Chitika Smowtion 468x60


Friday, September 13, 2013

නෑනා කැමති නෑ මට ...



ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බට දඬු නළා...
ජය පැන් බොන සෙබළ ‍රැලක් - විලසට හඬ තල තලා....
රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා...
අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා...

පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලිකරන්
පාසැල්යන දෙවට දිගේ - නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

Share this article with your friends