Chitika Smowtion 468x60


Tuesday, August 14, 2012

ඔලිම්පික් 2012 සමාප්ති උළෙල


ඔලිම්පික් තරඟාවලිය අවසන් වීමත් සමඟ ඊයේ එහි සමාප්ති උළෙල පැවැත්වුණා. මල් වෙඩි සංදර්ශන සහිත මේ සඳහා ගායනයෙන් Spice Girls, Emeli Sande, Madness, Pet Shop Boys, Ray Davies, George Michael, Jessie J and Annie Lennox සහභාගී වී සිටියා.

ඔලිම්පික් කමිටු සභාපති විසින් ක‍්‍රීඩා උළෙලේ සමාප්තිය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය මීලඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන බ‍්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරාධිපතිවරයා වෙත බාරදෙනු ලැබුවා.

සමාප්ති උත්සවයේ ජායාරූප එකතුවක් පහලින්.




සමාප්ති උත්සවයේ වීඩියෝව පහලින්.

මින්නේරිය ජාතික වනෝද්‍යනයේ කැබිනට් ඇමතිවරයෙක් හෝටලයක් තනයි

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන "Jeew’s Hide Out" නමින් සංචාරක හෝටලයක් තැපැල් සේවා ඇමති ජීවන් කුමාරතුංග විසින් විසින් ඉදිකර ඇත.

හබරණ – පොළොන්නරුව මාර්ගයේ මොරගස්වැව හන්දියෙන් මහසෙන්ගම මාර්ගයේ 4 වන කිලෝමීටර කණුව අසලින් වම් පසට ජාතික වනෝද්‍යානය තුළට වනාන්තරය එළිපෙහෙළි කර අළුතින් සකස් කළ අඩි 10 ක් පමණ පළලින් යුත් කිලෝමීටර 2 ක් පමණ දිගින් යුත් මාර්ගය අවසානයේ ඝන වනාන්තරය තුළ මේ සංචාරක හෝටලය ඉදි කර ඇත.


මෙය පිහිටා ඇත්තේ ජාතික වනෝද්‍යානයේ මායිම් කණු අංක 72 සහ 75 අතර සීමාවේ ය. මේ සම්පූර්ණ ප‍්‍රදේශය ඝන වනාන්තරයෙන් වැසී ඇති අතර මේ හෝටලයේ සිට කිලෝමීටර 6 ක වටා ප‍්‍රදේශය තුළ කිසිදු ජනාවාසයක් හෝ වගා බිම් හෝ මානව ක‍්‍රියාකාරකම් සහිත භුමියක් හෝ දැක ගත නොහැකි අතර සම්පූර්ණයෙන් ම වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරවලින් වැසී පවතී.

පරාජය දරාගතනොහැකිව ප්‍රේක්ෂයන්ට පහරදුන් ජනපති පුතුන්


පෙරේදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවති අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ හටගත් ගැටුමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සම්බන්ධවී ඇති බවට වාර්තා වෙනවා.

මහනුවර කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර පැවැති මෙම තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්ව ඇත.

මෙම තරගයේදී ජනාධිපති පුතුන් තිදෙනා ද නාවික හමුදා කණ්ඩායම නියෝජනය කර ඇති අතර තරගය නිමවීමෙන් අනතුරුව පරාජය දරගත නොහැකි වූ නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් පැමිණි හමුදා සෙබළුන් පිරිසක් ක්‍රීඩා ලෝලීන්ට එලව එලවා පහරදී තිබෙනවා.

සවස් යාමයේ තරඟය හමාර වීමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය සමරද්දී ප්‍රහාරය ආරම්භ කළේ නාවික හමුදාවේ භෞත චිකිත්සකවරයා බව පවසන ලසන්ත විජේසූරිය මහතා, ජනාධිපතිවරයාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවා ප්‍රහාරයට සම්බන්ධ වූ බවටද චෝදනා කරනවා.

Share this article with your friends