Chitika Smowtion 468x60


Saturday, July 28, 2012

GCE A/L results still in a pickle – SB’s solution makes it worse

Owing to the egregious blunders committed in the GCE adv. Level examination results , changing of muddled up results and the lunatic Z score markings , the GCE adv. Level students who sat the exam in 2011 had to face undue hardships and acute sufferings for which the architect is the Govt. examination Dept. Yesterday , (26) , the National University youth Front and Lanka Teachers service Association with the participation of a large number of students staged a massive demonstration in front of the University commission Board.


At these protests , a story related by one girl student to the media brought tears to the eyes of the journalists . She has obtained three ‘A’s , but under the new lunatic scheme , she had been deprived of a place in the University. She was overtaken with emotion and said , she has to sit again for the exam to be held in a week because of the eccentricity prevailing in the Ministry and the education Dept. But she hasn’t the wherewithal to sit again, she sobbed .



මැෂින් තුවක්කු දෙක බාර දීල පෝයට සිල් ගන්න - මිනීමැරුම් සැකකරුට උසාවියෙන් දුන් අපූරු නියෝගය


මිනිමැරුම් වෝදනාවක් සම්බන්දයෙන් වසර හතක් පොලීසියෙන් කට්ටි පනිමින් සිට බාරවූ මැරවරයෙකුට තමා ළඟ ඇති ටී 56 මැෂින් තුවක්කු දෙක පොලීසියට බාර දී පෝයට සිල් ගන්නැයි අධිකරණ තීන්දුවක් දෙන රටක් ලෝකයේ ඇති ද?


ඒ රට ශ්‍රි ලංකාවය. මැරවරයා වෙනින් කව්රැත් නොව 2010 මහා මැතිවරණයේ දී නාමල් රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ යෝධයකු වූ ජුලම්පිටියේ අමරේ ය. තීන්දුව දුන් විනිසුරැ මහාධිකරණ විනිසුරැ චන්ද්‍රෙස්න රාජපක්ෂය. පොලිස් කොට්ඨාශය හම්බන්තොට මිද්දෙනිය ය. දිනය 2012 අප්‍රෙල් 23 දා ය.



පටිනැති රියදුරා එළියට විසිවී මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ මැද යකඩවැට කඩාගෙන අනිත් පැත්තට හැරුණු ඩබල්කැබ් රියක සිටි ගාල්ල දංගෙදර රියදුරා ආසනයෙන් ඉවතට විසිවී පාරට වැටී රියට යටවී මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. කොන්ත්‍රාත්කරුවකු වන ඔහු ආසන පටිය නොපැළඳ සිටි බව ද කැබ් රථයේ වායු රයිපලයක් සහ විශාල මන්නා පිහියක් තිබූ බව ද පොලීසිය පවසයි.

රජරට ගොවියෝ වීදි බසිති


බැංකු වලින් ගත් වගා ණය කපා හැරීම, නියං සහනාධාර ලබා දීම, බිත්තර වී ලබාදීම සහ වගාහානි සඳහා වන්දියක් දෙන ලෙස ඉල්ලමින් ගොවි සංවිධාන 22 ක ගොවීහු පන්දාහක් තඹුත්තේගම නගරයේදී උද්ඝෝෂණයක් කළහ. පෙළපාළි ද ගියහ.
මේ නිසා අනුරාධපුර කුරුණෑගල පාර අවහිර විය.

අම්මලා දෙන්නෙක්, තාත්තලා දෙන්නෙක් ලබා දෙන නීතියක්


සාමාන්‍යයෙන් දරුවෙකුට මව්වරුන් කිහිපදෙනකු හෝ පියවරුන් කිහිපදෙනකු හිමිකම් කියූ විට නීතියේ මැදිහත්වීම මත එම දරුවාගේ නියම දෙමාපියන් හඳුනාගෙන ඔවුන්ට භාර කෙරේ. නමුත් එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දරුවන්ගේ හිමිකාරත්වය සම්බන්ධයෙන් එවැනි සංකීර්ණ තත්ත්වයන් මින් පසු මතු නොවනු ඇත. ඒ දරුවෙකුගේ හිමිකාරත්වය එක් දෙමාපිය යුවළකට නොව මවුපියන් කිහිපදෙනකුට හිමිවන පරිදි එම ප්‍රාන්තයේ නීති සංශෝධනය කිරීමත් සමගය.
එරට සෙනෙට් සභිකයෙකු වන මාර්ක් ලිනෝ විසින් ගෙන එන ලද මෙම නවතම සංශෝධනයේ අරමුණවී ඇත්තේ දරුවන්ගේ උපරිම යහපත ආරක්ෂා කිරීම යැයි කියවේ.

සම්බාහනහල ගණිකා තිප්පොලක් ලු

ගල්කිස්ස ටෙම්පලර් පාරේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා අහි කළමණාකාරවරිය සමග කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. කළමණාකාරවරිය සර්වාංග ආයුර්වේද ‍‍ වෛද්‍යවරියක් වන අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචි කාරියකි.

කමල් අද්දරආරච්චි පොලිසියෙන් කට්ටි පනී


පසුගියදා නාරාහේන්පිට වටලනු ලැබූ ගණිකා මඩම මෙහෙයවූ බව කියන ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි මේවනතෙක් පොලිසියට කට යුත්තරයක් ලබාදී නොමැති බව වාර්තා වේ.මේ සම්බන්ධව පොලිසියට ඉදිරිපත්වී ඇත්තේ ගණිකා වෘතියේ යෙදවූ තායි කතුන් දෙදෙනාත් එහි කළමනාකරුත් සහය කළමනාකරුත් පමණි. 

මේ සම්බන්ධව පොලිසිය විසින් කමල් අද්දරආරච්චි හට පොලිසියට ප්‍රකාශයක් කරන ලෙස දැන්වුවද කමල් අද්දරආරච්චි හෝ ඔහුගේ ව්‍යාපාරික මිතුරා මෙවන්ව්තෙක් පොලිසියට ඉදිරිපත්වී නොමැත.පොලිසිය කල සොයාගැනීම් වලදී හෙළිවී ත්තේ තායි කතුන් දිගටම ගණිකා වෘතියේ තබාගැනීම් සඳහා මෙම ව්‍යාපාරයේ මහමොලකරුවන් ඔවුන්ගේ ගුවන් බලපත්‍ර තමා බාරයේ රඳවාගෙන ඇති බවයි.

ලන්ඩන් ඔලිම්පික් 2012 සමාරම්භක උත්සවය



දුෂ්‍යන්ත් වීරමන් ප්‍රසංගයට සුදානම් වන අයුරු

යෞවනයේ ප්‍රසිද්ධ ගායකයෙකු මෙන්ම නර්තන ශිල්පියෙකු වන දුෂ්‍යන්ත් වීරමන් මේ දිනවල සජිවී ප්‍රසංගයක් සඳහා පුහුණුවෙමින් සිටින අතර එම ප්‍රසංගය "දේදුන්න වගේ දුෂ්‍යන්ත් වීරමන් ලයිව් ඉන් කොන්සර්ට්" ලෙස නම්කොට ඇත.

කොළොඹ ශාන්ත ජෝශප් විද්‍යාලිය ශ්‍රවනාගාරයේදී මෙම ප්‍රසංගය හෙට (28) දිනයේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රසංගය සඳහා දුෂ්‍යන්තගේ සුදානම පහතින් බලන්න


Photography By Digital Eye Studio Gamini Chamara





Share this article with your friends