පලා යන්නේ නැතිව අරගල කළ යුතු බවත් ‘වෙනසක තාරුණ්‍ය’ සංවිධානය පිහිටුවන්නේ ඒ සඳහා සියලු ක්ෂේත්‍රවල තරුණ තරුණියන් ඒකරාශී කිරීමට බවත් එම සංවිධානයේ කැඳවුම්කරු වරුණ රාජපක්ෂ මහතා පවසයි. නව තරුණ ව්‍යාපාරය පිහිටුවීම පිළිබඳව දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය. ඊට ‘වෙනසක තාරුණ්‍ය’ කැඳවුම්කරු වරුණ රාජපක්ෂ, ජාතික කමිටු සාමාජකයින් වන ගයනි කොඩිතුවක්කු, යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් පලනිවෙල් රිචඩ් යන අය සහභාගි වූහ.
එහිදී අදහස් දැක්වූ වරුණ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
“පවතින සමාජය විසින් පීඩාවට පත් කළ තරුණයන්ගේ මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිවයි ‘වෙනසක තාරුණ්‍ය’ ආරම්භ කරන්නේ. විවිධ ක්ෂේත්‍ර, පරිසර, ක්‍රීඩා, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, කලාව, තරුණ ජනමාධ්‍යවේදීන් සියලු දෙනාගෙන් මෙම ව්‍යාපාරය සමන්විතයි. ‘වෙනසක තාරුණ්‍ය’ පවතින සමාජය වෙනස් කිරීමේ අපේක්ෂාව සහිත සංවිධානයක්. පවතින ධනවාදය පවත්වාගෙන යාමට ඒ වෙනුවෙන් තරුණයන් වෙනස් කරන්න ජනාධිපතිවරයාගේ පුත්‍රයා හදපු ව්‍යාපාරයක් තිබෙනවා. ඒක ඇත්තටම තරුණයාට හෙටක් නොවෙයි ජනාධිපතිවරයාගේ දරුවන්ට හෙටක් හදන්න ඇති කළ එකක්. ඊට වෙනස්ව සමාජය වෙනස් කිරීම අරමුණු කර ගත් ව්‍යාපාරයක් අවශ්‍යයි.