Chitika Smowtion 468x60


Monday, April 23, 2012

මේක මගේ නමට කැළලක්‌ ඇතිකරන්න හදපු කුමන්ත්‍රණයක්‌ - ඇන්ජලා කටඋත්තර දෙයි


මෙම සිද්ධියට ම කිසිසේත් සම්බන්ධ නෑ...
හැම ප්‍රශ්නයකම ඇය ඇන්ජලා පිළිතුරු දෙයි...

බ්‍රිතාන්‍යයේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක්‌ තමාගේ නමට එවීමේ සිද්ධිය පිළිබඳව ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පොලිස්‌ මත්ද්‍රව්‍ය විමර්ශන නිලධාරීන් හමුවට පැමිණ කටඋත්තරයක්‌ දුන්නාය. 

මෙම සිද්ධියට තමා කිසිසේත් සම්බන්ධ නැති බව ද මෙම මත්ද්‍රව්‍ය පාර්සලය එවූ කොල්ලුපිටියේ හඩ්සන් පාරේ අංක 67 දරන නිවසේ තමා පදිංචි වී සිටියේ මීට වසර දහයකට පමණ පෙර බව ද ඇය එම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

85% ම මම ප්‍රතික්ෂේප කළා - උමාලි


මම චරිත තෝරාබේරාගැනීමක් සිදුකළා. 
ඉදිරියටත් එහෙම කරයි....
මම ගීත 04 ක් පටිගත කළා...

පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස ප්‍රේක්ෂකයින් අතර වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගත් ඇය "රෝස වසන්තේ", "මදර් තෙරේසා කල්කටා", "ආසයි මං පියාඹන්න" හා "නිනෝ ලයිව්" වැනි චිත්‍රපට ඔස්සේ රිදී තිරයට පිවිසීමට ද අවස්ථාව හිමිකරගත්තාය. 

මේ දිනවල සිය අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් ඇය ජපානයේ රැඳීසිටියි.ඇය උමාලි තිලකරත්න. . .


*ජපාන චිත්‍රපටයක් සඳහා ඔබ ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන බව දැනගන්න ලැබුණා. ඒ ගැන කතාකළොත්?

මුබාරක් ලක්ෂ 10 ක ශරීර ඇප මත නිදහස්


නිදහස් කිරීමට අධිකරණය නියෝග කරලා...

රිය අනතුරකින් මරණයක් සිදුකිරීමට අදාළව හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වූ ජෙහාන් මුබාරක් මහතා රු.ලක්ෂ 10 ක ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 

ජැක්සන්ගෙන් විනුට ආරාධනා


දෙරණ මිස් ශ්‍රීලංකා 2012 තරඟය ආන්දෝලනාත්මක එකක් වුයේ එහි අවසන් ප්‍රතිඵලය ගැටළු සහගත වූ නිසයි.එම හේතුවෙන් විනු සහ සුමුදු සම ජයග්‍රාහිකාවන් ලෙස කිරුළු පැලඳු අතර අවසන් තරඟය වෙත ඉදිරිපත් වන්නේ තමායයි සුමුදු ගොසිප්9 වෙත ප්‍රකාශ කරන ලදී.

අවසන් තරඟයේදී ඇතිවූ තත්වය සම්බන්ධයෙන් විනු උදානි පවසන්නේ මෙවැන්නක්

මිස් වර්ල්ඩ් තරගෙට ඉදිරිපත් වෙන්නේ විනු ද?සුමුදු ද?
ඒ ගැන නම් හරියටම දන්නේ නෑ. අපි දෙන්නාගෙන් තේරීමක් කරලා ඒ තරගෙට එක් කෙනෙක්ව ඉදිරිපත් කරයි. නමුත් ඒ කාල වකවානුවෙම තවත් ජාත්‍යන්තර තරග හතරක් විතර පැවැත් වෙනවා. අපි දෙන්නා ලැබෙන අවස්ථාවන් අනුව අපේ රට නියෝජනය කරාවි.

දයාන්ගේ නිවස ගිනි අරන්


ප්‍රවීන ජායරුපශිල්පි දයාන් විතාරණ මහතාගේ නිවස පසුගිය 16 වනදා ගිනි ගැනීමකට ලක්ව ඇත.නිවසේ විදුලි මීටරයට අකුණක් ගැසීමෙන් මෙම ගිනි ගැනීම හටගෙන ඇත.

මෙම ගින්න පැතිරයන අවස්ථාවේ දයාන් විතාරණ මහතා නිවසේ නොසිට ඇති අතර ඒ අවස්ථාවේ ඔහු ජාතික රුපවාහිනියේ අවරුදු කුමාරිය තේරීමේ තරඟයේවිනිශ්චය ලබා දෙමින් සිට ඇත.

මෙම ගිනිගැනීම දුටු අසල්වාසීන් ඒ පිලිබඳ දුරකතනයෙන් දයාන් විතාරණ මහතාට දන්වා ඇති අතර ඒ අනුව ඒ මහතා විසින් කෝට්ටේ නගරාධිපතිතුමා හා රාජගිරිය පොලිසියටත් සිද්ධිය දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව මාලිංග ප්‍රතික්ෂේප කරයි


වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත පිරිනමන කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

එයට හේතුව වන්නේ වාර්ෂිකව එම කොන්ත්‍රාත්තුව ඔස්සේ ලැබෙන මුදල් ප්‍රමාණය ඔහුට සෑහීමට පත්වීමට නොහැකි බවයි ඔහු පවසන්නේ.


සාමාන්‍යයෙන් ඉහල ශ්‍රේණිගත කිරීම් කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක කොන්ත්‍රාත් කාලය සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදෙනු ලැබුවත් ආබාධ හේතුවෙන් මාලිංග දැනට සහභාගී වන්නේ එක්දින තරඟ හා සීමිත පන්දු තරඟාවලි සඳහා පමණක් වන බැවින් එයින් ඔහුට හිමිවන්නේ 40% ක ප්‍රමාණයකි.

ගායක සතිෂ් පෙරේරා මෙලොව හැර යයි


ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා කොළොඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යනවිට එතුමා 43 වියේ පසුවිය 

සතිෂ් පෙරේරා යනු නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතනුවන් වේ.

සතිෂ් පෙරේරා විසින් නව සංගීතය මුසුකල "අවසන් ලියුමයි ඔබට ලියන්නේ" "එගොඩහ යන්නෝ" ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ගීත වේ.

අපි දෙන්නා පෙම්වතුන් විදියට විතරක් නෙමෙයි සහෝදර සහෝදරියන් විදියටත් රඟපාලා තියෙනවා.


ජනප්‍රිය යොවුන් නළු මේනක රාජපක්ෂ පසුගියදා සිය බිරිඳ විරන්ගි ගෙන් දික්කසාද වූ බව අප මෙයට පෙර ලිපියකින් හෙළි කළා.

නෙහාර පිරිස් ගේ දික් කසාදයෙන් පසු මෙසේ මේනක රාජපක්ෂ දික් කසාද වීමත් "ආදරණී නයගරා"ටෙලි නාට්‍යය අතරතුර නෙහාර - මේනක පෙම් ජවනිකා හේතුවෙනුත් මේනක හා නෙහාරා අතර සම්බන්ධයක් ඇති බව විවිධ මාධ්‍යය ඔස්සේ පළවුනා.

නමුත් පසුගියදා මාධ්‍ය වෙත අදහස් කල මේනක රාජපක්ෂ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේපකොට තිබෙනවා.

නෙහාරා - 
මේනක සමබන්ධය කට කතාවක් බව පමණක් කියන මෙනකගේ කතාව පහතින් බලන්න

ඇමෙරිකාවට, බ්‍රිතාන්‍යයට හෝ බටහිර බලවතුන්ට ලංකාව දෙසට ඇඟිල්ල දිගු කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බවද පැහැදිලිව කිවයුතු වෙනවා.


ඡිනිවා යනු ස්විට්සර්ලන්තයේ කැන්ටෙනා 23 ට අයත් එක් පලාතකි. සුදෝ සුදුවන් ඇල්ෆ්ස් කඳූවැටිය හිමි කරගත් ප්‍රංශයේ නැගෙනහිර දේශ සීමාවට එක්වු ප්‍රංශ බස කථා කරන සුප්‍රසිද්ධ නගරයකි.


ලෝක ප්‍රසිද්ධ බැංකු හිමියෝ, ධණ කුවේරයෝ, රජවරු, කුමාරවරු කුමාරියෝ , රාජකීය හොරු මෙහි ජීවත්වෙති. ඒ අතරට ලෝකයේ ජාත්‍යයන්තර සංවිධාන මුලස්ථානයන් වැඩි ප්‍රමානයක් පිහිටා ඇත්තේද මෙම නගරයේය. සමහර අවස්ථාවල ලෝකයේ පැවැත්ම පිළිබඳ තීන්දු තීරන ගන්නේද මෙම නගරයේය. උක්ත කරුනු හේතු කොට ජීනිවා නගරය ලෝකයේ බොහෝ දෙනාගේ කථා බහට ලක්වෙති. පසුගිය දිනවල › ලංකාව තුලද ජීනිවා නම සියලූ දෙනාගේ කථා බහට ලක්වුනේය. එයට පටපැඳූනු එල්එල්ආර්සී, උගත් පාඩම් කොමිසම, මානව හිමිකම්, යුධ අපරාධ යන සිංහල ඉංග්‍රිසි වාක්‍යයද කියවුනේය. ඒවා සමාජය තුල කථීකාවටද භාජනය වුනේය. සුපුරුදු ලෙස කැමැති අයද සිටිති. අකමැති ඇත්තෝද නැත්තේ නොවේ. විරුද්ධයෝද සිටිති. කිසිම දෙයක් නොදන්නෝ ගොඩක් සිටිති. ඕන බම්බුවක් යනුවෙනුත් සිටිති. සමහරු නිදි වරති.එය සමාජයේ හැටිය. ඉහත සියලූම කොටස් හැම කථීකාවකම සිටිති. ලෝක දර්මය එයයි. එබැවින් උක්ත කරුන කේන්ද්‍රය කොට ඒ වටා ඇති පරිධිය සම්බන්ධ වන ජීනිවා වෘත්තය ගැන පැහැදිලි කර ගැනීමට එම විෂය සමග ඇසුරු කර ඇති ඒ සම්බන්ධව විද්වත් විචාරයක් ලබා ගැනීම කාලෝචිත බැවින් ප්‍රංශයේ › ලංකා තනාපති ආචර්ය දයාන් ජයතිලක මහතා මුණ ගැසුනෙමි.

ශ‍්‍රිලනිපය දියවී යාම වළක්වා ගැනීමට ප‍්‍රතිසංවිධානයක්


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පැවතියද පක්ෂයක් ලෙස ශ‍්‍රීලනිපය දවසින් දවස දියවී යාමේ අවධානමකට ලක් වී ඇති බැවින්, වහාම පක්‍ෂය ප‍්‍රතිසංවිධාන කළ යුතු බවට පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා කළ යෝජනාවකට අනුව පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය වී ඇති අතර, ඒ අනුව එහි සමාරම්භක ව්‍යාපෘතිය මැයි මස 12,13 දෙදින අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
1992- 1993 වකවානුවේදී අනුරුද්ධ රත්වත්තේ මහතා විසින් ක‍්‍රියාවට නංවන ලද ශ‍්‍රිලනිප ප‍්‍රතිසංවිධාන වැඩසටහනට අනුව මෙවර ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළද ක‍්‍රියාවට නැංවෙන අතර, ඒ අනුව එම දෙදින තුළ අනෙක් දිස්ත‍්‍රික්කවල ආසන සංවිධායකයින් හා ක‍්‍රියාකාරිකයින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඡන්දපොළ කොට්ඨාශ මට්ටමින් එම ව්‍යාපෘතියට සහභාගී කරවීමට කටයුතු යොදා තිබේ.

ඩිලාන්ගේ කණ පලන බව ජනාධිපති කියලා


මින් ඉදිරියට සීමාව ඉක්මවා කටයුතු කළහොත් "කණ පලන" බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට තරවටු කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට එක්ව අමාත්‍යධූරයක් ලබා ගත් ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ කාර්යාලයට පහර දීම පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා වෙතය.
ඒ පිළිබඳව සිදු කළ පරීක්‍ෂණවලදී ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක් එයට සම්බන්ධ වී ඇති බව නාගරික සංවර්ධන හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

ශ‍්‍රිලනිපය තුළ ගෝඨා විරෝධය උත්සන්න වේ


නාගරික සංවර්ධන හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර බලවත් විරෝධයක් මතු වී තිබෙන බවත්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මේ වන විට ප‍්‍රසිද්ධියේම ඔහුව විවේචනය කරන තත්ත්වයක් මතු වී ඇති බවත් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි මතවාදයක් ගෙන යෑමට පෙරමුණ ගෙන සිටින්නේ හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාය.

Share this article with your friends