Chitika Smowtion 468x60


Thursday, June 7, 2012

ජාතික කොඩිය රාජපක්ෂගේ නොවේ


බිම දමා පිළිස්සීම නීති විරෝධීයි: චැනල්-4 ප්‍රචාරය නිසා වන්දි අයකර ගත හැකියි!

ඊයේ ශ්‍රී ලංකා රෙජීමාධිපතිවරයා 
බ්‍රිතාන්‍යයේ නැවතී සිටි හෝටලය අසල බි්‍රතාන්‍යයේ පදිංචි දෙමළ ජාතිකයන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් කෙළේ රෙජීමාධිපති මහින්ද රාජපක්ෂ යුද අපරාධකරුවෙකු ලෙස නම් කරමිනි. එහිදී උද්ඝෝෂකයෝ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය බිම දමා පුළුස්සා විරෝධතා පැවැත්වූහ. මෙය බ්‍රිතාන්‍ය චැනල් -4 සේවාවේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේදී විකාශය කෙරිණ.

මෙය පැහැදිලිවම 
බ්‍රිතාන්‍ය
 නීතිය අනුවත් යුරෝපා සංගමය විසින් අත්සන් තබා ඇති මානව හිමිකම් ගිවිසුම අනුවත් 
ශුද්ධ වස්තූන් කෙළෙසීමේ වරදට හසුවන්නකි. ජාතික කොඩියක් යන්න ගැනෙන්නේ ශුද්ධ වස්තුවක් ලෙසටය.

එවැනි කි්‍රයාවක් මාධ්‍ය ආයතනයක් විසින් විකාශය කිරීමද වරදක් මෙන්ම පිළිගත් මාධ්‍ය සදාචාරයන්ටද අනුකූල නොවන්නකි.

මහින්ද රාජපක්ෂ යුද අපරාධ කරුවෙක්ද? නැතිද? යන්න විසඳාගත යුතු ප්‍රශ්නයකි. නමුත් උද්ඝෝෂකයන් බිම දමා පිළිස්සූ ජාතික කොඩිය මහින්ද රාජපක්ෂගේ කොඩියක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සිංහල මුස්ලිම් දෙමළ සහ අනෙක් සුළු ජාතීන් ද ආගම්ද නියෝජනය සංඛේතවත් කරමින් නිමවා දැනට ලොව පිළිගෙන තිඛෙන ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ය. 
ශුද්ධ වස්තුවකි.

සංචාරක රූ රැජින හා ආසියානු විවාහක රූ රැජින තේරීමේ ජායාරූප එකතුව

2012 ජාත්‍යන්තර සංචාරක රූ රැජින හා ආසියානු විවාහක රූ රැජින සඳහා තරඟ සඳහා ලංකාව නියෝජනය කරන තරඟකාරියන් තෝරාගැනීම මේ දිනවල කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වෙනවා.

මෙම තරග ඉසව් දෙක සඳහා තරගකාරියන් 12 දෙනා බැගින් තෝරා ගැනීමක් සිදු කරන ලද අතර ජාත්‍යන්තර රූ රැජින තෝරාගැනීම සඳහා හෙට දිනයේ අවසන් තරඟය පැවැත්වීමට නියමිතයි. එම තරඟාවලිය අතරතුර ගත් ජායාරූප එකතුවක් පහලින්.



හම්බන්තොට වරායට පළමු නැව ගෙන්වා ගනී


හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි මෙතෙක් එම වරාය නඩත්තු කරමින් පවත්වාගන ගියේ.

2011 වසරේ විවෘත කළ හම්බන්තොට වරායට නැව් නොපැමිනීම හේතුකොටගෙන මැයි මස 31 වන දින සිට ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ වරායට පැමිනෙන වාහන රැගත් නැව් හම්බන්තොර වරායට යා යුතු බව අප්‍රේල් 3 වෙනිදා නිවේදනය කිරීමෙන් පසු වාහන රැගත් පළමු නෞකාව ඊයේ හම්බන්තොට වරායට සේන්දුවුණා.

Share this article with your friends