Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

අර්ථ සාධක අරමුදල වෙනුවෙන් දිවිපිදූ රොෂාන්


කටුනායක රොෂාන් කම්කරු පංතියේ ඉල්ලීම් උඩ කල සටනේ දී මියගිය විරුවා ලෙසටයි ඉතිහාස ගත වෙන්නේ. තම යුද්ධ ජය උඩ ලොකුවට බලය පෙන්නූ ආණ්ඩුවකට මාස කිහිපයක් ඇතුලත පංති සටන තුල දී පරාජය බාර ගන්න සිද්ධ වුනා. ඒ වුනේ රොෂාන් වගේ එඩිතරව සටන් කල නායකයින් සිටි නිසා.
ආණ්ඩුව බලය එක අහුරට අතට අරන් හිතූ මනාපේ කම්කරුවන් යට කරගෙන ක්‍රියා කලා. මේ තැන දී හැදුවේ කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල් රජයට උවමනා විදියට ආයෝජනය කිරීමට බල තල හදා ගන්නටයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුුදලත් දිගින් දිගට ම කියා සිටියේ මේ වගේ පරම්පරා ගණනාවක එකතු වුන මුදල් ගොඩ ගැහිල තියෙන විට ඇයි ඕගොල්ලෝ අපි ගාවට ඇවිත් සල්ලි ඉල්ල්නේ කියල යි. ඔවුන්ට උවමනා වුනේ කොහොම හරි මේ එකතු වුන මහා ප්‍රාග්ධනය තමන්ගේ සංවර්ධන වැඩ පිළිවෙලට උචිත හැටියට යොදැ ගැනීමට යි.
මේක දැනගත්ත ගමන් සර්පයෝ වගේ සේවකයන් නැගී හිටිය. ආණ්ඩුව හිතාගෙන හිටියේ ජාතිවාදී යුදවාදී මානසිකත්වය උඩ ඕනම දෙයක් කරල බේරිලා ඉන්න පුළුවන් කියලයි. දැන් උන්නැහේට තරමකට හෝ තේරිලා ඇති ගමන සුබ නෑ කියල. මේ බව එළිදරව් වුනේ රොෂාන් වගේ එඩිතර කම්කරු සටන්කාමීන් හිටිය නිසයි.

කුඩා තේවතු හිමියන් විනාශ කරන ගමනක් ආණ්ඩුව යන්නේ


අද වන විට කුඩා තේවතු හිමියන් බරපතල ගැට`ඵ ගණනාවකට මුහුණපාමින් සිටිනවා. අපේ රටේ ජාතික තේ නිශ්පාධනයෙන් 76% සිදුවන්නේ කුඩා තේවතුවලිනි. මාතර, දෙනියාය, ගාල්ල, රත්නපුරේ, ආදී ප්‍රදේශවල මෙය වැඩි වශයෙන් ව්‍යාප්තව පවතිනවා.
කුඩා තේවතු ජීවනෝපාය කර ගනිමින් පවුල් ලක්ෂ 5 (30%ක්) ආසන්න ප්‍රමාණයක් ජීවත්වන අතර තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් පමණ සපයනවා. රටේ ජනගහනයෙන් සැපකිය යුතු පිරිසක් ජීවත්වන්නේ මෙම ආදායමෙන්. රටට මිලියන ගණනින් ආදායම් උපයා දෙනවා. අපි අරගල කරල රුපියල් 5000ට තිබුන පොහොර මිටිය 1000ක් කර ගත්තා. ඒකට මහින්ද චින්තනය කියල ලේබල් ගහල එවනව. ඒව බාල පොහොර. ඒව වගාවට දැම්මම ගස් මැරෙනව.
අපේ තේ කර්මාන්තය ආරක්ෂා කර ගන්න කියල අපෙන් සෙස් මුදලක් අය කරනව. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දේශීය ආදායම් මාර්ග උහුරුවමින් ඉන්නව. කර්මාන්තයක් වෙනුවෙන් 90%ක් දේශීයවම අමුද්‍රව්‍ය හොයා ගන්න එකම කර්මාන්තය තේ කර්මාන්තයයි. ඇඟළුම් කම්හලක් ගත්තත් ඒකෙ ඉඳිකට්ටෙ නූලෙ ඉඳල සිය`ඵම දේ ගේන්නෙ පිටරටින්. අපේ තියෙන්නෙ ශ්‍රමය විතරයි. තේ කර්මාන්තයේදී ඒක එහෙම නැහැ. තේ වවන මහ පොළොවෙ ඉඳල සියල්ල අපේ. අපේ නිශ්පාදන, අපේ අමුද්‍රව්‍ය. ඒ නිසා ආණ්ඩුව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුව තිබුනත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කුඩා තේවතු හිමියා විනාශකරමින් යන ගමනක් තමයි යමින් ඉන්නෙ. දැනට අපි ප්‍රධාන වශයෙන් හඳුන ගත්ත කරුණු 4ක් තියෙනව

‘දි අයිලන්ඞ්’ පුවත්පතට ගෝඨාගෙන් බලපෑම්


‘දි අයිලන්ඞ්’ පුවත්පත සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වාර්තා පළ කිරීමේදී ඔහුගේ නම ඉදිරියෙන් ‘ජෙනරාල්’ සරත් ෆොන්සේකා ලෙස සඳහන් කිරීමෙන් වලකින ලෙස ආරක්‍ෂක අමාත්‍යංශය එම පුවත්පතේ කර්තෘ ප‍්‍රභාත් සහබන්දු මහතාට කිහිප වරක්ම දැනුම් දී ඇතත්, ඔහු ඒ පිළිබඳව කිසිදු ලෙසකින් මායිම් නොකිරීමත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ බලවත් කෝපයට හේතු වී ඇතැයි අප වෙත වාර්තා වේ.
ආරක්‍ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් එම පුවත්පත ප‍්‍රකාශයට පත් කරනු ලබන උපාලි පුවත්පත් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම මහතාටද දැනුම් දී ඇතත් මෙතෙක් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැතැයි ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

ජෙනරාල් සුදු කොඩි නඩුවේ දඩ මුදල ගෙවයි: තීන්දුව පිළිගැනීමක් ද?

ජනාධිපති කොන්දේසි මත නිදහස් කෙරුණු හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි නඩුවෙන් නියම වු රුපියල් 5000 ක දඩ මුදල අද කොළඹ මහාධිකරණය වෙත ගෙවා තිබේ. අදාල නඩුවෙන් වරදකරු කෙරුණු ෆොන්සේකා මහතාට වසර 03 ක සිර ද~ුවමක් සහ රුපියල් 5000 ක දඩයක් නියම වී තිබිණ. එම ද~ුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බැවින් එකළ එම දඩ මුදල ගෙවා තිබුනේ නැත.

සමාව දීමේ කොන්දේසි අනුව සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන් විසින් අභියාචනය ඉල්ලා අස්කර ගැණින. ඒ අනුව අද ෆොන්සේකා මහතා අදාල දඩ මුදල කොළඹ මහාධිකරණයට ගෙවීය. ජනාධිපතිගේ සමාව දුන් ක්‍රමය වී තිබුනේ ඉදිරිකාලයේ සිර ද~ුවම් ඉවත් කිරීම පමණි.

මාධ්‍ය මර්දනයට හමුදාව සම්බන්ධ කෙළේ ජනාධිපති


ජෙනරාල් ෆොන්සේකා බීබීසියට කියයි !

ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති වරයා බව හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බීබීසී ය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. එම බීබීසී වාර්තාව මෙසේය.

බීබීසී සංදේශය සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු ජනරාල් සරත් ෆොන්සේකා ඒ බව ප්‍රකාශ කළේ කීත් නොයාර් සහ නාමල් පෙරේරා වැනි මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාරවලට යුද හමුදාව සම්බන්ධ බවට එල්ලවූ චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

'ඔය කොළඹ ප්‍රදේශයේ වෙච්ච පොඩි පොඩි වටිනාකමක් නැති නීති විරෝධී වැඩවලට අපට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ,' ඔහු සඳහන් කළේය.

කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් ඔහුට දරුණු අන්දමින් පහරදී අත්හැර දමා ගොස් තිබුණු අතර, කොළඹ පිහිටි බි්‍රතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිළධාරියෙකුගේ වාහනයෙන් ගමන් කරමින් සිටියදී නාමල් පෙරේරා පැහැරගැනීමට දැරුණු උත්සාහයක් ව්‍යවර්ථ කෙරුණු නමුත්, එහිදී පහරකෑමට ලක්වුනු ඔවුන් දෙදෙනාම රෝහල් ගත කිරීමට සිදුවිය.

චැනල්4 චෝදනා
--------------------

බල්ලන් වෙනුවෙන් ඔටාරා රඟපෑමට


ඔඩෙල් සමූහ ව්‍යාපාර‍යේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඔටාරා ගුණවර්ධන විසින් චිත්‍රපට රංගනයට පිවිස ඇත.මෝස්‌තර නිරුපන ශිල්පිනියක් ලෙසින්ද කටයුතු කරන ඇය මෙම චිත්‍රපටය සඳහා ආරාධනය පිළිගෙන ඇත්තේ එය සතුන් පිළිබඳව සිදුකරන ලද චිත්‍රපටයක් වීම හේතුවෙනි.

ඇය විසින් embark නිෂ්පාදන වෙළද පොළට හදුන්වා දීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේද අනාථ වූ සුනඛයන්ට පිහිට වීමයි.

ඔටාරා ගුණවර්ධන රංගනයට පිවිසෙන්නේ නිශාන්ත ප්‍රදීප් කරුණාරත්න නිෂ්පාදනය කරන හීරෝ නීරෝ චිත්‍රපටිය තුළිනි. එහි සංගීතා වීරරත්න, මහින්ද පතිරගේ. දූලීකා මාරපන යන නළු නිළියෝ රංගනයෙන් දායකත්වය ලබා දෙති.


එම චිත්‍රපටය තිරගත වීමට නියමිත වන්නේ ලබන වසරේදීය.ඇය චිත්‍රපටය රුගත කර අවස්ථාවේදී ලබාගත් ජායාරූප එකතුවක් පහතින් බලන්න 

අතුල හා අමායා පවුලේ තුන්වෙනියා වෙනුවෙන් සැරසෙයි



අතුල අධිකාරි සමිතා මුදුන්කොටුව සමග පවතී විවාහය අවසන් වීම හේතුවෙන් නිරුපන ශිල්පිනියක වූ අමායා සමග විවාහ වූ බව පසුගියදා මාධ්‍යයට ප්‍රකාශකොට තිබුණි.

කෙසේ නමුත් මෙම විවාහය වසර දෙකක පමණ රහසක්ව පැවතිනි.ඒ අතර ඔවුන් මාධ්‍යයට පවසා තිබුනේ ඔවුන්ගේ පවුලට තුන්වන්නෙක්ද එකතුවීමට සුදානම් බවයි.

පහතින් දැක්වෙන්නේ අප වෙත ලැබුණු අතුල - අමායා කැදැල්ලේ ජායාරුප එකතුවකි.

පෙට්‍රල් හා ඩිසල් මිල ඉහල දැමීමට IOC අවසර ඉල්ලයි


පෙට්‍රල් 10 කින් ඩිසල් 13 කින් වැඩිකරන්න ඉල්ලයි 

පෙට්‍රල් හා ඩිසල් මිල ඉහල දැමීමට ලංකා IOC අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කිනුත් ඩිසල් ලීටරයක් රුපියල් 13 කිනුත් ඉහල දැමීමට ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් එම සමාගම ඉල්ලුම්කොට ඇත.

ලෝක වෙළඳපොලේ මේවනවිට තෙල් මිල පහල වැටි ඇති අතර එම සහනය ජනතාවට ලබාදීම පිලිබඳ පැන නගූ ගැටළු වලට ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය පමණින් දේශිය වෙළඳපොලේ මිල ඉහළ දැමීමට රජය කිසිවිටක ක්‍රියාකර නොමැති මෙන්ම ලෝක වෙලදපොලේ යම් ප්‍රතිශතයකින් අඩු වු පමණින් මෙරට ඉන්ධන මිල අඩු කළ නොහැකි බවය.

ෆේස්බුක් වෙතින් ස්මාර්ට් ජංගම දුරකතනයක් හදුන්වාදීමට යයි


ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කිරීමට සුදානමින් පසුවන බව වාර්තා වනවා.කෙසේ නමුත් මෙය තවමත් නිල වශයෙන් වාර්තා වී නොමැති අතර 2013 වසරේදී මෙම දුරකථනය හදුන්වා දීමට නියමිත බවට වාර්තා වනවා.

විවිධ දුරකථන සමාගම් මගින් "ෆේස්බුක් ෆෝන්" නමින් දුරකථන ඉදිරිපත් කලද ෆේස්බුක් විසින් ඔවුන්ගේම දුරකතනයක් නිපදවා තිබුනේ නැහැ.විවිධ ජංගම දුරකථන සඳහා ඇප්ලිකේෂන් සංවර්ධනය කිරීමෙන් ඒ සඳහා ෆේස්බුක් සමාගම දැනටමත් පළපුරුද්දක් ලබාගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලංකාවෙන් සොයාගත් ජංගම දුරකථන මයිටාවා ලොවට හදුන්වා දීමට යයි


ජංගම දුරකතනවල වාසය කරන මයිටාවන් විශේෂයක් පිළිබඳව මෙයට පෙර අප පුවත් පල කළා.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසන්නේ මෙම සතුන් තවමත් වර්ගීකරණයට ලක් කරමින් සිටින බවයි. සාමන්‍යය මයිටාවන්ට වඩා මොවුන් විශාල බැවින් පර්යේෂණ සිදුකල යුතු බව ඔහු පෙන්වා දෙයි.

මාලක සිල්වා සමාජ සුබසාධනය කරන්නේ ගිනි අවියෙන්ද?


ව්‍යාපාර කටයුතු හා සමාජ සුබසාධන සේවා වෙනුවෙන් තමා කාර්ය බහුල වුවත් තමාට දේශපාලනයට පැමිණීමට ජනතාව ප්‍රසිද්දියේ ඉල්ලීමක් කළොත් පියාගේ හා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ තමා දේශපාලනයට පිවිසෙන බව පසුගියදා මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුතු වන මාලක සිල්වා පුවත්පතකට ප්‍රකාශකොට තිබුනා.

නමුත් ඔහු සඳහන් කර තිබු ව්‍යපාර කටයුතු මෙන්ම සමාජ සුබසාධන කටයුතුද බොහෝ දෙනෙකුට ගැටළුවක් වී තිබුණු බව පෙනුනා.

සමාජ සුබසාධනය කෙසේ වෙතත් ගිනි අවියක් සහිතව සිටින මාලක සිල්වාගේ ජායාරුපයක් අප වෙත ලැබී තිබෙනවා. එම ජායාරුපය බලන්න පහතින් 

ඩිල්ශාන්ගේ පුතුගේ පළමු උපන්දිනය



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් හා ටෙලි නාට්‍යය නිලි මංජුලා තිළිණිගේ පුතු වන දිහේල දින්හාස් පසුගිය සෙනසුරාද දිනයේ සිය පළමු උපන්දිය සමරනු ලැබුවා.

දිහේලගේ උපන්දින උත්සවය සැමරීම සඳහා දිල්ශාන් හා මංජුලා විසින් මවුන්ට් ලැවිනියා හෝටලයේ සාදයක් සුදානම් කර තිබුන අතර එම අවස්ථාවේ ජයාරූප පහතින් බලන්න 

ඉන්දීය නිළියන් නරඹා ගන්න මෝඩ චූන් වෙනුවෙන් මහජන මුදල් කෝටි ගණනින් විනාස කරයි


මේ දිනවල රාජපක්ෂ පුත්‍රයන්ගේ සතුට වෙනුවෙන් තරඟ කරන කාල්ටන් සුපර් සෙවන් රගර් තරඟාවලිය චමත්කාර කිරීමට ඉන්දියාවෙන් ගෙන්වනු ලබන එක ඉන්දීය බොලිවුඩ් තරුවක් සඳහා රුපියල් කෝටියක් ගෙවන බව 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. 

ප්‍රීති සින්ටා, විවේක් ඔබ්රෝයි, බිපාෂා බාසු, සමීරා රෙඩ්ඩි ඇතුළු බොලිවුඩ් තරු 5 ක් සඳහා කෝටි 5 ක් ගෙවීම් කර තිබේ.

මෙම ගෙවීම එම තරුවකට අතට ගෙවන මුදල පමණි. මීට අමතරව ඔවුන් වෙනුවෙන් ගුවන් ටිකට් පත් සහ නැවතීමේ හෝටල් ආහාර පාන වියදම් වෙනම වියදමක් වේ. එයද ඉතා විශාල වියදමක් වන්නේ මේ එක් තරුවක් සඳහා පරිවාර සේවක සේවිකාවන් 15-20 ක් පමණ පැමිණ ඇති බැවිනි. එවිට ගුවන් ටිකට්, ඉඳුම් හිටුම් සහ ආහාර පාන සැපයිය යුතු අවම පිරිස සියයක් පමණ ය.

මෙම වියදම දරන්නේ රජයට පවරා ගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය ය.

ලසිත් මාලිංග කතා කරයි !


ඉදිරි වසර සඳහා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්සන් කිරීම සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මීට හේතු වී ඇත්තේ ඔහුට ලැඛෙන ප්‍රතිශතය ගැන ඔහු සෑහීමකට පත්ව නැති නිසා ය. මේ නිසා ලබන වසරේ ශ්‍රී ලංකාව බිහිකළ මේ සුපිරි වේග පන්දු යවන්නාගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අහිමි වීමේ අවදානමක් තිබේ.

මේ සම්බන්ධයෙන් ලසිත් මාලිංග මහතා පෞද්ගලික ගුවන් විදුලි සේවාවක් සමග මෙසේ පවසයි.

ඉතාලියේ භූමිකම්පා ජාලයකින් ශ්‍රී ලාංකිකයෝ 28 ක් අවතැන්


ඉතාලියේ භූමිකම්පා ජාලයකින් මේ වන විට 22 දෙනෙකු මියගොස් ඇතැයි 
අප වෙබ් අඩවියේ රෝම වාර්තාකරු පවසයි. අවතැන් පිරිස් අතර ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් සිටින බවත් ශ්‍රී ලාංකික මරණ වාර්තා වී නැති බවත් අප වාර්තාකරු පවසයි. මෙම භූමිකම්පා සිදුවී ඇති ප්‍රදේශය ඉතාලියේ මෝදනා නගරයට ආසන්න කුඩා නගරයක් වන මිරන්දෝලා ප්‍රදේශයේ ය.

මේ වන විට 8000 ක් පමණ දෙනා අවතැන්ව සිටිති.

අද දිනය තුල භූමි කම්පා 7 ක් පමණ සිදුවී ඇත. අවසන් භූමි කම්පා මීට මොහොතකට පෙර එනම් ඉතාලි වේලාවෙන් දහවල් 1.01 ට සිදුවී ඇති අතර එය රික්ටර් මාපක අංක 5.1 ක් ප්‍රබල භූමි කම්පා දෙකක් ලෙස සටහන් වී ඇත. ඊට මොහොතකට පෙර දහවල් 12.56 ට රික්ටර් මාපක අංක 5.3 ක් ප්‍රබල භූමිකම්පාවක් තත්පර 30 ක් පමණ වේලාවක් පැවතියේය. මෙතෙක් සිදුවූ භූමිකම්පා අතරින් අද දහවල් 12.56 ට සිදුවූ භූමිකම්පාව වඩාත් දරුණු එක විය. එය අසල්වැසි ඕස්ටි්‍රයාවට පවා දැනී තිබිණ.

අද පැවැති භූමිකම්පාවන්ගෙන් මේ වන විට 15 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම භූමිකම්පා ආරම්භ වූයේ පසුගිය 20 දා පාන්දර 4.04 ටය. එදින භූමිකම්පාවෙන් 7 දෙනෙක් මියගියෝය.

පවරා ගත් සෙවනගලේ සීනි ටොන් 600 කට මොකදවුනේ?


දයා සමූහ ව්‍යාපාරයට අයත්ව තිබී ඌණ උපයෝජිත පනත යටතේ ආණ්ඩුවට පවරා ගැනීමෙන් පසුව මේ වන තෙක් සෙවනගල සීනි කම්හලේදී උක් ටොන් 14,000ක් අඹරා ඇතත්, එමකම්හලෙන් වෙළෙඳ පොට නිකුත් කර ඇත්තේ සීනි ටොන් 380ක් පමණි.

එහෙත්, එවැනි උක් ප්‍රමාණයකින් සාමාන්‍යයෙන් සීනි ටොන් 1,120ක් නිපදවිය හැකි බව දයා සමූහ ව්‍යාපාරයේ සභාපති දයා ගමගේ මහතා පැවසීය.

මේ බව එම කම්හලේ සේවකයින් ද තහවුරු කර සිටින අතර, ඔවුන් පවසන්නේ, රු. මිලියන 54ක් වටිනා සීනි ටොන් 600ක් පමණ හොර පාරෙන් කම්හලෙන් පිට කොට ඇති බවයි.

මෙම වංචාව පිටුපස ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු සිටින අතර, ඉන් එක් අයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ අයෙකු බව වාර්තා වේ.

Share this article with your friends