Chitika Smowtion 468x60


Monday, April 16, 2012

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා දිගටම මැණික් හොරකමේ


මීට පෙර වාර්තාවකින් අප ඔබට පැවසුවේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයියා විසින් ලුණුගම්වෙහෙරින් හමුවූ මැණික් ඉල්ලමේ මැණික් සහිත පස් හමුදාව යොදවා රැගෙන යන පුවතකුයි.

දහවල් කාලයේ ඉල්ලම් සොයන පුද්ගලයන් හමුදාව ලවා මර්ධනය කළ ඇමතිවරයා ඔවුන් කිහිප දෙනෙකුට රාත්‍රියේ ප්‍රහාරද එල්ල කරමින් රාත්‍රී කාලයේදී තමන්ගේ ටිපර් රථ ගෙනවිත් මැණික් සහිත බොරළු පස් එතුලට දමාගෙන ගොස් තිබුණා.

ඉන්පසු කීප විටක්ම රජයට අයත් වාහන යොදාගනිමින් අමාත්‍යවරයා මෙලෙස මැණික් ඉල්ලම් රැගෙන ගොස් ඇති අතර වෙන්දේසි කළ ඉඩමකින් පසුගිය 12 වනදා හොර රහසේ ඉල්ලම් රැගෙන ගිය අවස්ථාවේ අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් පිරිසක් ට්‍රැක්ටරයක් සමඟින් කතරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුර

උත්සව සමයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු 15 ට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති බව එම මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ටී.කේ රණසිංහ මහතා පවසනවා. වර්ෂාව සහිත අවස්ථාවලදී අධික වේගයෙන් රිය පැදවීම මෙයට හේතුවී ඇති බවයි රණසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර පසුගිය 15 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගය එක් දිනක් තුල ඉපයූ වැඩිම ආදායම වන ලක්ෂ 51 මුදලක් උපයා තිබෙනවා.

අද උදෑසනද අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරක් සිදුවී තිබුණු අතර වාසනාවට මෙන් එම රථයේ සිටි කිසිවෙකුට හානියක් සිදුවී නොතිබුණි. එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින් බලන්න 



ජායාරුප : ඉසුරු වීරතුංග


ජනපතිගේ රන් සුරය ගැන කරුණු හෙළි වෙයි


Updated 1:30pm
ජනපතිගේ යන්ත්‍රය - වජ්‍රා 

ජනපතිගේ අතෙහි ඇති මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්‍රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැදින්වෙනවා. මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

11:10 pm
මෙයට පෙර අපි ලිපි කිහිපයක් මගින් හෙළි කර සිටියේ ජනපති සුරතේ නිතර දක්නට ඇති "යන්ත්‍ර රාජයෙකු" පිළිබඳවයි. ජනතාව වශී කිරීමට භාවිතා කරන සුරයක් ලෙසද ඇතැම් ය එය හදුන්වා දී තිබුණි.

නමුත් "අද" පුවත්පත මගින් මෙම සුරය පිලිබඳ වැදගත් කරුණක් හෙළිකර තිබුණි. එනම් එම සුරය කොරියානු ජ්‍යෝතිෂයට අයත් රන් සුරයක් බවයි.

"අද" පුවත්පතේ පලවූ එම විස්තරය සහිත ජායාරුපය පහතින් බලන්න


සුරාජ් රන්දිව් ගේ කැදැල්ලට දියණියක් එක්වෙයි


ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු බලඇණියට මෑතකදී එකතුවූ දඟපන්දු යවන්නන්න අතරින් සුරාජ් රන්දිව් නිතැතින්ම අයත් වනවා.

පසුගිය අප්‍රේල් දෙවනදා සුරාජ් ගේ කැදැල්ලට අලුත් අමුත්තියක් එක්වුයේ සුරාජ් රන්දිව්ට පිය පදවිය ලබාදෙමින්.

සුරාජ් නම් කියන්නේ ඒක අලුත්ම අත්දැකීමක් කියලයි.ඒ පිලිබඳ විස්තර කරන සුරාජ් 

සරත් ෆොන්සේකා වෙත ලබා දුන් "දවසේ නිදහස" ප්‍රතික්ෂේප කරයි


මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු දා රාවයක් පැතිර ගියේ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට යන බවකි.

නමුත් එවැනි නිදහස් වීමක් සිදු නොවුන අතර සරත් ෆොන්සේකා මහතා වෙත ලබා දුන් "දවසක නිදහසක්" ද ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වනවා.

යහපත් කල් ක්‍රියාවෙන් මත සිටින සිරකරුවන් සඳහා සතියක නිදහසක් ලබා දී ඔවුන්ට සිය පවුලේ උදවිය සමග ගත කිරීමට අවස්ථාවක් ලබා දීම සාමාන්‍යය බන්ධනාගාර ක්‍රමය වේ.


මුල් පුරවැසි අවුරුදු සැමරුම්


ජනපති අතින් කිරිබත් කෑල්ල බිම වැටුනද? (වීඩියෝ)

රටේ ජනතාව අවුරුදු සමරන විට රටේ මැති ඇමතිවරු බොහෝ දෙනෙකු සිටින්නේ ලොව කොහේ හෝ රටකය.

තමන් රාජ්‍යත්වයේ සිටිමින් ජනතාවට සේවය කරන බව කීවද අවරුදු සමය උදාවන විට ඔවුන් සිය ජනතාව අතහැර විසේශයකට ගොස් අවුරුදු සමය අවසන් වූ පසු ලංකාවට නැවත පැමිණීම චාරිත්‍රයක්ව තිබුණි.

නමුත් රටේ මුල් පුරවැසියා ලෙසින් ජනතාව සමග අවරුදු සමරමින් අවරුදු ගණනාවක් යහපත් ආදර්ශයක්ලොවට ලබා දීමට වත්මන් ජනපති සමත්විය.

මෙවරද උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය විසින් තංගල්ල කාල්ටන් නිවසේදි සිදු කරන ලදී.

එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න 


Share this article with your friends