Chitika Smowtion 468x60


Wednesday, July 11, 2012

ස්ත්‍රී දුෂක ශ්‍රීලනිප සභාපතිගේ පැටිකිරිය

කාන්තාවන් 100 ක් සමග යහන්ගත වීමේ ප්‍රීතියට සාද දැමු සුනිල් 

සීමා මායිම් නැති මනුස්සකම තේමා පාඨය කරගනිමින් ඉකුත් ප්‍රාදේශීය සභා ජන්දයේදී අකුරැස්ස ප්‍රාදේශීය සභාව වෙනුවෙන් වැඩිම මනාප ලබා ගනිමින් සභාපති ධුරයට පත් වුයේ සාරුව ලියනගේ සුනිල් නොහොත් SLS සුනිල්. මාරගොඩ සුනිල් කියන්නේ මොහුටය. 

'අකුරැස්සට SLS සහතිකය' ලබා දෙන බව පොරොන්දු වෙමින් මේ සත්ගුණවත් දානපතිය 'SLS සමාජ සේවා පදනම' නමින් පදනමක් ආරම්භ කළේය . 

මේ දානපතියා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග බිමට ගෙන ඒමට කටයුතු කලේ චන්ද්‍ර රාජපක්ෂ නම් මහින්ද රාජපක්ෂ ගේ ඥාති සොහොයුරෙකු විසිනි. 88/99 රාජ්‍ය භීෂණ සමයේ යුධ හමුදා රියදුරෙක් ලෙස සේවය කල මාරගොඩ සුනිල් යුධ හමුදාවෙන් පැනවිත් කොළඹ දේශපාලන රැකවරණ ලබමින් සිටියේය. 



කලා වැවට ආ දඬුමොණරය


පසුගිය 06 වනදා පස්‌වරු 3.34 ට පමණ කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජායාරූප ගැනීමට ගිය ප්‍රවීන ජායාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.

එම ජායාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.

මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්‍රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.



Share this article with your friends