Chitika Smowtion 468x60


Wednesday, October 17, 2012

ලංකාවේ ඉදිරි නියං කාල වලට චීනයෙන් කෘත්‍රිම වැසි

රට තුල ඇතිවන ඉදිරි නියං කාලගුණ තත්ත්වයන්ට විසදුමක් ලෙස කෘත්‍රිම වැසි යොදා ගැනිමට රජයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ සඳහා චීන රජය සමඟ සාකච්ඡා කළ බවත් මේ වන විට ලැබෙන වර්ෂාවත් සමඟ නියං තත්ත්වය අවසන්ව ඇති බැවින් ඉදිරියේදි එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට අවශ්‍ය විසදුම් රජය සතු බවයි අපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසා තිබුනේ

චීන රජය කෘතිම වැසි නිර්මාණයට අවශ්‍ය සහාය ලබාදිමට කැමැත්ත පළකර තිබේ. මෙලෙස කෘතීම වැසි ලබාගන්නා ක්‍රම කිහිපයක් තිබේ.


2010 වසරේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ අල්-අයින් නම් කාන්තාර ප්‍රදේශයේ කෘතීම ඇතිකිරීම පිළිබඳව නව ක්‍රමයක් ඉතා රහසිගත ලෙස අත්හදා බැලූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෘතිම වැසි 50ක් පමණ වස්සවා තිබුණා.

මෙම කෘතිම වැසි ව්‍යාපෘතිය සඳහා ඔවුන් ඩොලර් මිලියන 11ක් පමන වැය කර තිබු අතර ඒ සඳහා කුඩයක හැඩයෙන් යුතු විශාල අයනීසර් ඔවුන් යොදාගනු ලැබුවා.

තමා යන මැච් පරදින බව ජනපති පිළිගනී !


ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රිකට් අවසාන තරඟයක් නැරඹීමට පැමිණියොත් එය පරාද වන බවට දැඩි මතයක් ක්‍රිකට් ලෝලීන් අතර ඇතිවී තිබේ. 

පසුගිය අවසන් තරඟ දෙකකදීම ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා පැමිණියත් අවසානයේ සිදුවුයේ පරාජයේ වේදනාවට හසුවූ ක්‍රිකට් ලෝලීන්ගේ චෝදනා වලට ලක්වීමටය.

කෙසේ නමුත් මෙම කාරණය ජනාධිපතිවරයාද මාධ්‍ය හමුවේ සාකච්චාවක් ලබාදෙමින් පිළිගෙන ඇත. ජනාධිපතිවරයා මෙම සාකච්චාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟාවලියට පෙර ලබා දී තිබුනේ"ටයිම්ස් ඔෆ් ඉන්දියා" පුවත්පත වෙතය.

බුදු පිළිම කඩා බිඳ ගිනි තබා අන්‍යාගම්කරණය කරන කල්ලියක් අල්ලයි.

බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අයථාකරයෙන් අන්‍යාගම්කරණය කරනු ලබන හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් වටලා සියලු තතු හෙළිදරව් කර ගැනීමෙන් අනතුරැව පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලය කටයුතු කොට තිබෙනවා.

ඉකුත් 12 වැනි සිකුරාදා රාත්‍රියේදී බොදු බල සේනා සංවිධානය මඟින් පිළියන්දල මඩපාත, බටගැත්තර ප්‍රකදේශයේ නිවසක රුඳී සිටි මෙම කල්ලිය වටලා ඇති අතර එසේ අත් අඩංගුවට ගත් පිරිස අතර දේවගැතිවරැන් දෙදෙනෙකු හා සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වන බවයි පැවසෙන්නේ.


මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පසුගියදා බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී එහි මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්.

"එක පවුලක් හිටියා. මේ පවුලේ පුතාට වයස අවුරැදු 26ක් පමණ ඇති. නම දමිත්. මුලින් තරැණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ මෙම තරැණයා කිසියම් පිරිසකගේ පෙළැඹවිම මත හිටිවනම එක්තරා බැංකුවක සේවය කරනු ලබන තරැණියක් සමඟ විවාහ වෙනවා.

Share this article with your friends