කලින් කලට විවිධ අනාවැකි කරුවන් පහල වෙන අතර විශ්ව ශක්තිය උපයෝගී කරගෙන ලෙඩ සුවකරන්නන්ද පහල වේ.
අනතුරුව ඔවුන් කල මුදල් වංචාවන් හෙළිවීමෙන් පොලිස් අත් අඩංගුවට පත්වන අවස්ථා අප ඕනෑ තරම් අත්දැක ඇත්තෙමු.
තුන් කල් පෙනෙනා ඉන්දියාවේ සිට පැමිණි ශාස්තෘවරයෙකු විවිධ ලෙඩ සුවපත් කරන මුවාවෙන් කාන්තාවන් අතවරයට පත්කර පොලිස් අත් අඩංගුවට පත්වූයේ ඔවුනට තුන්කාල් තබා අරික්කාල් වත් නෙපෙනෙන නිසාය.
විශ්ව ශක්තිය මගින් පිලිකා රෝගය සුව කරන බව ප‍්‍රකාශ කරමින් විශාල මූල්‍ය වංචාවක් සිදු කළ වැලිගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුවන ඞී.එන්. දළුවත්තද මීට පෙර අත් අඩංගුවට පත්විය.
නදීෂා හේමමාලි පිළිබඳව විවිධ පුවත් වාර්තා වුවද ඇය විවාහවීමට යන බවක් මෙතෙක් වාර්තා වුනේ නෑ.
නමුත් ඇය පුවත්පතකට හෙළිකර තිබෙන්නේ ඇය දැන් පෙම්වතියක් බවයි. ඉදිරියේදී විවාහවීමට නියමිත වුනත් ආදරය වෙනුවෙන් කිසිම කැපකිරීමක් කිරීමට ඇයට කළ නොහැකි බවත් පවසා තිබුණා.
ජීවත්වෙන්න ආදරය අවශ්‍යයිද නදීෂා?
මට නම් ජීවත් වෙන්න අනිවාර්යෙන්ම ආදරය ඕනෑ. ආදරය නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ.
ආදරය වෙනුවෙන් ඔයාට ඕනෑම කැපකිරීමක් කරන්න පුළුවන්ද?
මට නම් ආදරය වෙනුවෙන් කිසිම කැපකිරීමක් කරන්න බෑ. මම මගේ නිදහස් සියයට සියයක්ම අගය කරන කෙනෙක්. ආදර වෙනුවෙන් මගේ නිදහස වෙනස් කරන්න මට බෑ. ඒකට මම කැමති නෑ.