දැනට රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දෙන්නැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයේ නායිකා තමිලිනීට සමාව දී ඇය පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ආණ්ඩුව විරෝධය පළ නොකරන්නේ නම්, එම ආකල්පය රැඳවුම් භාරයේ සිටින අනෙක් එල්ටීටීඊ සැකකරුවන් වෙනුවෙන්ද අනුගමනය කළ නොහැක්කේ මන්දැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරයේ මනෝ ගනේෂන් ප්‍රශ්න කරයි.
නීතිපති වරයාගේ අනුමැතිය පළවීමෙන් අනතුරුව තමිලිනී පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන මෙන් අධිකරණය පසුගිය සතියේ බලධාරීන්ට නියෝග කළේය.