මාස ගනනක පැවති ඉඩෝරය නිමා කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පෙරේදා වර්ෂාව ඇද හැලීමත් සමඟ බහුලව අකුණු ගැසීම් දක්නට ලැබුණි.
හපුතලේ-ලිප්ටන්ස් සීට් ප‍්‍රදේශයේ දී පෙරේදා අකුණුසැර වැදීමෙන් කොරියානු ජාතික තරුණයෙකු හා තරුණියක මියගිය අතර වසරකට ලංකාවේ 40 දෙනෙකු පමණ අකුණු නිසා මියයයි.
එබැවින් අකුණක් යනු කුමක්ද යන්නත්, අකුණකින් බේරීසිටින්නේ කෙසේද යන්නත් ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.
අකුණු ගසන මාස
ශ්‍රී ලංකාවට අවුරුද්දේ වකවානු දෙකක දී අකුණුවල ගැසීම් දක්නට ලැබෙන අතර ඉන් පළමුවැන්න මාර්තු සිට අප්‍රේල් දක්‌වා කාලයයි. එය බක්මහ අකුණු ලෙස හඳුන්වන අතර දෙවැන්න ඔක්‌තෝබර් සිට නොවැම්බර් දක්වා වූ දැනට ගෙවී යන වකවානුවයි
මෙරට නිදහස් අධ්‍යාපනයට සේවයක් කිරීම සඳහා සකස් කර ඇති සියළු අධ්‍යාපන සැලසුම් නිසි ලෙස සම්පූර්ණ කර ඉටුකර දෙන තෙක් "අධ්‍යාපන ඇමති ගෙදර පල" කියලා කවුරු කිව්වත් කිව්වත් තමා ගෙදර නොයන බව අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන පසුගියදා පවසා තිබුණා.
ඔහු ඒ බව පැවසුවේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේදී පැවති උත්සවයකදීය.
සමහරු මේ දවස් වල අපේ ගෙදර ලඟ තාප්පෙ පෝස්ටර් ගහලා තියනවා "අධ්‍යාපන ඇමති වහාම ගෙදර පල" කියලා. මම හිතන්නේ මේක අපේ ගෙදරින් ක්‍රියාත්මක කරන කුමණ්ත්‍රණයක් කියලා. මොකද මම හැමදාම පාන්දරින් ගෙදරින් ඇවිත් ගොඩක් රෑ වෙලයි ගෙදර යන්නේ.
පසුගිය වසර 122ක ඉතිහාසයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 39.1 ක් පසුගිය සිකුරාදා (05) පොළොන්නරුවෙන් වාර්තා වී තිබෙනවා.
පෙරේදා එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.6ක් දක්වා පහල බැස තිබූ අතර මෙම උෂ්ණත්වය තවත් දශම දෙකකින් ඉහල ගියහොත් එය දිවයිනෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි.
මීට පෙර උෂ්ණත්වය පොළොන්නරුවේ ඉහල ගියේ 2011 වසරේ ජූලි 7 වනදාය. ඒ සෙල්සියස් අංශක 36.8ය. පසුගිය වසරේ එම වාර්තාගත උෂණත්වයට වඩා මේ අනුව අංශක 3කින් මෙම වසරේ උෂ්ණත්වය වැඩිවී තිබෙනවා.
ශ්රී ලංකාවේදී මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවති 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථමයෙන් අවසන් වුයේ නිමා වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශූරතාවය දින ගනිමිනි.
මුලින් පන්දුවට පහර දුන් කොදෙවුවන් ලබා ගත්තේ ලකුණු 137ක් පමණි.ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැකිබව පැවසු ක්‍රිස් ගේල් ලකුණු 02කට දැවී ගියද හයේ පහර 06ක්ද සමඟ ලකුණු 78ක් ලබා ගැනීමට මාලන් සැමුවෙල්ස් සමත් විය.
පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කල ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18.4 අවසාන වන විට ලබා ගත්තේ ලකුණු 101 පමණි.ඒ අනුව තරඟයෙන් ලකුණු 36ක ජයක් හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 20-20 ලෝක ශූරයන් ලෙස පත්වුයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම අනුශූරයන් කරමිනි.
තරඟය අතරතුරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද තරඟය නැරඹීම සඳහා පැමිණි සිටි අතර කැමරාවට අත වනා අචාර කල අයුරින් පහතින් බලන්න