Chitika Smowtion 468x60


Sunday, December 25, 2011

ලාභ ලබලා තියෙන්නේ, සුරාබදු ආයතනය විතරයි. මේක තමයි රටේ ආශ්චර්යය – සරත් ෆොන්සේකා


“ලාභ ලබලා තියෙන්නේ, සුරාබදු ආයතනය විතරයි. මේක තමයි රටේ ආශ්චර්යය“ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ, ඊයේ(23) ‍කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආ අවස්ථාවේදීය. ඔහුගේ උරහිසේ සහ දණ හිසේ හටගෙන ඇති ආබාධවලට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සඳහා එලෙස රෝහලට රැගෙන විත් තිබුණි.
සරත් ෆොන්සේකා මහතා දැක්වූ අදහස් මෙසේය.
“රජයේ ආයතන 87ක පසුගිය අවුරුද්දට මිලියන් 10,000ක් පාඩුයි. ලාභ ලබලා තියෙන්නේ, සුරාබදු ආයතනය විතරයි. මතට තිත තියලා. මේක තමයි රටේ ආශ්චර්යයි, සංවර්ධනයයි”

රණ විරුවන් කළ කැප කිරීමට මුළු ජාතියේ ම ප‍්‍රණාමය හිමි විය යුතුයි


kaluthara War_Heroes_Shelteredජනාධිපති ලේකම්
කළගුණ සැලකීම අපේ මුළු ජාතියේ ම ලක්‍ෂණයක් වන බැවින්, රට රැක ගැනීම සඳහා උදාර රණ විරුවන් දිවි හිමියෙන් කළ කැප කිරීමට රණ විරුවන් වෙනුවෙන් සමස්ත ජාතියේ ම ප‍්‍රණාමය පිරිනැමීම සැමගේ යුතුකම බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

ජනාධිපති ලේකම්තුමා මේ බව පැවසූවේ, රට වෙනුවෙන් දිවි පිදූ උදාර රණ විරුවන් උදෙසා රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත ක‍්‍රියාවට නංවා ඇති “අපි වෙනුවෙන් අපි” රණවිරු නිවාස ව්‍යාපෘතියේ 07 වැනි අදියර යටතේ කළුතර දිස්ත‍්‍රික්කයේ ඉදිකළ රණ විරු නිවාස 29ක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රණ විරු පවුල්වලට පිරිනැමීම වෙනුවෙන් කළුතර රජවත්ත ක‍්‍රීඩාංගණයේ අද (24) පැවැති උත්සවයට එක් වෙමිනි.

ජනාධිපතිතුමන්ගේ නත්තල් සුබපැතුම් පණිවිඩය


HE mahinda rajapaksa
අද (25) දින යේසුස් ක්‍රිස්තුගේ උපත සමරන සියල්ලන් සමඟින් මා නත්තලේ ප්‍රීතිය බෙදාගන්නේ ඉමහත් සතුටිනි.

මනුෂ්‍ය සංහතිය සඳහා නත්තලේ කතන්දරයෙහි විශිෂ්ට අර්ථයක් ඇත. බෙත්ලෙහෙමේ ගවහලක දෙවියන්ගේ පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුගේ උපත මේ උත්සව සමයේ නත්තල් සීනු නාදයත් සමඟ පැතිරෙන නිහතමානීත්වය. දයාව හා බෙදාහදා ගැනීමේ පණිවුඩය ප්‍රබල ලෙස සිහිගන්වන්නකි.
 
ක්‍රිස්තියානි දයාවට දුප්පතුන් හා සාමාන්‍ය ජනයා සමඟ ප්‍රබල බැදීමක් ඇති බවටත්, එය අප සමඟ මේ ලෝකය බෙදාගන්නා අනෙක් සියලු ම සත්ත්වයින්ටත් දැක්විය යුතු බවටත් ජේසු බිළිඳා බැටළුවන් මධ්‍යයෙහි ඉපිද පිදුරු ඔරුවක වැතිර සිටීම, දෙවියන්ගේ පුත්‍රයාට පළමු පඬුරු එ‍ඬේරුන් විසින් පුද කිරීම ආදියෙන් පෙනේ.
 
දයාව හා පරිත්‍යාගය පතුරුවන මෙම කාලයේ දී ජාතිය, ජන වර්ගය, ආගම, කුලය, ධනවත්කම හෝ සමාජ තරාතිරම යන මේ කුමකින් වුව ද මිනිසුන් බෙදාදමන බාධක කඩා දැමීමට ක්‍රිස්තියානීහු බලාපොරොත්තු වෙති.
 

"එයාගේ බිරිඳගෙන් එයාව උදුරගන්න යනවා" ?? ඒ කතාව සම්පූර්ණ බොරුවක්.


නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා හා නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි නුගේගොඩ ප‍්‍රදේශයේ නිවසක එකට වාසය කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.කෙසේවුවද කාවිංග අක්ෂා සමඟ එකට වාසය කිරීම ආරම්භ කර ඇත්තේ කාවිංග සමඟ විවාහ ගිවිසගෙන සිටි තරුණිය ද අමතක කර බව පැවසේ.අක්ෂා හා කාවිංග එක්ව කොළඹ නගරයේ අවන්හලක් ආරම්භ කිරීමට සූදානමක් පවතින බවත්, දෙදෙනා එක්ව මෝටර් රථයක් මිලදී ගැනීමට සූදානමක් ඇතැයි ද මේ අතර, වාර්තා වේ.


අක්ෂා විසින් කාවිංගට ආදරයට අමතනුයේ ‘සෝනු’ ලෙස බවත් පැවසේ.සෝනු යන්න හින්දි භාෂාවට අනුව රත්තරං යන අර්ථය දැක්වීමට අක්ෂා විසින් කාවිංගට මෙලෙස අමතන බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.එසේම කාවිංග ආදරයට අක්ෂාට යොදා ඇති සුරතල් නාමය ‘බේබි’ බව ද පැවසේ.මේ අතර, පසුගියදා ඩානස් ස්ටාර්ස් ඩානස් වැඩ සටහනෙන් චූලා පද්මේන්ද්‍ර ඉවත්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුවට යළි එක්වීමට අවස්ථාව ලද කාවිංග, ඉන් යළි ඉවත් කරන්නේ නම් ඊට පෙර තමා ඉවත් කරන ලෙස අක්ෂා ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්‍ෂ වරයෙකුගෙන් අවිහිංසක ඉල්ලීමක් කර අතැයි ද වාර්තා වේ.

මොහාන් පීරිස් සාක්‍ෂියට කැඳවයි


මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා 2010 දෙසැම්බර් 20 වැනිදා සිට අතුරුදහන් කර තිබීම සම්බන්ධයෙන් ගොනු කර ඇති ‘හබයාස්කෝපුස්’ නඩුවේ සාක්‍ෂිකාරයෙකු ලෙස කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා කැඳවීමට හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා තීරණය කර ඇත.
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහේස්ත‍්‍රාත්වරයා මෙම තීරණය ලබාදී ඇති අතර, ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබේ.

ටිරාන්ගේ ප‍්‍රකාශ බාධාවක් - එජාප නායකයින් ජෙනරාල්ට කියයි


ජෙනරාල් ෆොන්සේකාට ජනාධිපති සමාවක් ලබා ගැනීමට තමාට ජනාධිපතිවරයා සමග මාස දෙකක් තිස්සේ සාකච්ඡුා කරමින් ඔහු හා එකඟතාවයක් ඇති කර ගැනීමට උත්සාහ කරන බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා මාධ්‍ය වෙත කර ඇති ප‍්‍රකාශ ජෙනරාල් නිදහස් කර ගැනීමේ සටනට උරදී සිටින පිරිස්වල කි‍්‍රයාමාර්ගවලට බරපතළ බාධාවක් වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ නායකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ සරත් ෆොන්සේකා මහතාට ප‍්‍රකාශ කර ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
එසේම, ජෙනරාල් ෆොන්සේකා ජනවාරි මාසයේ නිදහස් වන බවට මාධ්‍ය ඔස්සේ පළ වී ඇති වාර්තා හේතුවෙන්, ජෙනරාල් නිදහස් කරන ලෙසට රජයට බල කරමින් දෙසැම්බර් 10 වනදා ආරම්භ කළ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයද අඩපණ වී ඇතැයි එම නියෝජිතයින් පිරිස පවසා තිබේ.

ආසනික් ඇතැයි කියූ කෘෂි රසායන නිදහස්


පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩු දුන් ආසනික් මිශ‍්‍ර යැයි රේගුව විසින් රඳවා තබා ගත් කෘෂි රසායන තොගයේ අහිතකර ලෙස ආසනික් අඩංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය හා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් ‘පලිබෝධ නාශක උපදේශ කමිටුව’ රසායනාගාර පරීක්‍ෂණයෙන් පසු තීරණය කොට ඒ බව ශී‍්‍ර ලංකා රේගුව වෙත දන්වා යවා ඇති බව පලිබෝධ නාශක රෙජිස්ටාර් ආචාර්ය අනුර විජේසේකර මහතා ප‍්‍රකාශ කළේය.
දැන් කළ යුත්තේ එම කෘෂි නාශක තොගය වෙළඳපොළ වෙත නිකුත් කිරීම බව තමා පෞද්ගලිකව රේගුව වෙත දැනුම් දී ඇති බවත් පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා කීය.

Share this article with your friends