තර්ක කොට ආරක්ෂා කරගත නොහැකි, බුද්ධිමත්ව සනාථ කළ නොහැකි, ශීලාචාර ලෙස යුක්ති සහගත කරගත නොහැකි, නපුරු සිදුවීම් වැල නොකැඩී යම් රටක සිදුවන විට, එම රට, එක විට විහිලූවක් ද, ඛේදවාචකයක් ද වන බවට හොඳම සාක්ෂියකි, ලංකාව.
ඛේදවාචකය වන්නේ, මෙවැනි භයානක තත්වයකට බිලි වන, ඒ සඳහා ජීවිතයෙන් වන්දි ගෙවන අසරණයන් සම්බන්ධයෙනි. විහිළුවක් වන්නේ, එම අවාසනාව සහ ඛේදවාචකය වෙනත් වාසගම්වලින් හඳුන්වා දීමට තැත් කරන පාලකයන්ගේ මුග්ධ භාවය ඇස්පනාපිට හෙලිදරව් වීමෙනි.
හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මේ තත්ත්වය හඳුන්වන්නේ පුරවැසියෙකු වශයෙන් තමා ලජ්ජාවට පත්වන අවස්ථාවක් වශයෙනි. ඔහු එසේ කීවත්, ආණ්ඩුවේ සැබෑ බලපුලූවන්කාරයන් එසේ ලජ්ජා වන බවක් පෙනෙන්ට නැත. ඒ වෙනුවට, ඔවුන් කවුරුත් උජාරුවට පත්වන බවකි පෙනෙන්ට ඇත්තේ.