Chitika Smowtion 468x60


Wednesday, April 25, 2012

ලොව ප්‍රථම වතාවට නොකියා සැම්සුන්ග්ට පරාද වෙයි


ෆින්ලන්ත ලෝකප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගමක් වන නොකිආ සමගාමේ දුරකථන අලෙවිය අභිබවා යාමට කොරියානු දුරකථන නිෂ්පාදන සමාගමක් වන සැම්සුන්ග් සමාගම සමත්වී තිබෙනවා.

මෙලෙස නොකියා සමාගමේ දුරකථන අලෙවිය වෙනත් සමාගමකට දෙවෙනි වී ඇත්තේ ප්‍රථම වතාවටයි.

අලෙවි වාර්තා හෙළිකරන පරිදි මෙම වසරේ ජනවාරි මස සිට මාර්තු දක්වා වූ ප්‍රථම කාර්තුවේදී සම්සුන්ග් දුරකථන එකක මිලියන 88 ක් අලෙවි වී ඇති අතර නොකියා දුරකථන අලෙවි වී ඇත්තේ එකක මිලියන 83 ක් පමණි.

ඇන්ජලිනා ජොලි අනුව විවාහය පමා කරන චතුරිකා


ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් සිය පෙම්වතා වන රොෂාන් පිපිටිය සමග විවාහ වීම ප්‍රමාද කරන්නේ ප්‍රකට හොලිවුඩ් නිලි ඇන්ජලිනා ජොලි අනුගමනය කරමින් බව පැවසේ. පසුගියදා ඇය මේ බව කියා තිබුනේ පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ චතුරිකා

චතුරිකාගේ විවාහය ප්‍රමාද ඇයි?
විවාහය ගැන ඔයි තරම් ප්‍රශ්න තියෙන්නේ අපේ රටේ අයට විතරයි. බලන්නකෝ ඇන්ජලිනා ජෝලිට වයස 38 ක් වෙනවා. කව්රුත් අහන්නේ නැහැනේ ඇන්ජලිනා ඇයි බඳින්නේ නැත්තේ කියලා.


අනර්කලීට එරෙහිව කුමන්ත්‍රණයක්


ජනප්‍රිය නිලියක් මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රිනීයක් වන අනර්කලී ආකර්ෂා මෙනෙවිය ටෙලි නාට්‍යය වලින් ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.

ටෙලි නාට්‍යය සඳහා පැමිණෙන ඇයගේ හැසිරීම බොහෝ දෙනෙකුට ප්‍රියජනක නොවීම මෙන්ම පසුගිය කාලයේ ඇය විසින් දිගින් දිගටම ටෙලි නාට්‍යය බාරගෙන ඒවා මග හරිම නිසා ටෙලි නාට්‍යය ශිල්පින් ඇය කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බව වාර්තා වේ.

සාමාජිකයන්ට පමණක් සීමා වූ රියාද් හි අවුරුදු උළෙල


සෞදි අරාබියේ රියාද් නුවර පසුගිය දින (13.04.2012) විශේෂ අවුරුදු උළෙලක් පවත්වන ලදි. එය සාමාජිකයන්ට පමණක් සීමා විය.

මෙම අවුරුදු උත්සවය සංවිධානය කළ විදේශගතවූවන්ගේ සංගමය යනු, සෞදි අරාබියේ තිබෙන එකම නිළ ශ්‍රී ලාංකික සංවිධානයයි. එනම් තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව පවත්වාගෙන යන එකම සංවිධානයයි. 

තවද මෙහි අනුශාසකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රජය මඟින් සෞදියට පත්කර එවන ලද තානාපති තුමා ය. අන් සෑම රටකම අවුරුදු උත්සව ඇතුළුව සියලුම උත්සව සංවිධානය කරන්නේ සියළුම ලාංකිකයන් හටයි. 
සෞදි අරාබියේ රියාද් නගරයේ පමණක් දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 2 ක පමන පිරිසක් වාසය කරයි. එහෙත් මෙම අවුරුදු උළෙල පවත්වා ඇත්තේ සීමිත වූ පිරිසකට පමණි. මෙතරම් ලාංකිකයන් සිටිත්දී එසේ සිදුවිය යුතුද?

අධිවේගී මාර්ගයේ කේක් ලොරියක් ගිනි ගනියි


දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා ගමන් කරමින් තිබු කේක් පටවාගත් ලොරියක් ඊයේ (24) දිනයේදී 74 කිලෝමීටර් කනුව අසලදී ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

ඊයේ දහවල් 1:00 ට පමණ සිදුවූ මෙම අනතුරට හේතුව ලෙස පොලිසිය සඳහන් කරන්නේ ලොරියේ එන්ජිම අධික ලෙස රත්වීමයි.

ගිනි ගැනීමට හසුවූ ලොරිය මුළුමනින්ම පාහේ විනාශයට පත්ව තිබෙන බව වාර්තා වනවා.

රථය ගිනිගත් අයුරු බලන්න පහතින් 

මර්සි එදිරිසිංහ රෝහල්ගත කෙරේ


වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය නිළියක මෙන්ම ගුවන් විදුලි ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ මහත්මිය රෝගාතුර වී රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව වාර්තා වේ.

කාලයක් තිස්සේ කකුලක තිබු වේදනාවක් හේතුවෙන් පරික්ෂා කිරීමෙන් අනතුරුව ගර්භාශයේ ගෙඩියක් ඇති බව සොයාගෙන ඇති අතර පසුගිය 11 වනදා ඇය ශල්‍යයකර්මයකට මුහුණ දී ඇති අතර එමගින් ඇයගේ ගර්භාශයේ තිබු ගෙඩියක් ඉවත්කොට තිබෙනවා.

අධිකරණය ගැන විශ්වාසයක් නැතැයි හිරුණිකා කියයි


තමාට අධිකරණය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැතැයි හිරුණිකා පේ‍්‍රමචන්‍ද‍්‍ර මෙනවිය කියයි.
භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්‍ද්‍ර ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (24) පැවැති නඩු විභාගය අවසන්ව අළුත් කඬේ අධිකරණ සංකීර්ණයෙන් පිටවයමින් ඇය මේබව කීවාය.
තමා අධිකරණයට අපහාස නොකරන බවත් පැවසූ හිරුණිකා, රහස් පොලිසිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට නොගෙන සිටින්නේ ඔහු සැකකරුවෙකු ලෙස අධිකරණය තීන්දු කර තිබියදී බවත් පැවසුවාය.
එවැනි තත්ත්වයක් තුළ අධිකරණයෙන් භාරතට සාධාරණයක් සිදු වේදැයි ඇය ප‍්‍රශ්න කර සිටියාය.

ජෙනරාල්ට ඇප නොදෙන ලකුණු !


හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණය විසින් පමුණුවන ලද වසර 2 1/2ක සිර දඬුවම මෙම මස 26 වැනිදා ගෙවි අවසන් වන නමුත් ඔහුට එරෙහිව ඇති තවත් චෝදනා 02ක් සම්බන්ධයෙන් වූ නඩුවලට ඇප හිමි වීමේ ඉඩකඩ සීමා සහිත බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
සුදු කොඩි නඩුවට අදාළව අභියාචනා විභාගය මැයි 02 සහ 03 දෙදින පැවැත්වෙන අතර, හමුදා සෙබළුන් නීත්‍යානුකුළ නොවන ආකාරයෙන් ළග තබා ගැනීමට අදාළ නඩුව මේ වන විටත් විභාග වේ. එම චෝදනා දෙකටම ඇප ලබා ගැනීමේ හැකියාවක් පවතින බවත්, එසේ ඇප ලැබුණ හොත් ෆොන්සේකා මහතාට තාවකාලිකව නිදහසක් හිමිවන බවත් ඔහුගේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා රාවය පුවත්පතට ප‍්‍රකාශ කර තිබිණ. ඇප ලබා ගැනීමේ ඉඩකඩ සීමාසහිත බව ඉහත සඳහන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා පැවසුවේ, ලද්දුවහෙට්ටි මහතා විසින් කර තිබූ ප‍්‍රකාශය පිළිබඳ අප කළ විමසීමේදීය.

ශ‍්‍රිලනිප මැයි රැළියට ආසන සංවිධායකයෙකුට රු.20,000ක්


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලියට හා රැළියට සෙනග ගෙන ඒම සඳහා සෑම ආසන සංවිධායකවරයෙකුටම රුපියල් විසිදාහක බැගින් වූ මුදලක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
බස් එකකින් හෝ සෙනග ගෙන ඒමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බවට ආසන සංවිධායකයින් රාශියක් පක්‍ෂ මූලස්ථානයට දැනුම් දී ඇති බැවින්, පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව නියෝජනය නොකරන අනෙකුත් සියලුම සංවිධායකවරුන්ට රුපියල් විසිදාහක් බැගින් ගෙවීම සුදුසු බවට ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇත්තේ එම පක්‍ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාය. ඒ අනුව රුපියල් විසිදාහ බැගින් ගෙවන ලෙස ජනාධිපතිවරයා ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

Share this article with your friends