇඳුම් ඉවත් කිරීමට උත්සාහ දරා තිබෙනවා.

පාරේ ගමන් කරමින් සිටි එම තරුණියව නිරුවත් කිරීමට උත්සාහ ගන්නා අයුරු වීඩියෝ පටයක සටහන් වීම නිසා මේ සඳහා හවුල් වූ සැකකරුවන් 12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ. එහෙත් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ සැක කරුවන් සිව් දෙනෙකු පමණයි.

මෙම සිදුවීම පෙන්වන වීඩියෝ පටයක් ද නිකුත් වී තිබියදීත් සැකකරුවන්ව අත් අඩංගුවට නොගැනීම සම්බන්ඳයෙන් එරට පොලීසිය වෙත චෝදනා එල්ලවී තිබෙනවා.

ඊ.පී.එෆ් සල්ලිත් ආණ්ඩුවට !

විගණකාධිපති වරයා විසින් මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව සේවක අර්ථසාධක අරමුදල සතු මහජනතාවගේ මුදල් රජය විසින් භුක්ති විදින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

එම වාර්තාවට අනුව සාමාජිකයන්ගේ ගිණුම් වලට රජය විසින් රුපියල් මිලියන ගණනක් තැන්පත් කළ යුතු වුවද එසේ කිරීමට රජය අපොහොසත් වී තිබීම සහ තවත් සේවක අර්ථසාධක අරමුදලේ ඌනතා සහ කළමනාකරණ ගැටලු කිහිපයක් පෙන්වා දී තිබේ.

2005 - 2008 කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ දායක මුදල් සහ අධි අය ලෙස උසාවි වලින් ලබාගෙන ඇති රුපියල් මිලියන 62 කට අධික මුදලක් 2010 වර්ෂයේ දී සාමාජිකයන්ගේ පුද්ගලික ගිණුම් වලට බැර නොකොට රජයේ ආදායමට බැර කොට ඇති බව එහිදී අනාවරණය වේ.



සෞදි ක්‍රීඩිකාවන් සිය ප්‍රථම ඔලිම්පික් සඳහා පුහුණුවේ


මෙම වසරේ දී ලන්ඩන් නුවර පැවැත්වීමට යන ඔලිම්පික් තරඟ සඳහා සෞදි අරාබිය ද ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගි කරවීමට සූදානම් යැයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කරනවා.

මෙසේ පලමු වරට සෞදි අරාබිය වෙනුවෙන් කාන්තා නියෝජනයක් කරමින් තරඟ කිරීමට සූදානමින් සිටින්නේ සාරා අත්තාර් සහ වුජාන් අලි සේරජ් අබ්දුල් රහීම් ෂර්කානි යන ක්‍රීඩිකාවන් දෙදෙනායි. සාරා මීටර් 800 සහ වුජාන් ජුඩෝ තරඟ ඉසව් වලින් තරඟ වැදීමට නියමිතයි.

සෞදි කාන්තාවට ක්‍රීඩා කිරීමට වූ තහනම් නීතිය පසුගිය මාසයේදී එරට රජය විසින් ඉවත් කර තිබීම හේතුවෙන් මෙලෙස මොවුන්ගේ දක්ෂතා එළි දැක්වීමට හැකි වී තිබෙනවා. එහෙත් එරට ආගමික සංවිධාන විසින් මෙම තීරණයට දැඩි ලෙස විරෝධයක් දක්වන බවයි වාර්තා වන්නේ.

හිරුණිකාගෙන් "ප්‍රේමය හා රාගය" !


මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි තැබීමකින් මිය ගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගිය කාලයේ පුවත් මවන චරිතයක් බවට පත්ව තිබුනා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුත් රන්දිම ගමගේ සමග පෙම් සබඳතාවයක් පැවැත්වූ අතර පසුගියකාලයේ ඇය පුවත්පතකට පවසා තිබුනේ එම සම්බන්ධය අවසන් බවයි.

ප්‍රේමය හා රාගය ගැන පුවත්පතකට ලබාදුන් හිරුණිකාගේ අදහස් පහතින් බලන්න

ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ?
ප්‍රේමය බොහොම සුන්දර දෙයක්.මමත් ඒ සුන්දරත්වය හොදින් විඳලා තියෙනවා.

දැන් ඒ සුන්දරත්වය විදින්නේ නැද්ද?

ඔබ පුල පුලා බලාසිටි හම්බන්තොට නයිට් මාකට් !

රාත්‍රී 09 සිට අළුයම 04 දක්වා පැවැත්වෙන රාත්‍රී වෙළඳපොළක් (Night Market) හම්බන්තොට පිහිටුවීමට මංත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැරසෙනවා

මෙම රාත්‍රී වෙළඳපොළට දෙස් විදෙස් වෙළඳුන් 1000ක් පමණ ගෙන්වා ගැනීමට සූදානම් බව පැවසෙන අතර මෙය සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල ක්‍රියාත්මක වන චයිනා ටවුන් (China Town) රාත්‍රී වෙළඳපොලට සමානව පවත්වාගන යාමට අදහස් කෙරෙන බවයි ඔහු පවසා තිබෙන්නේ.


මීට පෙර සතොස රාත්‍රී කාලයේදීත් විවෘත කර තැබීම නිසා කෝටි ගනනක විශාල පාඩුවක් ලැබුවේ රාත්‍රී 9න් පසුව වැඩ ඇරී ගෙදර යාමට බස් රථයක් පාරක දක්නට නොමැති තත්ත්වයක සතොසෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් නොපැමිනි නිසාය.

බසයේ හැපුණු මරික්කාර් !

සිරස එෆ් එම් ප්‍රධානී ලෙස කටයුතු කරන එස්.එම් මරික්කාර් විසින් බීමතින් රිය පැදවීම නිසා ඔහුගේ ජීප් රිය පෙරේදා රත්‍රී බස් රථයක හැපී තිබෙන බව වාර්තා වනවා.

150 මාර්ගයේ ගමන් ගත් බස් රථයක හැපීමෙන් සිදුවූ එම අනතුරේදී බස් රථයට මෙන්ම ඔහුගේ ජීප් රියටද දැඩි අලාභානි සිදුවී තිබෙනවා.



Share this article with your friends