Chitika Smowtion 468x60


Friday, January 20, 2012

Free Download කරලත් හමාරද? Megaupload.com වටලයි


එකට එක කිරීමක් ලෙස FBI වෙබ් අඩවිය හැක් කරලා



Megaupload යනුවෙන් හැදින්වෙන ෆයිල් ෂෙයාරින් වෙබ් අඩවිය ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් නිකුත් කරන ලද නියෝගයක් මත අත්හිටුවා තිබෙනවා. 

මෙම වෙබ් අඩවිය විශාල ෆයිල්ස් හුවමාරු කර ගැනීමේ ලොව ඇති ජනප්‍රියම වෙබ් අඩවියක් වන අතර ඇලෙක්සා රෑන්ක් අනුවද ලොව ජනප්‍රියම වෙබ් අඩවි 100 අතර පවතිනවා. මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ Kim Schmitz මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අත‍ර තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

වෙසක් පෝදා බුදු ‍රැස් විහිදෙයි


ප්‍රකට අනාවැකිකරුවෙකු, අධ්‍යාත්මවේදියෙකු හා ජෝතිෂ්‍ය ශාස්‌ත්‍රඥයෙකු වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින්, මෙම 2012 වෙසක් පොහොයදා බුදු රැස් විහිදෙන බවත් ඒවා දැකිය හැකි ස්ථාන හා ඒවා දැකීමට නම් කලයුතු දෑ පිළිබඳවත් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදා ඔහු මෙම අදහස් පලකර තිබෙන්නේ මව්බිම පුවත්පතටයි. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

බුදුරැස් විහිදෙන දවස
ඔබ බොදු රැස් දකින්න සූදානම්ද? මින් පෙර බුදු රැස් දැක තිබේද? බුදු රැස් දකින්න පුළුවන් දවසක් ලඟදීම උදාවන බව ඔබ දන්නෙහිද?

2012 මැයි 5 වෙනිදා සෙනසුරාදා දවල් 12.53 සිට 2012 මැයි 6 වැනි ඉරිදා උදේ 9.07 දක්වා පැය 24ටත් අඩු කාලයක් වෙසක් පොහොය පවතී. මෙම පැය කිහිපයේදී කකුසඳ, කෝණාගම, කාෂ්‍යප, ගෞතම යන ධාතූන් තැන්පත් කර නිර්මානය කර ඇති සතර බුදුපිළිම වහන්සේලාගෙන් බුදුරැස් විහිදීම සිදුවේ.

එක් මාසයකට එක් පසළොස්වක පොහොය බැගින් උදාවෙන බව අපේ විශ්වාසයයි. එහෙත් එය වැරදි මතයකි. එක් පුර පොහොයක සිට අනිත් පුර පොහොය උදාවීම තිථි 30ක් ලෙස ජෝතිෂ්‍යය හඳුන්වයි. එසේම සිද්ධාර්ථ කුමාරයා උපත ලබන වෙසක් පුර පෝය දිනයේදී විසා නැකත උදාවී තිබූ අතර 2012 මැයි 6 වැනිදා 5.59 සිට විසා නැකත් උදාවක් සිදුවෙයි.

එක් ආකාරයකට එකම රටාවකට සමානව උදාවන දවස් ඉතා දුර්ලභය. එවැනි ඉතා දුර්ලභ දිනයක උදාවන මෙවර වෙසක් පෝය දවසේ බුදු රැස් විහිදෙනවා දකින්නට නම් ඒ වෙනුවෙන් අවශ්‍ය වන සූදානම ඔබ තුළ පැවතිය යුතුය.

බුදුරැස් ඇත්තක්ද?


ලංකාවේ පළමු අධි තාක්ෂණ (HDTV) විකාශය ගාලු මුවදොර සිට


ශ්‍රී ලංකාවේ පළමුවන අධි තාක්ෂණ (HDTV) විකාශය අද සහ හෙට දිනයන්හිදී ගාලු මුවදොර සිට විකාශය කරනු ලබනවා. 

මෙහිදී ඇමෙරිකානු ජාතික දේශිකාවක් වන ජොයිස් මේයර් මහත්මිය විසින් පවත්වනු ලබන ආශීර්වාදාත්මක දේව මෙහෙය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රටවල් 140කට ගෝඩ් ටීවී ඔස්සේ සජීවීව විකාශය කරනු ලබනවා.

ගෝඩ් ටීවී HD චැනලය ලංකාවට නොපෙනුනද එහි සාමාන්‍ය චැනලය ඩයලොග් ටීවී ඔස්සේද විකාශණය කරනු ලබනවා.

මෙම විකාශනය සඳහා අධිතාක්ෂණ කැමරා උපකරණ සපයන්නේ ශ්‍රී ලංකාවට අධිතාක්ෂණ රූපවාහිනී නිෂ්පාදන හඳුන්වා දුන් ෆයින් විෂන් ආයතනය මඟිනි. ඔවුන් විසින් මෙරටට ගෙන්වන ලද අධිතාක්ෂණ බාහිර පටිගත කිරීමේ රථය ප්‍රථම වරට මෙහිදී භාවිතා කරනු ලබනවා. චන්ද්‍රිකා විකාශය කරනු ලබන්නේ ටීවී ලංකා ආයතනය විසිනි.

පහත දැක්වෙන්නේ ෆයින් විෂන් ලංකා ආයතනයේ අධි තාක්ෂණික උපකරණ වලින් කිහිපයකි 

හයිවේ එකේ යන අයට නොමිලේ දඩ මස් ?


අධිවේගිය සම්පුර්ණයෙන් අසාර්ථක ව්‍යාපෘතියක් 

මෑතකදී විවෘතවූ ලංකාවේ ප්‍රථම අධිවෙගිමාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය පිලිබඳ තවමත් දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වනවා.

විපක්ෂය විසින් පවා මෙම අධිවේගී මාර්ගය ඇගයීමට ලක්කෙරෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මන්ත්‍රීවරයා පසුගියදා කියා සිටියේ අධිවේගී මාර්ගය සම්පුර්ණයෙන් අසාර්ථක ව්‍යාපෘතියක් බවයි. 

එතුමා සිදුකල කතාව පහතින් බලන්න

Share this article with your friends