දෙවන යුද අධිකරණය විසින් හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබූ මාස 30 සිර දඬුවම බන්ධනාගාර නීතිරීතීන්ට අනුව පසුගිය 26 වනදා අවසන් වුවද, එය ප‍්‍රතික්‍ෂේප කර ඇති නාගරික සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයා, ෆොන්සේකා මහතාට එම චෝදනා යටතේ නියම කළ දඬුවම අවසන් වන්නේ ලබන වසරේ මාර්තු මාසයේදී බව නීතිපති දෙපාර්තමේන්තුව හරහා බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
බන්ධනාගාර නීතිරීතීන්වලට අනුව, ඕනෑම සිරකරුවකුගේ සිර දඬුවම් කාලය තීරණය කිරීමේදී ඉරුදින, පොහෝදින. නිදහස් දින ආදී වශයෙන් වූ දිනයන් ‘‘සමා කාලයන්’’ ලෙස සලකා වසරක සිර දඬුවම් කාලයක් මාස 08යි, දින 10ක් ලෙස ගණනය කරනු ලබයි. ඒ අනුව, ෆොන්සේකා මහතාට දෙවන යුද අධිකරණය විසින් පැන වූ වසර දෙකහමාරක සිර දඬුවම අපේ‍්‍රල් 26 වනදායින් අවසන් විය.