Chitika Smowtion 468x60


Wednesday, January 16, 2013

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක (Shirani Bandaranayake) මහත්මිය විසින් නිකුත් කළ නිවේදනය.

මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග්‍රවිනිශ්චයකාරවරිය වෙමි. 

අග්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් මේ රටේ විනිශ්චයකාරවරුන්, නීතිඥයන් සහ පුරවැසියන් උදෙසා වූ නොසැලෙන වගකීමක් මා වෙත තිබේ. 

මා අද ඔබ ඉදිරියේ නැගී සිටින්නේ අසාධාරණ ලෙස පීඩනයට, අපවාදයට හා හෙළාදැකීමට පත්කරනු ලබමිනි. පසුගිය සති කිහිපය තුළ මා වෙත දක්වන ලද සැලකීම්, ජනරජයෙහි අග්‍රවිනිශ්චයකාරවරිය තබා සාමාන්‍ය පුරවැසියකුවත් නොලැබිය යුතු තරම් වේදනාකාරී ඒවාය. අවුරුදු පනස් හතරක මගේ ජීවිත කාලයෙන් අවුරුදු තිස් දෙකක් අඛණ්ඩව කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මම මගේ මව්බිම වෙනුවෙන් සේවය කර ඇත්තෙමි. අවාසනාවකට ඒ වෙනුවෙන් මට ලැබුණු තෑග්ග නම් මේ අයුක්තිසහගත සැලකිල්ලයි. 


පොලීසය "ඕක ගන්නවා අයිසේ"යි අගවිනිසුරුවරියට කෑගසයි


දෝශාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ජනපති එයට අත්සන්කොට ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් පහකොට නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමේ කාර්යය ඊයේ දහවල් කාලයේදී සිදුවුවා.

ඒ අනුව නව අගවිනිසුරු ලෙස කැමිනට් මණ්ඩල උපදේශක (විශ්‍රාමික නීතිපති) මොහොන් පීරීස් 
ඊයේ (15) දහවල් 12.35 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදුකරනු ලැබුවා.

නව අගවිනිසුරු ධුරයේ දිවුරුම් දීමත් සමග 
ඊයේ සවස්වරුවේ හිටපු සිය පවුලේ උදවිය සමගින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිල නිවෙසින් නික්ම ගි‍යාය. 

පොලීසිය විසින් ඇයට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදුන් අතර අගවිනිසුරුවරිය සිය වාහනයේ යමින් සිටියදී හැඟුම්බරව කල කතාව පහතින් වේ.

Share this article with your friends