Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

එක අරමුණකට යන ජනතා බලවේගයක්


දයාසිරි මන්ත්‍රීතුමා කියල තිබුණ විපක්ෂයේ හැමෝම එකත වුනේ නැත්නම් මේ රජය පරදවන්න බෑ කියල.
ආණ්ඩුවට විරුද්ධව එන අය අතර එකම උවමනාවක් තියෙනව කියල හිතන එක වැරදියි. සමහරු විපක්ෂයේ හිටියට යටින් උදව් දෙන්නේ ආණ්ඩුවටමයි. යූ.ඇන්.පී. ආණ්ඩුවකට වඩා මේ ආණ්ඩුව හොඳයි කියල හිතන අය විපක්ෂයේ ඉන්නව. ඒ අයගැන සමහර විට දයාසිරි තේරුම් අරන් නැතුව ඇති.
විපක්ෂයේ දැන් පොදු අදහසකට අප අතර එකඟත්වයක් ඇති වෙලා විපක්ෂයේ විරෝධය කියල වැඩ පිළිවෙලක් යනව. දැන් ඒකට හුඟ දෙනෙක් එකතුවෙලා ඉන්නේ. දයාසිරිත් කොළඹ මෙන්ම නුවර විරෝධයන්ට එකතු වුනා මට මතකයි. ඒවායින් සෑහෙන බලපෑමක් සමාජයට ඇති වෙලා තියෙනව.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කොට උඩ


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නිල කාලය පසුගිය මැයි 31වනදා අවසන්ව ඇති නමුත් මෙතෙක් ඒ සඳහා කිසිවකු පත් නොකිරීම තුළ එම ආයතනයේ එදිනෙදා වැඩකටයුතු පවා අඩපන වී ඇතැයි වාර්තාවේ.
ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනෙකු වන අතර එහි සභාපතිව සිටි ජයන්පති බණ්ඩාරනායක මහතා දේශපාලන බලපෑම්වලට විරෝධය පළ කරමින් මීට මාස කිහිපයකදී ඉල්ලා අස්විය. ඉන් අනතුරුව වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරුනු ලැබුවේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.සී. ෆඩිනැන්ඩෝ මහතාය. රාජ්‍ය සේවය තුළ මේවනවිට සිටින දුෂිතම නිලධාරියෙකු ලෙස සුප්‍රකට මොහුව එම තනතුර සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කරනු ලැබුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාය.

රජීව් විජේසිංහ පාර්ලිමේන්තුවෙන් ඉවතට ?


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට පත් කර සිටින මහචාර්ය රජීව් විජේසිංහ මහතා එයින් ඉවත් කොට ඔහු වෙත විශේෂ රාජකාරියක් පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම්කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හමුවේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කර ඇති බවට ඔහු වෙත චෝදනා එල්ල වී තිබේ. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට බලපෑම් කරන්නැයි මහචාර්ය විජේසිංහ මහතා එම නිලධාරින්ගෙන් ඉල්ලා ඇතැයි ජනාධිපතිවරයා වෙත වාර්තා වී ඇත.

සනාගේ 'බලගතු' සුර අටක් අතුරුදහන්


පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගේ බලගතු සුර කිහිපයක් පසුගිය සතියේදී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අතුරුදන්ව තිබේ. රනින් නිම වූ සුර අටක් එසේ අතුරුදන්ව ඇත.
ඉන්දියාවේ පැවැත්වෙන 'ජලක් ඩිලාක් ජා' නැටුම් සංදර්ශනය වෙනුවෙන් පෙර පුහුණුවක යෙදී සිටින අතරතුරදී ජයසූරිය මහතාගේ මෙම සුර කිසිවකු විසින් සොරකම් කර ඇත. ජයසූරිය මහතාට එදින නැටුම් පුහුණුව ලබා දී ඇත්තේ හිටුප කි්‍රකට් ක්‍රීඩකයකුවන අකලංක ගනේගම මහතාය.

අගමැති ධූරය ගෝඨාභයට ?


අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා මේ වනවිට රාජකාරී කිරීමේ නොහැකි තත්ත්වයක පසුවන බැවින්, ඔහු වෙනුවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
දිමු ජයරත්න මහතා පසුගිය දින කිහිපයෙහිදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබර්ත් රෝහලේ ප‍්‍රතිකාර ගෙන මේ වනවිට දිවයිනට පැමිණ සිටියද ඔහු සිහිමද ගතියකින් සිටින බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, අගමැතිවරයෙකු පත් කර ගැනීමේ අර්බුදය හේතුවෙන් එය දිිගින් දිගටම කල් දමනු ලැබීය. එහෙත්, ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණ තුන අවසන් වූ වහාම අමාත්‍ය මණ්ඩල සංශෝධයක් කිරීමටත්, එහිදී අග‍්‍රාමාත්‍යවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කිරීමටත් ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

පී.බි. වෙනුවට රංජිත් බණ්ඩාර මුදල් ලේකම් ධූරයට


මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කොට, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය. නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන රංජිත් බණ්ඩාර මහතා මේ වනවිට ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරයි. තවද, මොහු කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කරයි.
1988 - 89 වකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිකයෙකු ලෙස කටයුතු කළ රංජිත් බණ්ඩාර මහතා, එම වකවානුවේදී අත්අඩංගුවට පත්ව රඳවා සිටියදී, ඔහුව මරණයෙන් බේරා ගෙන ඇත්තේ එකල ශී‍්‍ර ලංකා මහජන පක්‍ෂයේ ප‍්‍රධානියෙකුව සිටි සරත් කෝන්ගහගේ මහතාය.

නොරොච්චෝලේ සවුදමට යටින් යල් පැනගිය උපකරණ ?


නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි හා තෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා අයෝජනය කර ඇති යන්ත‍්‍ර සූත‍්‍ර යල් පැනගිය තාක්‍ෂණයෙන් යුතු බවට තහවුරු වී තිබේ. මෙලෙස ආනයනය කර ඇති යන්ත‍්‍ර සුත‍්‍ර 1956 වසරේ චීනයේ ගල්අගුරු බලාගාරවල යොදා ගනු ලැබූ ඒවා බව හෙළි වී ඇත.
පසුගිය නොවැම්බර් 27 වනදා සිදු වූ ගෑස් කාන්දුවක් නිසා එම බලාගාරයේ ගින්නක්ද හට ගැනිනි. දිනකට මෙගා වොට් 300 ක විදුලි ධාරාවක් සැපයූ මෙම බලාගාරය අකී‍්‍රය වීම නිසා විදුලි මණ්ඩලයේ පාඩුව දිනකට රුපියල් ලක්‍ෂ 80 ක් බව විෂය භාර අමාත්‍ය චම්පික රණවක මහතාද පසුගියදා පවසා තිබිණි.

හම්බන්තොට වරායට සුදු හුණු ගෑමට ‘හුන්ඩායි’ ගිවිසුමක් ?


අසාර්ථක ව්‍යාපෘතියක් වූ හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ වරාය සාර්ථක බව පෙන්වීම සඳහා කොරියාවේ ප‍්‍රධාන පෙළේ රථ වාහන නිෂ්පාදන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව කොළඹ වරාය සීමාවේ සිට හම්බන්තොට වරායට ගෙන යන ප‍්‍රවාහන වියදමද අදාළ සමාගමට ගෙවීමට ආණ්ඩුව පොරොන්දු වී ඇත.

ලංගමයේ මිලියන 2,025 ක අලාභයක් ?


ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය ලබන අලාභය රුපියල් මිලියන 2,025 ක් දක්වා ඉහළ ගොස් ඇත. දුර්වල කළමණාකරණය හා වංචාව, දූෂණ මෙන්ම, දේශපාලන පත්වීම් ලබන සේවකයන් වැඩිවීම යන කාරණා ගමනා ගමන මණ්ඩලය පාඩු ලැබීමට ප‍්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
පරිපාලන දුර්වලතාවයන් නිසා දිගින් දිගටම පාඩු ලබමින් පැමිණි ගමනා ගමන මණ්ඩලය පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව මුදල් යොදවන ලදී. 2010 වසරේදී ගමනා ගමන මණ්ඩලය පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 4,469 ක මුදලක් ලබාදී ඇත. ඒ එම වසරේදී ලංගමය ලැබූ රුපියල් මිලියන 21,560 ක ආදායම ලංගමයේ නඩත්තුව සඳහාවත් ප‍්‍රමාණවත් නොවුනු බැවිනි.

උදුල් ප්‍රේමරත්න යුග දිවියට


එකල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුමකරු උදුල් ප්‍රේමරත්න පුවත් මවන චරිතයක් ව සිටියේය.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරත් පසුව ඉන් වෙන්වී පෙරටුගාමීසමාජවාදී පක්ෂයට එක්විය.අප වෙත දැනගන්නට ලැබුනේ උදුල් ප්‍රේමරත්න පසුගියදා යුග දිවියට එළඹ ඇති බවයි.

උදුල් හා උදුල්ගේ මනාලිය සමග ලබා ගත් ජායාරුපයක් පහතින් බලන්න

සරත් ෆොන්සේකා නිදහස් කිරීම පසුපස සැබවින්ම සිටියේ ටිරාන් අලස් ද?


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේදී තිරය පිටුපස දැවැන්ත කාර්යභාරයක් ඉටුකල තරුණ වෛද්‍යයවරයකු ටිරාන් අලස්ගේ බලපෑම නිසා කොන්කර දමා තිබේ.

ජෙනරාල් නිදහස් කරගත්තේ තමන් යැයි කියමින් පාරමිබාන ටිරාන් අලස් සත්‍යය හෙලිවීම වැලැක්වීම සදහා ෆොන්සේකා පවුලට බලපෑම් කරමින් අදාල වෛද්‍යවරයාට පසුගිය කාලයේ පල නොකියා පලා ඛෙදා තිබේ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට අපත් සමග සමීපව කටයුතු කල අදාල වෛද්‍යවරයාගේ ආරක්ෂාව සලකා අප එතුමන්ගේ අනන්‍යයතාවය හෙලිනොකරන අතර, එතුමන්ගේ උත්සාහයට කෘතගුණ සැලකීමක් හෝ නොකොට එලවා දැමීම නිසා ඇති වූ කලකිරීමෙන් හා අපට අවසන් කරන්නට නොහැකි වූ ජෙනරාල් නිදහස් කරගැනීමේ කාර්යය ඉටුකිරීම වෙනුවෙන් අපගේ ප්‍රණාමය එතුමන්ට පුදකිරීම උදෙසා අප මෙය පල කරන්නට තීරණය කලෙමු.


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂට බලපෑම් කර ඇත්තේ ඇමරිකානු ජනාධිපති බැරුක් ඔබාමා බව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක් වී තිබේ. 


ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම් - 12.06.10

කොල්ලකරුවන් පිරිසක් පෙරේදා රාත්‍රී වතුපිටිවල නගරයේ වෙළදසැලකට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 4 ක මුදල් කොල්ල කා පලා පලාගොස් තිබෙනවා.

රාත්‍රී 9 ට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි ඔවුන් එහි තිබු මුදල් කොල්ල කා ඇති අතර එම අවස්ථාවේ වෙලඳසැළේ සිටි අය දනගස්වා ඔවුන්ගේ තිබූ වටිනා දේවල්ද ඔවුන් රැගෙන ගොස් තිබෙනවා.

ඔවුන් පළා යාමෙන් පසු ඒ අසල සිටි අයෙක් මෝටර් රථයකින් ඔවුන් ලුහු බඳිමින් එක යතුරු පැදියක් හප්පා අනතුරට පත් කර ඇති අතර අනතුරට පත් කොල්ලකරුවන් පලා ගොස් තිබෙන්නේ ඒ අසල තිබූ වෙනත් යතුරු පැදියක නැඟීමෙන්.



උපේක්ෂා ගේ සැමියාට එරෙහිව තිබු නඩුව සමථයකට?


ජනප්‍රිය නිලි, පාර්ලිමේතු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදී තුවාල සිදු කරන ලදැයි අගේ සැමියාට එරෙහිව පවරා තිබු නඩුව සමතයකට පත්කර ගැනීමට දෙපාර්ශවය කැමැත්ත පලකොට තිබේ.

මෙම නඩුව සමථයකට පත්කරගැනීම සඳහා පැමිණිලිකාර පාර්ශවය විසින් කැමැත්ත පලකොට ඇති අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විදුර මංචනායක මහතා පවසා ඇත්තේ සමථ කිරීමට අවශ්‍යය පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත්කොට ඇති සමථ කොන්දේසි විමසා බලා තීරණයකට එළඹෙන බවත් එම කොන්දේසි ගැටළු සහගත නම් නඩුව දිගටම පවත්වාගෙන යන බවත්ය.

දිනුෂා ගේ දෙවන ගමන

Ceylon Motor Show 2012



සිරකරුවන් හමුවීමට අලුත් ක්‍රමයක්


බාහිරෙන් පැමිණෙන පුද්ගලයන් සිරකරුවන් හමුවීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට යෝජනා වී ඇත.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ දැනට පවතින ක්‍රමය යටතේ යකඩ දැලක් එපිට සිට සිරකරුවා හමුවීම මගින් යම් යම් දෑ සිරකරුවන්ට ලබා දීම හේතුවෙනි.

ඒ අනුව මෙම දුර්වලතාවය වැලැක්වීම සඳහා වීදුරු වලින් සිරකරුවා හා ඔහු බැලීමට එන පුද්ගලයා වෙන්කොට දුරකථන මාර්ගයෙන් මුහුණට මුහුණ බලාගෙන කතා කිරීමේ ක්‍රමවේදය ලංකාවටද හදුන්වා දීමට යෝජනා වී ඇත.

ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන ක්‍රීඩකයන්ට තරඟ තහනමක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප මෙයට පෙරහෙළි කළා.

එම ක්‍රියාමාර්ගයත් සමග ඉදිරියේදී තවත් ක්‍රීඩකයන් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීම සඳහා ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරියේදී නවතම නීතියක් ගෙන ඒමට සුදානමින් සිටින බව 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වනවා.


යශෝධා - නාලන් මෙන්ඩිස් හාදකම ප්‍රතික්ෂේප කරයි


එකල ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක වූ යශෝධා විමලධර්ම මෑත කාලයේ ටෙලි නිර්මාණ වල දක්නට ලැබුනේ ඉතා අඩුවෙන්ය.

දැන් ඇය 42 වන වියේ පසුවන අතර මේ දිනවල පැතිර යන කට කතාවකින් කියවුනේ යශෝධා විමලධර්මත් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙකු වූ නාලන්ද මෙන්ඩිස් සමගත් හාදකමක් හටගෙන ඇති බවයි.

නමුත් පසුගියදා පුවත්පතකට අදහස් පළකර ඇති ඔවුන් දෙදෙනා එම ප්‍රේම සම්බන්ධය ප්‍රතික්ෂේප කොට ඇත.

මේ පිලිබඳ අදහස් දක්වන යශෝධා

Share this article with your friends