Chitika Smowtion 468x60


Sunday, May 6, 2012

අපි මෙහෙමද කෑවෙ බිව්වෙ? - අපිට මොකද වෙන්න යන්නෙ?


ලාංකික මධ්‍යම පාංතිකයාගේ වත්මන් ඛේදවාචකයෙන් බිඳක් ..!

බෞද්ධයන්ගේ උතුම් දිනය වූ වෙසක් පෝය දිනයට පෙර රජතුමා විසින් ජනතාවට තවත් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු.350 කින් ද කිරි පිටි කිලෝ එකක් රු. 163 කින් ද සිමෙන්ති කොට්ටයක් රු.70 කින්ද ඉහල දමමනි. 4 වෙනිදා දහවල් වන විට මධ්‍යම රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිත ලෙස මිල වැඩි වීම ප්‍රකාශයට පත් කළේය. බොහෝ පාරිභෝගිකයින් මෙන් මා ද 4 වෙනිදා සවස හිස් ගෑස් සිලින්ඩරයක් පටවා ගෙන පවතින මිලට ගෑස් මිලදී ගැනීම සදහා මාර්ග අවතීර්ණය වීමි. මා ජීවත් වන රත්මලාන ආශ්‍රිත සෑම ගෑස් කඩයක්ම එක්කෝ වසා තිබිනි, නැතිනම් 'ගෑස් අවසානයි' යනුවෙන් දැන්වීමක් එල්ලා තිබුණි. මා මෙන්ම ගෑස් සිලින්ඩර වාහනයේ දමා ගෙන, මෝටර් සයිකලයේ බැඳගෙන නැතිනම් ත්‍රී වීල් රථ වල පටවා ගෙන පැමිණි ජනයා ගෑස් වෙළඳ සැල් අසල බලාපොරොත්තු බිඳ ගෙන නැවත හැරී යමින් සිටියේ මැද මුලන ජන මූල නායකයාගේ ජාතක කථාව සිහිපත් කරමිනි. රජතුමා ගේ මව් පාර්ශවය විශේෂයෙන්ම සිහිපත් කළ ජනී ජනයා සහෝදරයින්ගේ ගුණ ගායනයටද අමතක නොකළෝය. සමහරෙක් විජය රජතුමාට ඇති සිංහ ලේ නෑ කම මෙන් මැද මුලන ජන මූල නායකයාට ඇති වෙනත් සතුන්ගේ ලේ නෑ කම් පිලිබඳ විවිධ කථා කියා සිටියේ ජන මූල නායකයාගේ වංශ කතාව ගැන නිරතුරුවම උනන්දු වන ඉතිහාසඥ ජක්සන් ඇන්තනීට අතිශය වැදගත් ඓතිහාසික මූලාශ්‍ර රාශියක් ලබා දෙමිනි. වැටලීමක් කිරිමට අවශ්‍ය නම් 7 වෙනිදා සිට නව තොග ලැබීමට පෙර නව මිල ගණන් යටතේ පරණ ගෑස් විකුණන වෙළඳුන් අල්ලා ගැනීමට පාරිභෝගික අධිකාරියට හැකියාව ඇත.

ද කොරියාවේ ගින්නකින් ශ්‍රී ලාංකියන් 3 ක් මරුට

දකුණු කොරියාවේ බූසාන් නගරයේ කැරෝකේ අවන්හලක සෙනසුරාදා ඊයේ (05) රාත්‍රියේ ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකු ඇතුලූ පුද්ගලයන් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. දකුණු කොරියානු යොන්හැප් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ සය මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක මෙම ගින්න ඇති වූ බවය. දකුණු කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් තිදෙනා කැරෝකේ අවන්හලට ගොස් ඇත්තේ තමන් සේවය කරන සමාගම පැවැත්වූ සාදයකට සහභාගිවීම සඳහාය. ගින්නෙන් තුවාල ලැබූ තවත් 20 දෙනෙකු රෝහල් ගත කර තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් සියයකට වැඩි පිරිසක් එක්වී තිඛෙන අතර ගින්න ආරම්භවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මිය ගිය ශ්‍රී ලාංකිකයන්ගේ නම් ගම් මෙතෙක් තානාපති කාර්යාලයට ලැබී නැතැයි පැවසේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා දකුණු කොරියාවේ සංචාරයක් කර සිය රට පැමිණියේ පසුගිය සතියේදීය.

දුම්රිය ඉඩම් සමාගමකට පැවරේ ?


මාතර කතරගම දුම්රිය මාර්ගය අයත් මාරකොල්ලිය අක්කර 120ක භූමිය ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ උපදෙස් මත ආර්.එම්.ජේම් කන්ස්ට්‍රක්ෂන් නැමැති පෞද්ගලික සමාගමකට පවරා දී ඇත. දුම්රිය මාර්ගය ඉදිකිරිම සඳහා අත්පත් කර ගත් මෙම ඉඩම පෞද්ගලික ආයතනයකට පැවරීමේන් නැවත ඉඩම් අත්පත්කර ගැනීමට සිදුවන අතර එහි පාඩුව දැරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ.


ලබා දී ඇති ඉඩමේ මහාමාර්ග සඳහා උපයෝගී කරගන්නා කාපට් මිශ්‍රනය නිපදවීමේ කම්හලක් ආරම්භ කර තිබේ. ලංකාවේ බහුතර මාර්ග සඳහා කාපට් මිශ්‍රන නිපදවන්නේ මෙම කර්මාන්ත ශාලාවෙනි. විජේසූරිය වත්ත, තල්ගහකොරටුව, දළුවත්ත යන ඉඩම් මෙම අක්කර 120ට ඇතුළත්ය. අදාළ ව්‍යාපාරිකයාට පවරා ඇති ඉඩමට කොක්ආර වැව, බූ වැව, උඩගෙඩියාව වැව ඇතුලූ කුඩා වැව් පහක්ද ඇතුළත්ය. වගා කළ හැකි කුඹුරු අක්කර 50ක්ද මේ නිසා පුරන්වීමට ඉඩ ඇත.

අන්තර් ජාතික නීති කඩකරමින් කම්කරු මර්දනයට නව නීති ?


අන්තර් ජාතික කම්කරු සංවිධානය විසින් සම්මත කර තිඛෙන කම්කරු අයිතිවාසිකම් පවා උල්ලංගනය කරමින් කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමේ නව නීති සම්පාදනය කිරීමට ආණ්ඩුව සුදානම් වන බව වාර්තාවේ.
කම්කරු අයිතිවාසිකම් සේම හාම්පුතුන්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා විය යුතු බව සඳහන් කරමින් එම නීති සම්පාදනය කිරීමට සූදානම් වේ. වෘත්තීය සමිති මෙම කම්කරු විරෝධී පියවරට දැඩි ලෙස විරෝධය පළ කර ඇත. අලූතින් හඳුන්වා දීමට යන නීති මගින් අන්තර ජාතික කම්කරු සංවිධානය සමඟ එකඟවී තිඛෙන්නේ 87වන සහ 98වන සම්මුතීන් උල්ලංගනය වන බව අන්තර් සමාගම් සේවක සංගමය පෙන්වා දෙයි. එහි සභාපති වසන්ත සමරසිංහ මහතා පවසන්නේ 87වන සම්මුතිය මගින් කම්කරුවන්ට සංවිධානය වීමේ අයිතිය හා 98 සම්මුතිය මගින් සාමූහික කේවල් කිරීමේ අයිතිය සුරැකී තිඛෙන බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉඩමක් පෞද්ගලික පරිහරණයට ?


රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සතු දඹුල්ලේ පිහිටි පර්චස් 41.23ක ඉඩමක් තානායමක් ඉදිකිරීම සඳහා කොලොන්නාවේ පදිංචි පුද්ගලයකුට ලබා දී ඇත.
මෙම ඉඩම අදාළ පුද්ගලයාට ලබා දී ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මාර්තු 24වන දින නිකුත්කර ඇති එම්.ඩී/යූ.ඩී/01/75 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුවය.

පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි ?

2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌ නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌ විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති.

මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.

නවීකරණය කල දහඅට වංගුව අද ජනතා අයිතියට


රුපියල් කෝටි 500ක වියදමින් සංවර්ධනය කෙරුනු මහනුවර - මහියංගණය 18 වංගුව මාර්ගය අද (06) ජනපති අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

නව මාර්ගය සංවර්ධනයේදී අඩි 50 ක පළලක් සහිතව මෙම මාර්ගයනිමවා තිබෙනවා.ඒ අනුව කන්ටේනර් රථ දෙකකට වුවද එකවර මෙම පාරේ මාරුවීමට හැකියාව තිබෙනවා.


විවිධ දේශගුණික තත්ත්ව යටතේ අනතුරු අවම වන ආකාරයට මෙම මාර්ගය නිමවා ඇති අතර මෙයට පෙර දහඅට වංගු පාරේ මහියංගනයේ සිට මහනුවරට පැය තුනහමාරක් ගතවූ ගමන අද සිට පැය එකහමාරකින් නිම කල හැකි බව මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පවසනවා.

නවීකරණය කල දහඅට වංගුවේ ජායාරුප එකතුවක් හා වීඩියෝවක් පහතින් බලන්න 

වෙසක් අසිරිය



සිංගප්පුරුවේ පිහිටා ඇති එකම බෞද්ධ විහාරස්ථානය වන "ශ්‍රී ලංකාරාමයේ" වෙසක් සැමරුම පහතින් බලන්න 
ජායාරුප එව්ව්වේ : මංගල තිලිණ


ශක්ති ජනක පාන වලට ඔබත් කැමති ද? එහෙනම් අනිවාර්යෙන් කියවන්න.


ශක්ති ජනක පාන වර්ග බීම නිසා තරුණ තරුණියන්ගේ දත් දිරායාම දෙගුණයකින් ඉහළ යන බවට දන්ත වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවනවා .

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත්තේ ඇමෙරිකාවේ වරලත් දන්ත වෛද්‍ය ආයතනයයි.

ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව ශක්ති ජනක පාන මෙන් ම ක්‍රීඩකයන් භාවිත කරන පාන මගින් ඇතිවන සෞඛ්‍ය හානිය කිසිදු අයුරකින් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි මට්ටමක පවතින බවයි සොයාගෙන තිබෙන්නේ.

අදාළ බීම වර්ගවලට දින පහක් දත් නිරාවරණය වුවහොත් දන්ත එනැමලයට බරපතළ හානි සිදුවෙන බව එම පරීක්ෂණ කණ්ඩායම වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.


උදාරි දැන් ගායිකාවක්


චිත්‍රපට රංගනයෙන් ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසුරිය මේ දිනවල සිය දරු ප්‍රසුතිය සඳහා සිංගප්පුරුව බලා යාමට සුදානමින් සිටිනවා.

කෙසේ නමුත් එයට පෙර ඇය විසින් ගායනා කල ගීතයක් මාධ්‍යයට මුදාහැරීමට ඇය කටයුතු කර තිබුනා.

රංගන ශිල්පිනියක් මෙන්ම ගායිකාවක් වීමටද ඇය තුල තිබු ආශාව මුදුන් පත්කරගැනීමට මෙම ගීතය තුලින් ඇයට හැකිවී තිබෙනවා.

මෙම ගීතය නිර්මාණය කිරීම සඳහා භාතිය - සන්තුෂ් ඇයට උදව් වී තිබෙනවා.සම්පත් ප්‍රනාන්දුපුල්ලේ විසින් රචිත ගීතය සංගීතවත් කර ඇත්තේ භාතිය විසිනුයි. 

උදාරිගේ ගීත ගැයීමේ හැකියාව පහතින් අහන්න 

නදීෂා මව් පදවිය ලබයි


ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි නදීෂා අලහප්පෙරුම පසුගිය මාසයේ මව් පදවිය ලබා ඇතැයි වාර්තා වේ.

බොහෝ කලක සිට ඇය මේ වෙනුවෙන් කැපවී රංගනයෙන් ඉවත්වී සිටි අතර තවත් අවරුද්දකින් පමණ ඇය නැවතත් රඟපෑම් කටයුතු සඳහා එක්වීමට නියමිතයි.

පසුගිය අප්‍රේල්  23 වනදා කොළොඹ ආසිරි රෝහලේදී උපත ලැබූ පුත් රුවන හේතුවෙන් නදීෂා හා අගේ සැමියා වන අමිල මේ දිනවල සතුටින් කල්ගෙවන බවයි වාර්තා වන්නේ.




Share this article with your friends